Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

ජාවා – JAVA

1381516_585905244807333_1980836484_n
මේක ජාවා ගැන නොදන්න කට්ටියට සරලව කියල දෙන්න හදන වෑයමක්. අපි මුලින්ම බලමු මේ ජාවා කියන්නේ මොකද්ද කියලා.
ජාවා කියන්නේ 3 වෙනි පරම්පරාවේ programming language (High level) එකක්.Programming නොදන්න කෙනෙක්ට මුලින්ම ජාවා ඉගන ගන්න ලේසියි. ජාවා ලේසි උනාට මේකෙන් කරන්න බැරි වැඩක් නෑ  (3 වෙනි පරම්පරාවේ language වල තියන විශේෂ ලක්ශණය තමයි ඒවා මිනිස්සුන්ට තේරුම් ගන්න ලේසියි වගේම ගොඩක් ලේසියෙන් අපේ වැඩ කර ගන්න පුලුවන්.)
ජාවා කරලියට ආවේ 1995 Sun Microsystems (දැන්නම් මේක ORACLE අරගත්තා) වෙතින්. ජාවා අපි අතරට ආවේ James Gosling, Patric Nughton, Mike Sheridan කියන 3 දෙනා පටන් ගත්ත ‘Oak’ කියන project එකේ ප්‍රතිඵලයක් විදියට.
සමහර විට කට්ටිය අහල ඇති SmallTalk කියල language එකක් ගැන. ඒක තමයි 1st OO (object oriented ) language එක. ඒ උනාට OO language එකක් විදියට වැඩියෙන්ම ජනප්‍රිය උනේ ජාවා.
ජාවා ලක්ශණ – Java characteristics.
    • මේක සෑහෙන සරලයි.
    • ඕනේ operating system එකක run කරන්න පුලුවන්. (හැබැයි එහෙම කරන්න JVM java virtual machine එක තියෙන්න ඔනේ) ඒ ක්යන්නේ ජාවා portable.
    • programming කරනකොට අපිට RAM එක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ. ජාවා ඒක අපි වෙනුවෙන් බලා ගන්නවා.
    • මේක කොහොමත් OO language එකක්
    • Multi threaded. (සරලව කිවුවොත් මේ කියන්නේ අපිට එක program එකක් ඇතුලේ තව program ගොඩක් run කරවන්න පුලුවන්. eg – Media player එක ගත්තොත් එකේ video එක play වෙනකොට අර පොඩියට තියන seek bar එකත් වැඩ, sounds වැඩ, time එක පෙන්නනවා මේවගේ වැඩ හෙන ගානක් වෙනවා ඒවා තමයි Thread)
    • Robust
    • Secure
    • මේකට සත පහක් වත් ගෙවන්න ඔනේ නෑ
ජාවා platform එක component කීපයක එකතුවකින් හැදුනු එකක්.
    • Java SE – ගොඩක් වෙලාවට මේක use කරන්නේ Desktop application හදන්න
    • Java EE – මේක තමයි අදටත් Enterprise Application හදන්න ලෝකේ වැඩියෙන්ම  පාවිච්චි කරන platform එක
    • Java ME – මේක තමයි ජාවා වලින් mobile application හදන්න යොදාගන්න platform එක. හැබැයි දැන් ගොඩක් දුරට මේක පාවිච්චි කරන කට්ටිය අඩු වෙලා.
    • Java FX – මේක තමයි දැන් Oracle සමාගම ගොඩක්ම ජනප්‍රිය කරන්න හදන ජාවා Rich Client Application platform එක.
මේවට අමතරව අද ගොඩක්ම ජනප්‍රිය Android application development කරන්නත් අපි use කරන්නේ ජාවා. ඒක නිසා කලින් කියපු component වලට කැමති නැති උනත් Android කරන්න හරි ජාවා ඉගන ගන්න එක වටිනවා.
කොච්චර programming languages තිබුනත් තාමත් Ranking වලින් එකට ඉන්නේ ජාවා.

 

The following two tabs change content below.

Thusitha Thilina Dayaratne

Latest posts by Thusitha Thilina Dayaratne (see all)

Comments
  1. Lahiru Pradeep Senadeera Lankeshwara
  2. nimesh priyadarshana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.