Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

9.1.1 නොයෙක් වර්ගයේ දත්ත සමුදාය ආකෘතීන් පිළිබඳ අධ්‍යයනය (Compares and contrasts different types of database models)

මුලින් ම දත්ත (data) යනු කුමක් දැයි හදුනාගනිමු.

 
ඉතාමත් සරළව දත්ත (data) කියන්නෙ පරිගණකයත් එක්ක භාවිත වෙන ඕනෑම දෙයක් (පරිගණක වැඩසටහනක code එක හැරෙන්නට සියලු ම දේ) යැයි විස්තර කරන්න පුළුවන්. මේ දත්ත ලෙස වාක්‍ය (text), ඉලක්කම්, රූප (images) හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය (audio හා video) සලකන්න පුළුවන්. මේ නිසා ,දත්ත (data) ,පරිගණක වැඩසටහනකට ඉතාමත් වැදගත් දෙයක් බව පැහැදිලියි. මේ නිසා අපට දත්ත (data) පහසුවෙන් පරිශීලනය කිරීමට (access) මෙන්ම වෙනස් කිරීමට (update) ද හැකියාව තිබිය යුතුය.
 
පෙර කී පරිදි දත්ත (data) පහසුවෙන් පරිශීලනය කිරීමට හා වෙනස් කිරීමට අප දත්ත සමුදායන්/දත්ත ගබඩා (Databases) යොදා ගනී. දත්ත පාදක පද්ධතීන් (Database Systems) අපට අවශ්‍ය දත්ත (data) විශාල ප්‍රමාණයක්, පහසුවෙන් කලමණාකරණය කළ හැකි පරිදි ගබඩා කර තබා ගැනීමට යොදා ගනි. මෙම දත්ත පාදක පද්ධතීයක් (Database System) තුල දත්ත සමුදායන් (databases) කිහිපයක් පවත්වා ගෙන යාමටද හැකියි.
දත්ත පාදක පද්ධතීන් (Database systems) යටතේ පහත මාතෘකා ගැන සාකච්ඡා කෙරේ.
 
  • ඒක ගොණු පද්ධතීන් (Flat File Systems) 
  • ධූරාවලි ආකෘතිය (Hierarchical Model) 
  • ජාල ආකෘතිය (Network Model) සම්බන්ධක ආකෘතිය (Relational Model) 
  • වස්තු සම්බන්ධක ආකෘතිය (Object Relational Model)

ඒක ගොණු පද්ධතීන් (Flat File Systems)

සරලතම දත්ත පාදක පද්ධතීය (database system) ලෙස ඒක ගොණු පද්ධතීන් (flat file system) හැදින්විය හැකියි. මෙහි දී දත්ත සමුදාය (database) සඳහා තනි වගුවක් (table) පමණක් භාවිත කරයි.
පහත රූප සටහනින් ඉතා සරළ ඒක ගොණු පද්ධතියක් නිරූපණය වේ. අප එදිනෙදා භාවිතා කරන Libre Calc, Microsoft Excel වැනි පැතුරුම්පත් මෘදුකාංග (spreadsheet software) හා පෙළ සංස්කාරක (text editors) වල මෙබදු ගොණු පද්ධති දක්වන්නට හැක.

ධූරාවලි ආකෘතිය (Hierarchical Model)

ධූරාවලි ආකෘති යනු ගසක අතු බෙදී යන ආකාරයට (tree structure) සැදුනු ආකෘතින් ය. මෙහිදී ප්‍රධානතම කාරණය/සාධකය වන්නෙ, මාපිය(ජනක) – ධාරක සම්බන්ධයක් (parent-child relationship) තිබීම ය.
එනම්, ජනකයාට එක් දරුවෙක් හෝ කිහිප දෙනෙකු සිටිය හැක. දරුවෙක් නොමැති වීමට ද හැක. නමුත් දරුවෙකුට සිටිය හැක්කේ එක් ජනකයෙකු පමණි.
ගසක අතු බෙදී යන ආකාරයට සම්බන්ධ කිරිමෙන් ඔබට මෙම ආකෘතිය මනාව අවබෝධ කර ගත හැක. මෙම සම්බන්ධය ඒක – බහු සම්බන්ධයක් (one-to-many relationship) ලෙස ද හදුන්වයි.
 
 
දත්ත සමුදායක නම්, එක් දෙමාපියෙක් හො දරුවෙක් (an entity) වගුවක් (table) මගින් නිරූපණය කෙරෙනවා. මෙම ආකෘතිය මුලින්ම හදුන්වා දී ඇත්තේ IBM සමාගමයි.
 
mid
name
department
1
Bob
Marketing
2
John
Developing
3
Ann
Finance
 
 
eid
name
mid
1
Bran
2
2
Kewin
2
3
Elizabeth
3
4
Joger
1
වාසි
  • දත්ත ඇතුලත් කිරීම හා ඉවත් කිරීම වඩා පහසුව. 
  • ඉහල අතු වල දත්ත වේගයෙන් සොයා ගැනීමෙ හැකියාව. 
  • ධූරාවලි සම්බන්ධතා සදහා වඩා යොග්‍ය බව.
අවාසි
  • මෙම ආකෘතියෙ වඩා සංකිර්ණ සම්බන්ධතා ඇති විට පහලම අතු වලට යෑමෙදී දත්ත සමුදායෙ වේගය ඉතා පහල මට්ටමකට පත්වීම. 
  • දත්ත නැවත නැවත යෙදීම. එකක් වැඩි ගණනක් සමග සම්බන්ධ වන සම්බන්ධතා වලට පමණක් සුදුසු වීම.
දත්ත සමුදායන් පිළිබද වැඩිදුර විස්තර නොයෙක් වර්ගයේ දත්ත සමුදාය ආකෘතීන් පිළිබඳ අවබෝදය පාඩම් මාලාවේ දෙවන කොටසෙන් ලබාගනිමු.
 
 
The following two tabs change content below.

Darshana Ratalakotuwa

Latest posts by Darshana Ratalakotuwa (see all)

Comments
  1. sandaruwan kodithuwakku
  2. Kavishka Wijeratna
  3. sandarenu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.