Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

Java – Hello World..!

ඕනේම පරිඝණක භාෂාවක් ඉගෙන ගන්න ගොඩක් වෙලාවට අපි පටන් ගන්නේ “Hello World..!” වැඩසටහනකින්. අපි බලමු කොහොමද ජාවා පරිඝනක භාෂාව පාවිච්චි කරලා වැඩසටහනක් නිර්මාණය කරන්නේ කියලා.

 

මුලින්ම කලින් පාඩම්වල කියලා දුන්න විදියට ජාවා පරිඝනක භාෂාව පරිඝනකයේ ස්ථාපිත කරලා තියෙන්න ඕනේ. 

මුලින්ම ජාවා භාෂාව ඉගෙනගන්න නිසා සාමාන්‍ය එකක් පාවිච්චි කරන එක තමයි වැදගත්.  එහෙම නැත්නම් IDE (Integrated Development Environment)  එකක් පාවිච්චි කරන්නත් පුලුවන්. ජාවා වලට පාවිච්චි කරනන් පුලුවන් IDEs ගොඩක් තියනවා. 

        1. NetBeans
        2. Eclipse
        3. JBuilder

වගේ ඒවා තමයි ගොඩක්ම ජනප්‍රිය.

අපි දැන් බලමු භාවිතා කරලා කොහොමද ජාවා පරිඝනක භාෂාවෙන් වැඩසටහන නිර්මාණය කරන්නේ කියලා

 

මුලින්ම Start Menu එක හරහා Notepad මෘදුකාංගය විවෘත කරගන්න. එහි පහත තියන විදියට කේත (Code) සටහන් කරගන්න. 

[code] class HelloWorld{      public static void main(String a[]){          System.out.println(“Hello world !!”);      } }

[/code]
 
දැන් මේ ගොනුව(file) පරිඝනකයේ කැමති තැනක HelloWorld.java නමින් save කරගන්න. 
(file name – HelloWorld.java, save type – All files)
 
 

දැන් අපි මේ file එක compile කරගන්න ඔනේ. ඒකට අපි පාවිච්චි කරන්නේ javac කියන command එක.

ඒ සඳහා මුලින්ම start menu එක හරහා command prompt එක විවෘත කරගන්න ඕනේ. ඊට පස්සේ command prompt  හරහා අපි සකස්කල ගොනුව තියන තැනට යා යුතුයි . 

 

උදාහරණයක් වශයෙන් අපි ගොනුව කලේ “D:Java” කියන තැන නම් පහත සඳහන් ව්ධාන භාවිතා කරලා අදාල ස්ථනයට යන්න පුලුවන්.
 
D:
cd java
 
 

දැන් command prompt එකේ javac HelloWorld.java කියලා සඳහන් කරලා Enter ඔබන්න. නිවැරදිව කේත සටහන් කලානම් Command prompt එකේ පහත රූපයේ ආකාරයට සටහන් වෙන්න ඕනේ.

 
 
 
දැන් එක හරහා ඒ ගොනුව කල ස්ථනයට ගියොත් HelloWorld.class යන නමින් තවත් ගොනුවක් සෑදී තිබෙන බව ඔබට දැකගත හැකියි. එකට මොකුත් කරන්න යන්න එපා. ජාවා වල තියන විශේෂ ලක්ෂණයක් තමයි ඒ file එක. ඒකට කියන්නේ bytecode එක කියලා. පරිගනක කේතකරුවෙකුට(programmer) අපි සකස්කල ගොනුව කියවලා තෙරුම්ගන්න පුලුවන් උනාට අපේ පරිගනකයට මේ ගොනුව තෙරුම්ගන්න හැකියාවක් නෑ. මොකද පරිගනකයට තේරුම් ගන්න පුලුවන් එකම භාෂාව ද්විමය භෂාව (Binary) විතරයි. javac කියන විධානය මගින් HelloWorld.java කියන ගොනුව Java Virtual Machine (JVM) කියන වැඩසටහන මගින් JVM එකට තේරුම් ගන්න පුලුවන් තත්වයකට පත්කරගන්නවා. එතකොට සකස්වෙන ගොනුව තමයි HelloWorld.class කියන්නේ.
 

දැන් අපිට මේ ගොනුව එක run කරන්න පුලුවන්.   ඒක කරන්න Command prompt එකේ java HelloWorld විධානය සටහන් කරලා Enter ඔබන්න. එතකොට Command prompt එකේ Hello World !! කියලා සටහන් වෙනවා. 

 
 

දැන් අපි බලමු ඇතටම මොකද්ද වෙන්නේ කියලා. class HelloWorld{       public static void main(String a[]){          System.out.println(“Hello world !!”);      } }

class කියනේ java keyword එකක්. ඒක අනිවාර්යෙන් ඔනේ. එතකොට තමයි JVM (java virtual machine) එක අඳුරගන්නේ මේ තියෙන්නෙ java class එකක් කියලා. HelloWorld කියන්නේ අපි හදන class එකේ නම. මේකට අපිට කැමති නමක් දෙන්න පුලුවන්. හැබැයි මතක තියාගනන් ඔනේ අපිට නමක් පටන් ගන්න පුලුවන් English (A-Z, a-z) අකුරකින් හරි ‘_’ (underscore)එකෙන් හරි විතරයි. නම මැද ඉලක්කම් තියෙන්න පුලුවන්.

“{” කියන්නේ මෙතන ඉඳන් class සීමාව පටන් ගන්නවා වගේ දෙයක්  ඒක තමයි එකේ ආරාම්භක ස්ථානය. මේ සීමාව ඉවර වෙන්නේ අන්තිමටම තියන “} මගින්. “public static void main(String a[])” කියන්නේ main method එක. අපි java class එකක් run කරනකොට JVM එක මුලින්ම හොයලා බලනවා අපේ class එකේ මේ main method එක තියනවද කියලා.එහෙම නැතිනම් JVM එක main method එක හොයා ගන්න බෑ කියලා error message එකක් පෙන්නනවා. (public static void main(String a[]) වෙනුවට public static void mainn(String a[]) වගේ සටහන් කරලා නැවත ගොනුව මගින් කරලා කරලා බලන්න. ඕනේම java class එකක් run වෙන්න පටන් ගන්නේ මෙන්න මේ main method එකෙන් තමයි.

System.out.println(“Hello world !!”);

අපිට Command prompt එකේ සටහන් කරගන්න ඔනේනම් අපිට Syste.out.println(“”); කියන විධානය භාවිතා කරන්න පුලුවන්. මොකක් හරි print කරගන්න ඕනේනම් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ println() කියන method එක. වරහන් දෙක ඇතුලේ අපිට print කරගන්න ඔනේ එක type කරන්න පුලුවන්.
The following two tabs change content below.

Thusitha Thilina Dayaratne

Latest posts by Thusitha Thilina Dayaratne (see all)

Comments
  1. YASITH (dot) NET
    • Malin De Silva
  2. Tharanga Kumara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.