Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

C#.NET 1වන පාඩම: Hello World

කලින් පාඩමේදී Visual Studio කියන්නේ මොකක්ද කියලා දැනගත්තා නේ. C#.NET කියන්නේ Visual Studio භාවිතා කරලා වැඩසටහන් ලියන්න පුලුවන් ක්‍රමලේඛන භාෂාවක්. ඒ වගේම හුගාක්ම .NET ආශ්‍රිත වැඩසටහන් වල භාවිතා වෙන භාෂාවක්. හැබැයි වැඩසටහන් ලියන එක නම් සෑහෙන ලේසියි.

අපි මුලින්ම වැඩසටහනක් ලියන්න පටන්ගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම අපි Console Application එකක් හදලා බලමු. Console Application එකක් කියන්නේ Command Line එකේ වැඩ කරන වැඩසටහනක්. Graphical User Interfaces එන්න කලින් භාවිතා වුනේ Command Line Interfaces තමා. පරිඝණක වැඩසටහන් හදන්න පටන් ගන්න කෙනෙක්ට නිර්දේශ කරන්නේ Console Applications තමා. ඒ අත්හදා බලන්න සෑහෙන ලේසි නිසා.
 

Visual Studio වල File -> New -> Project ගියාම හෝ (Ctrl+Shift+N) මගින් New Project window එක ලබා ගන්න පුලුවන්. අපිට දැනට තියෙන තත්වය යටතේ Visual Studio භාවිතා කරලා කරන්න පුලුවන් සියලුම වැඩසටහන් මේ window එකේ සදහන් වෙනවා. මීට අමතරව තව වැඩසටහන් නිපදවීමට අදාල කොටස් පසුව එකතු කරගන්න පුලුවන්. මේකේ Installed Templates -> Visual C# -> Windows යටතේ තියෙන Console Application කියන එක සිලෙක්ට් කරගන්න. Window එකේ පහලට වෙන්න Name, Location සහ Solution කියලා 3ක් තියෙනවා. ඕකේ Name එකට කැමති නමක් දෙන්න(Hello World). Location එකෙන් මේ වැඩසටහනේ source code එක save වෙන 

තැන වෙන්ස් කරන්න පුලුවන්. ඒක තියෙන විදියටම තිබ්බාට කමක් නැහැ. Solution එකක් කියන්නේ project 1ක් එහෙම නැත්නම් කිහිපයක එකතුවක්. Solution එකක Console Applications, Windows Phone Applications, Web Applications වගේ applications වර්ග කිහිපයක applications කිහිපයක්ම තියෙන්න පුලුවන්. ඊට පස්සේ යට තියෙන OK button එක click කරන්න. දැන් Visual Studio විසින් Console Application එකක් හදනවා.
දැන් 1 වන රූපයේ දැක්වෙන පරිදි Program.cs කියලා file එකක් open වෙලා ඇති. 

මේක තමා අපි මේ වැඩසටහෙන්දී program කරන එකම file එක. C# file එකක් හැදෙන්නේ .cs කියන extension එක යටතේ යි. දැන් ඔබේ යතුරු පුවරුවේ Ctrl+F5 ඔබලා බලන්න. Command Line window එකක් ඇවිත් “Press any key to continue” කියලා සදහන් කරනවා. මේ අපි කිසිම දෙයක් මේකේ සදහන් කරලා නැති නිසයි. අපි මොකක් හරි key එකක් එබුවාම ඒ Command Line window එක අයින් වෙනවා.
දැන් අපි මේ console එකේ මොනා හරි print වෙන්න ලියන්නේ කොහොමද කියලා බලමු. ඒක හරිම සරලයි. 

3 වෙනි රූපයේ තියෙන විදියට ඇතුලේම තියෙන සගල වරහන් දෙක අතරට Console.WriteLine(“Hello World”); කියන විධානය ඇතුලත් කරන්න. දැන් ආයි පෙර පරිදිම යතුරු පුවරුවේ Ctrl+F5 ඔබලා බලන්න. දැන් එන Console එකේ Hello World කියලා Press any key to continue කියන එකට උඩින් සදහන් වෙලා තියෙනවා දැකගන්න පුලුවන්. මේක තමා අපේ පලමුවෙනි පාඩම. හැබැයි එක පාරම ඒ Program.cs කියන file එකේ තිබ්බ වචන ටික මොනවාද කියලා තේරුනේ නැහැ නේද?
ඒ code lines ටික ගැන අපි ඊලග පාඩමෙන් ඉගෙන ගමු.
The following two tabs change content below.

Malin De Silva

Comments
  1. Chalitha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.