Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

මොනවාද මේ Windows 8 Apps?

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වන Windows 8 එක්ක අලුත් දේවල් ගොඩක් ආවා. ඒත් එක්ක ආපු විශේෂ දෙයක් තමයි Windows 8 Store එක. තවත් දෙයක් කියන්න ඕනේ. Windows 8 එක්ක භාවිතා කරන්න පුලුවන් apps ජාති 2ක් තියෙනවා. කලින් වින්ඩෝස් 7 වලට වෙනකන් භාවිතා උන desktop apps වලට අමතරව RT apps කියලා අලුත් ජාතියක් හදුන්වලා දීලා තියෙනවා. මේ Windows 8 RT apps හදන්න අපිට මූලික වශයෙන් භාවිතා කරන්න පුලුවන් තාක්ෂණ 3ක් තියෙනවා .

 

                        • C#.NET/ VB.NET with XAML
                        • HTML 5
                        • C++ with XNA

මේ පිලිබද වඩාත් විස්තර දැනගැනීමට මෙම වෙබ් අඩවියෙන් පුලුවන්.

ඒ හින්දා HTML, Javascript එක්ක වැඩ කරලා පුලුවන් උදවියට උනත් ඉතාම පහසුවෙන් Windows 8 Apps හදන්න පටන් ගන්න පුලුවන්.

 

මේ සදහා මුලින්ම Windows 8 මෙහෙයුම් පද්දතියක් තුල Visual Studio 2012 ස්ථාපනය කරගත යුතුයි. Visual Studio 2012 සම්පූර්ණ වෙලුම නැත්නම් Visual Studio Express for Windows 8 කියලා Windows 8 Apps හදන්නම පමණක් භාවිත කරන්න පුලුවන් වෙලුමක් තියෙනවා. ඒක භාවිතා කරන්නත් පුලුවන්.

 

View States

 

 

Windows 8 apps වල තියෙන තවත් විශේෂත්වයක් තමා එකවර apps 2ක් සමග වැඩ කිරීමේ අවස්ථාව ලබාදීම. මේ හැකියාව ලැබෙන්නේ snap view භාවිතා කිරීම තුලින්. මෙහි ඇති විශේෂත්වයක් නම්, මෙලෙස දිස්වෙන විට වෙනම ආකාරයක අතුරු මුහුණතක් ලබාදීමට හැකි වීමත් එය නිර්මාණය කිරීමට දැරීමට වෙන වෙහෙස ඉතා අල්ප වීමත්ය.

ඒ විතරක් නෙවෙයි, view states මගින් ඔබ හදන app එක portrait හෝ landscape වීම මත දෙයාකාරයකට පෙන්වන්න හදන්නත් පුලුවන්.


 

Windows 8 Store

 

 

Windows 8 Store එක කියන්නේ මෙහෙම අපි Visual Studio 2012 භාවිතා කරලා හදන Windows 8 apps publish කරන්න තියෙන වෙළදපොල. අපිට උවමනා විදියට නොමිලේ හෝ කිසියම් මිලකට හෝ භාගත කරගන්න දෙන්න පුලුවන්. ඔබටත් ඔබේම ගිනුමක් මෙම Windows 8 Store එක තුල සාදා ගැනීමට හැකියි. ඒ සදහා $49ක අය කිරීමක් සිදු කෙරෙන අතර තහවුරු කිරීම් සදහා ක්‍රෙඩි කාඩ් පතක් හෝ වෙබ් කාඩ් පතක් භාවිතා කල යුතුයි.

Windows 8 භාවිතය මෙන්ම Windows 8 apps development පහසු කරවීම සදහා මයික්‍රසොෆ්ට් ආයතනය විසින් ඉතාමත් සරල උපදෙස් සහිතව ලිපි මෙන්ම වීඩියෝද නිකුත් කර තිබේ. ඒ සියල්ල නොමිලේ භාගත කර ගැනීමට සියලු දෙනාට පහසුකම් සලසාදී තිබීමත් විශේෂත්වයක්.

ඒ සදහා මෙම ලින්තුවට යොමු වෙන්න. Windows 8 Developer Resources.

 

The following two tabs change content below.

Malin De Silva

Leave a Reply

Your email address will not be published. Required fields are marked *