Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

C#.NET වල මූලික සංකල්ප

ඕනෑම පරිඝනක භාෂාවක් ඉගෙන ගැනීමේදී එහි දැනගත යුතු මූලික සංකල්ප කිහිපයක් තියෙනවා. ඒ වාගේම යෙදුම් යනාදිය පිලිබද නිවැරදි අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත්. ඉතින් දැන් හදුන්වාදෙන්න යන්නේ ඒ වගේ කලින් පාඩමේදී භාවිතා වුනු යෙදුම් කිහිපයක් ගැන. මේ රූපයේ දැක්වෙන යෙදුම් ටික තමා අද පාඩමේ කතා කරන්නේ.
Using
අපි කලින් වැඩසටහන ලියද්දි Console.WriteLine(“Hello World”) කියලා විදානයක් භාවිතා කලා. ඒත් ඒකෙන් වෙන්න ඕනේ දේ සදහන් වෙන්නේ කොහේද? මීට අමතරව විවිධ විදාන භාවිතා කිරීමට අදාල code සටහන් වෙන වෙනමම file ටිකක් තියෙනවා. ඒවා අපේ වැඩසටහන තියෙන file වලට සම්බන්ධ කෙරෙන්නේ මේ using කියන keyword එක හරහා.
keyword එකක් කියන්නේ කිසියම් පරිඝණක භාෂාවක මූලික අක්ෂර වින්‍යාස නිරූපණය කෙරෙන වචන කිහිපයක්. මේවා මගින් වැඩසටහනක් පරිඝණකයට කියවිය හැකි භාෂාවට(byte code) හැරවීමේදී විශාල වැඩ කොටසක් කෙරෙනවා. මේ ක්‍රියාවලියට කියන්නේ Compiling කියලා.
C# වල භාවිතා වන xx සියල්ල මෙතනින් බලාගන්න පුලුවන්.  Keywords in C#
Namespace
Namespace යනු කිසියම් පරාසයක් අර්ථදැක්වීමකි. මෙමගින් වැඩසටහනේ code කලමණාකරණය කර ගැනීමට අවසථාව සැලසෙන අතර මෙම පරාසය තුල සදහන් කල හැකි දේවල් අතර class, interface, struct, enum, delegate සහ another namespaces වේ.
Class
Class එකක් යනු කිසියම් වැඩසටහනක කිසියම් දෙයකට(object) කල හැකි වැඩ කොටස සහ එය කරන ආකාරය හදුන්වා දෙන අංගයක් ලෙස සැලකිය හැක. Student, Dog, Cat යනු classes වලට ගත හැකි ආකාරයේ අංග අතරින් සමාහරකි. Classes තව අනු කොටස් ඇති අතර ඒවා පිලිබද පසුව සදහන් කරන්නෙමු.
Method
Method එකක් යනු කිසියම් ක්‍රියාවක්, සිද්දියක් අර්ථ දැක්වීම උදෙසා සාදනු ලබන දෙයකි. උදාහරණයක් වශයෙන් Person යනුවෙන් class සැදූ විට එම Personගේ ක්‍රියාකාරකම්(behaviors) අර්ථ දැකිවීමට විවිධ methods සාදනු ලැබේ. එකක මූලික අංග කිහිපයක් ඇත.
  • Modifiers – Method එකක් access කල හැකි හා භාවිතා කල හැකි ආකාරය පාලනය කිරීමට modifier එකකට පුලුවන.
  • Return Type – Method එක ඇතුලත ක්‍රියාවලිය සිදුවීමෙන් පසු පිටතට ලැබෙන ප්‍රතිඵලය මෙමගින් කියවේ. void යනු එලෙස ප්‍රතිඵලයක් නැති අවස්ථාවක් වන අතර ඕනෑම ආකාරයක object එකක් මෙලෙස return කල හැක. Return කරන object එක හදුන්වන්නේ අදාල method එකේ අවසාන වැකිය වේ.
  • Method Name – ඕනෑම ක්‍රියාවකට අදාල නමක් ඇත. Eat, Read, Randomize, Build යනු Method Name වලට උදාහරණ වේ.
  • Input Parameters – සමහර අවස්ථා වල method එකක් ඇතුලත කිසියම් ක්‍රියාවලියක් කිරීමට කිසියම් අගයන් ටිකක් අදාල වේ. උදාහරණයක් ලෙස ඝණකයක පරිමාව මැණීමට නම් ඝණකයේ පාදයක දිග උවමනා කෙරේ. මෙවැනි අගයන් ලබාදෙන්නේ input parameters ලෙසිනි. මෙහිදී args යනුවෙන් String වර්ගයේ array එකක් ලබාදී ඇත. Arrays පිලිබද පසුව සාකච්චා කෙරේ. Array එකක් යනු එකම නමින් අගයන් ගොඩක් පවත්වා ගැනීමට භාවිතාවන්නක් ලෙස දැනට හදුනාගන්න.
Variable
Variable එකක් යනු ගණිතයේ සදහන් පරිදි විචල්‍යයකි. කිසියම් වෙනස් වන අගයක් සටහන් කරගෙන උවමනා පරිදි වෙනස් කර ගැනීමට මෙමගින් හැකිය. මෙලෙස වෙනස් වන අගයන් රදවා ගැනීමට variables භාවිතා වන අතර වෙනස් නොවෙන අගයන් රදවා ගැනීමට constants(නියත) භාවිතා වේ.
Visual Studio පිලිබද සවිස්තරාත්මක හැදින්වීමක් සමගින් මීලග සටහනෙන් හමුවෙමු.
The following two tabs change content below.

Malin De Silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.