Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

Visual Studio හැදින්වීම (Introduction to Visual Studio)

 

මේක සමහර විට programming ගැන දන්නේ නැති කෙනෙක් අහන ප්‍රෂ්ණයක් වෙන්නත් පුලුවන්. ඒත් දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතුනා. සරලවම කියනවානම් Microsoft Visual Studio කියන්නේ .NET තාක්ෂණ වලට අදාලව වැඩසටහන් සෑදීමට උදව් වෙන එක්තරා ආකාරයක වැඩසටහනක්.
මේ වගේ විවිද වැඩසටහන් වර්ග තියෙනවා. මේ ආකාරයේ වැඩසටහන් නිපදවීමට භාවිතා වන වැඩසටහන් වලට කියන්නේ Integrated Development Environments(IDE) කියලා. Microsoft Visual Studio කියන්නේ ඉතාමත් ලේසියෙන් වැඩසටහන්නිපදවා ගැනීමට පහසුකම් සලසාදෙන IDE කිව්වොත් නිවැරදියි. මේක මිලට ගන්න ගියොත් නම් සෑහෙන ගානක් වෙනවා. නමුත් විශ්වවිද්යාල වල සිසුන්ට නම් මේවා නොමිලේම ලබා දෙනවා. ඉල්ලුවොත් ඉගෙනගන්න කෙනෙකුට නම් නිකන් වුනත් ගන්න බැරි වෙන එකක් නැහැ. මේකේ නවතම සංස්කරණය තමා Microsoft Visual Studio 2012 කියන්නේ. මීට අමතරව මේකේත් Service Pack 1 කියලා අලුත් යාවත්කාලීන කිරීමක්(update) නිකුත් වෙලා තියෙනවා.
Visual Studio 2012 වල ප්‍රධාන වශයෙන් පහසුකම් අඩු වැඩි වීම මත නිපදවූ අනු සංස්කරණ 3ක් තියෙනවා. ඒවා නම්,
  • Visual Studio Ultimate
  • Visual Studio Premium
  • Visual Studio Professional
මේවායින් වැඩිම පහසුකම් සහිත සංස්කරණය වන්නේ Visual Studio Ultimate. මීට අමතරව කණ්ඩායම් වශයෙන් වැඩකිරීමට උපරිම පහසුකම් සලසාලන Team Foundation Server යනුවෙන් නම් කෙරුණු සංස්කරණයකුත් තියෙනවා.
Visual Studio වලින් කල හැකි දේ…
  • Windows 8 Applications
  • Desktop Applications
  • Web Applications
  • Mobile Applications
  • Database Applications
  • Cloud Applications
  • SharePoint Applications
  • Office Applications
  • and More…
කොටින්ම කියනවානම් .NET තාක්ෂණයන් පාවිච්චි කරලා කරන්න පුලුවන් ඕනේම ආකාරෙක වැඩසටහනක් Visual Studio භාවිතා කොට සාදා ගත හැකියි.
මොනවාද මේ .NET Technologies?
එක එක ජාතියේ මෙහෙයුම් පද්දති වලට විධාන දෙන්න ඕනේ එක එක විදියට. එහෙම උනාම වෙනස් ජාතිවල මෙහෙයුම් පද්දති වල වැඩකරන්න නම් වෙනස් විදිවලට ක්‍රමලෙඛන සකස් කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් අපි C# කියන ක්‍රමලේඛන භාෂාව භාවිතා කරලා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් තුල වැඩකරන්න හදන වැඩසටහනක් ලිනක්ස් මෙහෙයුම් පද්දතියක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ දුර්වලතාව මගහැරගන්න මැද්දට ආවා පරිවර්තකයෙක්. එයා කරන්නේ අපි ලියන එක වැඩසටහනක් එක එක මෙහෙයුම් පද්දති වල වැඩ කරන්න සකස් කරවන එක. ඒ ජාතියේ පරිවර්තකයෙක් තමා .NET Framework එක කියන්නේ. මේ .NET Framework අපි වැඩසටහන ක්‍රියාත්මක කරන මෙහෙයුම් පද්දතිය මත .NET for Windows, .NET for Linux යනුවෙන් වෙනමම ලබාගන්න තියෙනවා. හුගක් මෙහෙයුම් පද්දති වලනම් ස්ථාපනය(install) වෙලාම එනවා. මේකට කියන්නේ Platform Independence කියලා. මොකද අපි ඉංග්‍රීසි භාෂාව භාවිතා කරලා ලියන වැඩසටහනක් වින්ඩෝස්, ලිනක්ස් වැනි වෙනමම මෙහෙයුම් පද්දති භාවිතා කරන පරිඝණක වල භාවිතා කල හැකියාව ලබාදෙන නිසා. ඉතින් මේ කිව්ව .NET Framework එක උඩ වැඩ කරන ක්‍රමලේඛන භාෂා ඇතුලු අනෙකුත් තාක්ෂණ වලට තමා .NET Technologies කියන්නේ.
භාගත කර ගැනීම සදහා පහල ලින්තුවට යොමු වෙන්න. http://www.microsoft.com/visualstudio/eng/downloads
The following two tabs change content below.

Malin De Silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.