Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

1.7. සමාජය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම (Evaluates the Impact of ICT on the Society)

 

අද වෙනකොට තොරතුරු තාක්ෂණයෙන් තොර සමාජයක් ගෙන හිතන්නවත් බැරි තරමට සමාජයයි තොරතුරු තාක්ෂණයයි ඒකාබද්ධ වෙලා. ලෝකයේ තියෙන සියලුම ක්ෂේත්‍ර කුමන ආකාරයකින් හෝ තොරතුරු තාක්ෂණය සමග එක්වෙලා. ඒ වගේ වටපිටාවක“තොරතුරු තාක්ෂණ භාවිතයේ සමාජීය බලපෑම්”කියන්නේ ඉතා පුළුල් විදිහට කරුණු විහිදුණු මාතෘකාවක් බව නොකියාම  බැහැ.කොහොම උනත් අපේ විෂය ක්ෂේත්‍රය ආවරණය වෙන විදිහට අපි පහත අනූ මාතෘකා ඔස්සේ මේ පුළුල් මාතෘකාව සාරාංශ ගත කරමු.

 

 

1.7.1. තොරතුරු තාක්ෂනය හා අනෙකුත් ක්ෂේත්‍ර (ICT and other Technologies)
1.7.2. තොරතුරු තාක්ෂණයේ සමාජයීය හා ආර්ථික ප්‍රතිලාභ (Benefits created by ICT)

1.7.3. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම් (Issues created by ICT)

  1. සමාජීය (Social)
  2. ආර්ථික (Economical)
  3. පාරිසරික (Environmental)
  4. සදාචාරාත්මක (Ethical)
  5. නෛතික (Legal)
  • Privacy and Piracy
  • Copyright
  • Plagiarism
  • Licensed software
 

1.7.1.තොරතුරු තාක්ෂනය හා අනෙකුත් තාක්ෂණික ක්ෂේත්‍ර (ICT and Other Technologies)

 

  • නැනෝ තාක්ෂණය
  • විදුලි තාක්ෂණය
  • ජාන තාක්ෂණය
  • න්‍යෂ්ටික විද්‍යාව

 

1.7.2.තොරතුරු තාක්ෂණයේ සමාජයීය හා ආර්ථික ප්‍රතිලාභ (Benefits created by ICT- Social, Economical)

 

අද වන විට ලෝකය විශ්ව ගම්මානයක් බවට පත් වී තිබෙන්නේ තොරතුරු තාක්ෂණයේ ප්‍රගමනයත් සමගයි.ලෝකයේ සියලු දෙනා අතර සන්නිවේදනය වර්තමානයේ පහසු කටයුත්තක්. අන්තර්ජාලයේ දහස් ගණනක් වන වෙබ් අඩවි මගින් ලෝකයේ දස දෙස පුවත් ක්ෂණයකින් බෙදාහරිනු ලබනවා. දේශපාලන , අධ්‍යාපනික, විනෝදාස්වාද (Entertainment) වෙබ් අඩවි වටා රැස්වී සිටින පිරිස තොරතුරු තාක්ෂණයේ සමාජයීය ප්‍රතිලාභ අත්විදිනවා. සමාජ ජාල වෙබ් අඩවි (Social Networks) මේ අතර ප්‍රමුඛ වශයෙන් ජනප්‍රියයි.මීට අමතරව කෘෂිකාර්මික,කර්මාන්ත,සෳඛ්‍ය සේවා,අධ්‍යාපන,ව්‍යාපාර වගේ ක්ෂේත්‍ර තොරතුරු තාක්ෂණය හරහා ලබා තිබෙන දියුණුව මගිනුත් ලැබෙන්නේ සමාජීය ප්‍රතිලාභ.
 
කාලයත් සමඟ  තොරතුරු  තාක්ෂණය  රටක  ආර්ථිකයේ සංවර්ධනයට වැදගත් සාධකයක් බවට පත්වෙලා. 2012 වසරේ සුප්‍රකට  “Write Pass” ජර්නලය මගින් ඉදිරිපත් කල වාර්තාවෙන් උපුටා ගත් පහත සටහන් ඊට කදිම උදාහරණයක්.

 

 

 

තොරතුරු තාක්ෂණයත් සමග ලෝකයේ ආර්ථිකයන් විද්‍යුත් ආර්ථිකයන් (e-Economy)බවට පත් වී තිබෙනවා. අන්තර්ජාතික ආර්ථික සමීපත්වය ,ලොව ඕනෑම ප්‍රදේශයක ඇති භාණ්ඩ හා සේවාවන් සඳහා වෙළඳපලක් ලබා ගත හැකි වීම හා පරිභෝජන අවස්ථා ලබාගත හැකි වීම,පහසුවෙන් හා කාල භේදයකින් තොරව භාණ්ඩ ලබා ගත හැකි වීම මෙන්ම විනිමය හුවමාරු ගැටළු අවම වීම යනාදී ආර්ථික ප්‍රතිලාභ මේ හරහා ලැබී තිබෙනවා.ඒ වගේම රටක තොරතුරු කළමනාකරන්දීත් තොරතුරු තාක්ෂණ භාවිතය සැලකිය යුතු මට්ටමක දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම වර්තමානයේ රටවල් තුල පරිපාලනය පහසු හා කාර්යක්ෂම කරමින් e-ආණ්ඩු (e-Government)සහ e-අධ්‍යාපන (e-Learning) වැඩසටහන් සඳහාත් සැලකිය යුතු අවධානයක් යොමු වී තිබෙනවා.

 

1.7.3.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම්

 

සමාජීය බලපෑම්  (Social)

 

ඉහත සඳහන් කළා වගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හේතුවෙන් අද ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වෙලා සන්නිවේදනය හරහා මානව සම්බන්ධකම් සමීප වෙලා.සමාජ ජාල මෙහිදී වඩාත් කැපී පෙනෙන තැනක සිටිනවා. Facebook, Google+ ,Twitter ,YouTube, LinkedIn යනාදී වෙබ් අඩවි අද ඉහලම ප්‍රතිචාර ලබමින් සිටිනවා. එසේම ජාත්‍යන්තර පුවත් ලොව කොතැනක සිටියත්,දැනගැනීමට ගත වන්නේ සුළු කාලයක් පමණයි.එක් අතකින්, භූගෝලීය දුරස්ථ බව නොසලකා ලොව පුරා සම්බන්ධකම් පැවෙත්විමට හැකිවීම හිතකර බලපෑමක් වුවත් මෙහි අහිතකර බලපෑම් අද වනවිට තොරතුරු තාක්ෂණය අභියෝගයකට ලක් කර තිබෙනවා.

Facebook ලොව ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියෙන් කෙරෙන නීතිවිරෝධී කටයුතු හා අපචාර මේ වනවිට විවාදාත්මක කරුණක් බවට පත්වී තිබෙනවා. පසුගිය දිනෙක දිවිනසා ගත් කැනඩාවේ අමන්දා ටොඩ්ගේ (Amanda Todd) ඛේදාන්තය ඊට එක් උදාහරණයක් පමනයි.(http://en.wikipedia.org/wiki/Suicide_of_Amanda_Todd). වාර්තා වලින් දක්වන අන්දමට Facebook හරහා සෑම මිනිත්තු 40කටම වරක් අපරාධයක් සිදු කෙරෙන අතර ඒවා අසත්‍ය තොරතුරු ලබාදීමේ සිට  මිනීමැරුම් දක්වා පරාසයක විහිදෙනවා.
 
 
 

 

ආර්ථික බලපෑම් (Economical)

 

ආර්ථික ප්‍රතිලාභ පිළිබඳවත් ඉහත සඳහන් කල මතක ඇති.අන්තර්ජාලය භාවිතයෙන් වෙළදාම්කටයුතු කිරීම හේතුවෙන් ආර්ථික මෙන්ම පරිපාලන කටයුතු වල පහසුවත් ලැබී තිබෙනවා.ජාත්‍යන්තර වශයෙන් වෙළඳ භාණ්ඩයන්හි මිල ගණන් සංසන්දනය කර තමන් කැමති රටකින් භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකි වීමත් බොහෝ අවස්ථාවලදී ඉතා අඩු මිල ගණන් වලට භාණ්ඩ මිලට ගැනීමට හැකිවීමත් මෙහි ඇති වාසියක්. www.amazon.com වෙබ් අඩවිය ලොව ඇති විශාලම විද්‍යුත් පොත් , සඟරා වෙළඳ සල බවට පත් වී ඇතත් ඒ සඳහා කිසිඳු වෙළඳ සංකීර්ණයක් හෝ ගබඩාවක් නොතිබීමත් සඳහන් කල යුතුයි. 

එසේම අන්තර්ජාල හරහා කෙරෙන මුදල් ගනුදෙනු අද ඉතා විශ්වසනීය තත්වයේ පවතිනවා. E-business වෙබ් අඩවි රැසක් මේ වන විට සාර්ථක ලෙස අන්තජාතික වශයෙන් කටයුතු කරමින් සිටිනවා.  EBay, anything.lk ,ubid.com, Priceline.com, Hotbot.com, About.com®, altavista.com and Yahoo.com, Pricegrabber.com, Nextag.com.
 
 
 

පාරිසරික බලපෑම් (Environmental)

 
තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය සඳහා භාවිත කරනු ලබන උපාංග පරිසරයට මුදා හැරීමේදී සිදුවන පරිසර දුෂණය (E -waste) වර්තමානයේ කතාබහට ලක්වන කරුණක් බවට පත්ව තිබෙනවා.මුලික වශයෙන් භාවිතයෙන් ඉවතලන පරිගණක හා උපාංග (Display units (CRT, LCD, LED monitors), Processors (CPU chips), memory (RAM)) පරිසර ගැටළු නිර්මාණය කොට තිබෙනවා.වසරකට ඉවතලන පරිගණක උපාංග ටොන් බිලියන 50ක් ලෙස ගණන් බලා ඇති අතර ඇ.ඒ.ජ. එය මිලියන 30කින් දායක වෙනවා. 

චීනයේ Guiyu ප්‍රදේශය මේ වන විට හදුන්වන්නේ ලෝකයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නුවර (“e-waste capital of the world”) නමින්. කම්කරුවන් 150000ට අධික පිරිසක් එහි ඉවතලන අපද්‍රව්‍ය නැවත එකලස් කිරීමේ නියුතු වන අතර ඒ අවටින් ලැබෙන ෙසෳඛ්‍ය දත්ත බරපතල අවධානම් මට්ටමක පවතිනවා.දැනට භාවිත කරන උපාංග ද තවත් වසර කීපයකින් පරිසරයට මුදා හැරෙනවා.ප්‍රතිචක්‍රීකරණය සඳහා යන වියදම් ද අධික බැවින් තවමත් ඊට යොමු වන්නේ 30%ක ප්‍රමානයක් පමණයි.
 
 

 

 
 

 

සදාචාරාත්මක බලපෑම් (Ethical)

 
සදාචාරාත්මක වශයෙන් ගැටළු ඇති කරන්නටද තොරතුරු තාක්ෂණය හේතු වී තිබෙනවා. අන්තර්ජාලය හරහා කෙරෙන මඩ ප්‍රචාර , අසත්‍ය දැන්වීම් මෙන්ම වංචාකාරී කටයුතු පිළිබඳවද වාර්තා පලවෙමින් තිබෙන අතර බහුතරයක් ත්‍රස්තවාදී සංවිධාන මෙවැනි උපක්‍රම සඳහා යොමු වීමේ වැඩි ප්‍රවනතාවක් දක්වනවා. පසුගිය වකවානුව තුල බලවත් කැළඹීමක් ඇති කල wikileaks සිදුවීම ද මෙවැනි අවස්ථාවක්.

 ඉන් බටහිර රටවල සත්‍ය ප්‍රතිරූපය හෙළි වුවත් සදාචාරාත්මක වශයෙන් ප්‍රශ්නාර්ථයක් මතු කෙරුණු බවයි වැඩි දෙනාගේ අදහස වුනේ. ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පිළිබඳවද නැගෙන ජාත්‍යන්තර චෝදනා හා කරුණුද තොරතුරු තාක්ෂණයේ අහිතකර සදාචාරත්මක බලපෑම් විදහා දක්වනවා.

 

නෛතික බලපෑම් (Legal)

 
තොරතුරු තාක්ෂණයේ නෛතික බලපෑම් අතරට එක්වන්නේ හැකින් ප්‍රහාරයන් , අනවසර උපුටා ගැනීම් , නිතිවිරෝධී ලෙස මෘදුකාංග භාවිතය (Privacy and Piracy, Copyright, Plagiarism, Illegally Licensed software) යනාදියයි. මේවා සියල්ල සයිබර් අපරාධ යනුවෙන් හදුන්වනවා.නීතිමය අයිතිවාසිකම් වලින් තොරව තොරතුරු ජාල වල ඇති රහස්‍ය තොරතුරු සොරාගැනීම හැකින්ග් යනුවෙන් හදුන්වන්න අතර වර්තමානයේ ලොව ප්‍රබල ආයතන පවා මේ ප්‍රහාර වලට ලක් වී තිබීම බරපතල ගෙටළුවක් බවට පත්ව තිබෙනවා. FBI ආයතනය ,නාසා ආයතනය, සෝනි සමාගම, බ්‍රසීල රජය , PayPal මුල්‍ය සමාගම ආදී වශයෙන් මේ ලැයිස්තුව තවත් දිගුවේ. Anonymous හා Luiz Sec කණ්ඩායම් මේ වන විට ලොව ප්‍රබල හැකින්ග් කණ්ඩායම් ලෙස හදුන්වනවා.

හැකින්ග් ප්‍රහාර වලට අමතරව තොරතුරු වල අයිතිය සම්බන්ධව ද ගැටළු මතු වී තිබෙනවා.කතෘ අයිතිය සඳහන් නොකර තොරතුරු ලබාගැනීම (Copyright),තොරතුරු මුලිනුපුටා දැක්වීම (Plagiarism) යනාදිය ඒ අතරට ගැනෙනවා. එසේම Licensed software නීතිවිරෝධී ලෙස භාවිතය ද මෙහිදී අවධානයට ලක් වෙනවා.Licensed Software හෙවත් පිටපත් කිරීමෙන් ආරක්ෂා කරන ලද මෘදුකාංග නිසි අවසරයකින් තොරව භාවිත කල නොහැකිය. ex – Microsoft / Adobe Photoshop මෙවැනි මෘදුකාංග ස්ථාපනයේදී අංකන ක්‍රමයක් හා එකඟ විය යුතු කොන්දේසි මාලාවන්ද දක්වා තිබෙනවා. එසේම මෘදුකාංග ,දෘඩාංග හා වෙනත් විද්‍යුත් ලිපි ලේඛන මුල් කතෘගේ සඳහනකින් තොරව උපුටා දැක්වීමද මේ යටතේ ගැනෙන නිවිරෝධි ක්‍රියා ලෙස සඳහන් කල හැකිය. (Plagiarism). මෙවැනි කටයුතු ශ්‍රී ලංකාව තුල මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද තහනම් කොට තිබෙනවා.
The following two tabs change content below.

Sandarekha Ramanayake

Latest posts by Sandarekha Ramanayake (see all)

Comments
  1. Madhuranga
  2. Malindu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.