Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

11.1 පද්ධති සංකල්පය : Concept of Systems

පද්ධති කිවු සැනින් අපගේ මතකයට නැගෙන්නෙ අප දේහය නිර්මාණය වී ඇති ස්නායු පද්ධතිය,ශ්වසන පද්ධතිය,ආහාර ජිර්ණ පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය ආදියයි.මෙයත් සමගම පද්ධතිය යන සංකල්පයට ආරම්භයක් ලෙස අපි ස්නායු පද්ධතිය ගැන මදක් විමසා බලමු.
ස්නායු පද්ධතිය දේහයේ ස්නායු ආවේග ග්‍රහණය කර එවා විද්යුත් රසායනික සංඳා ලෙස මොලයට ගෙනගොස් අදාළ ප්‍රතික්‍රියාව සකස් කර එම ස්නායු ආවේගය අදාළ ස්ථානය කර ගෙනයාම සිදුකරයි.මෙය සංකිර්ණ ක්‍රියාදාමයක් නමුත් සම්පුර්ණ පද්ධතිය අනු පද්ධතියක් ලෙසත් එවාට සම්බන්ධ අවයව අන්තර් ක්‍රියාකාරිත්වයෙනුත් සාමුහිකවත් කටයුතු කිරිම නිසා පෙර සදහන් අරමුණට ලගා විමට හැකියාව ලැබි ඇත.


ස්නායු පද්ධතිය

 

 

     1. මධ්‍ය ස්නායු පද්ධතිය                                           
              1.1 මොළය   
              1.2  සුශුම්නාව
                                    
     2. පර්යන්ත ස්නායු පද්ධතිය
                2.1 ස්වයංසාධක ස්නායු පද්ධතිය              
        2.1.1  අනුවේගි ස්නායු පද්ධතිය    
        2.1.2  ප්‍රත්‍යානුවේගි ස්නායු පද්ධතිය
  
                 2.2 ඉඡ්ඡානුග ස්නායු පද්ධතිය
                                 2.2.1 කපාල ස්නායු
                                 2.2.2 සුශුම්නා ස්නායු

මෙම සටහන දෙස අවදානය යොමු කල විට ස්නායු පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස අනු පද්ධති වලින් බවත් සැදි ඇති බව පැහැදිලි වෙයි.


පද්ධති වර්ගීකරණය(Classification of systems)

 

අප අවට පරිසරයේ මෙවැනි බොහොමයක් පද්ධති හමුවන අතර එවා එක් එක් පදනම් මත වර්ග කල හැක.

 

1.  ස්වාභාවික පද්ධති(Natural systems)

 

මිනිසාගේ මැදිහත් විමක් නොමැතිව සකස් වී ඇති පද්ධති වේ.එවාද සජිව සහ භෞතික ලෙස වර්ග කල හැක.
උදා: පරිසර පද්ධති(සජිව), සෞර්ග්‍රහ මණ්ඩල පද්ධතිය(භෞතික)

පරිසර පද්ධති

     

      1. සුර්යයා
      2. වාතය
      3. ජලය 
      4. ගස්වැල් 
      5. ජීවින් 
                            5.1 කොටියා
                            5.2 මුවා

 

          

මෙම පරිසර පද්ධතිය නිසි පරිදි ක්‍රියා කිරිමට සියලුම අනු පරිසර පද්ධති වල ක්‍රියාකාරිත්වය සහ සහභාගිත්වය අවශයි.වාතය නොමැති වුවහොත් මෙම පරිසර පද්ධතිය අඩාල වෙයි. ගස්වැල් නොමැති වුවහොත් ශාඛභක්ශක ජිවින් මෙන්ම මංශභක්ශකයින්ගේ ජිවිත අනතුරට ලක්වෙයි. මෙම පරිසර පද්ධතිය කොටස් වලින් සමන්විත වුවත් අනු පරිසර පද්ධතිවලටද තනි පරිසර පද්ධතියක් ලෙස ක්‍රියා කල හැක. ගස්වැල් තනි පරිසර පද්ධතියකි. කොටියා යන සත්වයා තනි පරිසර පද්ධතියකි.



 

2. කෘත්‍රිම පද්ධති( Man made systems)

මිනිසා නිර්මාණය කළ පද්ධති වේ. උදා: පාසල් පද්ධති, නීති පද්ධති, සංනිවේදන පද්ධති

ඔනැම පද්ධතියක් ක්‍රියාත්මක වන්නේ එයට අදාල සීමාව තුල වේ.ශ්‍රි ලංකාව තුල නිති පද්ධතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රි ලංකා දේශ සිමාව තුල වේ. මෙලෙස සිමාවක් හදුනා ගැනුනුයේ පද්ධතිය තුල වස්තුන් සහ පද්ධතියෙන් පිට ඇති වස්තුන් සොයා ගැනිමටයි.

 

         පද්ධති

 

1. ඒකායන අරමුණක් සපුරාලිමට කටයුතු කරයි.
2. සම්පත් සමුහයකින් සමන්විතයි.
3. සාමුහිකවත් අන්තර් ක්‍රියාකාරිත්ව‍යෙනුත්  ක්‍රියා කරයි.
4. සිමාවක් මගින් වටපිටාව සහ පද්ධතිය වෙන් කරගත හැකි වෙයි.
5. ස්වාභාවික කෘත්‍රිම ලෙසත්, සජිව සහ භෞතික ලෙසත් , විවෘත සහ සංවෘත ලෙසත් වර්ග කරයි.

 

The following two tabs change content below.

Minoshini Fonseka

Latest posts by Minoshini Fonseka (see all)

Comments
  1. Udayanka Sampath
  2. දිනේෂ්
  3. Chanuka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.