Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

Windows Phone ගැන පෙරවදනක්

Windows කියන්නේ අද ලෝකේ වැඩියෙන්ම පාවිච්චි වෙන මෙහෙයුම් පද්දතිය කිව්වොත් කවුරුත් වැරදියි කියන එකක් නෑ. මේ මෙහෙයුම් පද්දති සමූහයේ අලුත්ම සාමාජිකයා වුනේ Windows 8. එලිදක්වලා වැඩි කාලයක් උනේ නැති උනාට දැනටම මිලියන 100ක් බලපත්‍ර විකිණිලාලු. ඒ විතරක් නෙවෙයි අපි වගේ නිකන් බලපත්‍ර ලැබුනු කට්ටියත් ඉන්නවානේ. මෙච්චර කාලයක් පරිඝණකයේ පාවිච්චි කරපු Windows වගේම මෙහෙයුම් පද්දතියක් දුරකතන වලටත් භාවිතා කරන්න තියෙනවානම් කොච්චර හොදයිද? ඒ සදහා මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් එලි දක්වපු මෙහෙයුම් පද්දතිය තමා Windows Phone කියන්නේ.

 

මුලින්ම නිකුත් වෙච්ච Windows Phone සංස්කරණය තමා Windows Phone 7. ඒකේ තිබිච්ච දුර්වලතා සියලම වගේ මග හැරලා දැන් Windows Phone 8 සංස්කරණය මේ මෑතකදී එලිදක්වනු ලැබුවා. මේ මෙහෙයුම් පද්දති එලිදැක්වීමත් සමගම වෙලද පොලට තරගකාරී දුරකතන නිකුත් කරන්න හුගක් ජංගම දුරකථන නිශ්පාදකයින් උත්සුක උනා.
ඉතින් මේ වගේ දුරකතන මාදිලි ගනනාවක් නිකුත් කරන්න හේතුවුනේ මේ Windows Phone 8 තුල සිත් ඇදගන්නා විශේෂාංග රැසක් තිබීම.

 

  • Live Tiles

භාවිතා කරන්නාට උවමනා කරන තොරතුරු සැනින් ලබාදීමට මෙන්ම දුරකතන අතුරු මුහුණත වර්ණවත් කිරීමත් Live Tiles තුලින් ලැබෙන වාසි දෙකක්.

 

Apple, Android වගේම Windows Phone වලටත් වෙනමම apps භාගත කල හැකි වෙළදපොලක් තියෙනවා. මේකේ තියෙන විශෙෂත්වය තමා මේකට apps එකතු කරද්දි ඉතාමත් දැඩි පරීක්ෂණ ක්‍රියාව්ලියකට ලක් කෙරෙනවා. ඒ තුලුන් මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වෙන්නේ පාරිභෝගිකයාගේ දත්ත සහ දුරකථනයේ ක්‍රියාකාරීත්වයට කිසිදු හානියක් නොවීමට වග බලා ගැනීමයි.

 

මේ විතරක් නෙවෙයි. Windows Phone සදහා apps නිපදවීම වෙන මෙහෙයුම් පද්දති වලට වඩා සැහෙන පහසුයි. C#.NET හෝ VB.NET පිලිබද ඉතාම සරල දැනුමක් තියෙන පුද්ගලයෙකුට වුනත් ඉතාම පහසුවෙන් apps නිපදවීමට යොමුවෙන්න පුලුවන්.

 

මෙහෙයුම් පද්දතිය ගැන සියලුම විස්තර මේ වෙබ් අඩවියේ සදහන් වෙනවා.  Windows Phone.
The following two tabs change content below.

Malin De Silva

Comments
  1. Sandamal

Leave a Reply

Your email address will not be published. Required fields are marked *