Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

11.2.1 තොරතුරු පද්ධතීන් (Information Systems)

මූලික වශයෙන් ගත් කල තොරතුරු පද්ධතියක් යනු මිනිසුන්,ක්‍රියාකාරකම් සහ තාක්ෂණයේ එකතුවකි. මෙමගින් දත්ත එක්රැස් කිරීම (Data Collection), දත්ත විශ්ලේෂණය කිරීම (Analyse), දත්ත සැකසීම (Data Processing) තුලින් තොරතුරු නිර්මාණය කිරීම (Creation), දත්ත ගබඩා කිරීම (Storage) හා බෙදාහැරීම (Distribution) සඳහා උපකාර කරනු ලබනවා.

තොරතුරු පද්ධතියක ක්‍රියාකාරිත්වය

 

තොරතුරු පද්ධතියක ලක්ෂණ (Characteristics of an Information System)

  • ඕනෑම තොරතුරු පද්ධතියක් සඳහා ආදාන හා ප්‍රතිදාන තොරතුරු ඇත.
  • අදාන දත්ත තොරතුරු බවට සංවිධනය කිරීමේ හැකියාව ඇත.
  • තොරතුරු විශ්ලේෂණය (Information Analysis ) කර ඒ මගින් දැනුම (Knowledge) උකහා ගැනීමේ හැකියාව පවතී.
  • පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව (Accessibility) –  පරිශීලනය කරන්නන් හට පහසුවෙන් ප්‍රවේශනය වීමේ හැකියාව හොඳ තොරතුරු පද්දතියක ලක්ෂණයකි. 
  • නිරවද්‍යතාවය (Accuracy) – තොරතුරු සකස්කිරීමේදී හා ඒවා ඉදිරිපත් කිරීමේදී නිවැරදි බව වැදගත් වේ. නිරවද්‍යතාවයෙන් අඩු තොරතුරු මගින් තීරන ගැනීමේදී ගැටළු මතුවේ.
  •  සරල බව (Simplicity) – මිනිසාගේ කටයුතු පහසුකර ගැනීම සඳහා නිර්මාණය කර ඇති බැවින් මේවා සරල විය යුතුයි.
  • සුරක්ෂිතභාවය (Secure) – වැදගත් තොරතුරු වලින් යුක්ත නිසා මේවයේ ආදාන හා මෙහෙයුම් කටයුතු  සිදු කිරීමට බලයලත් පරිශීලකයින් (Authorized users) අවශ්‍ය වේ.

 

තොරතුරු පද්ධතීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එනම්,

 
1. පරිඝනක තාක්ෂණය මත පදනම් වූ තොරතුරු පද්ධතීන් (Information systems based on computer technology)

කෘතීම පද්ධතියක් වන මෙය,පරිඝනක මෘදුකාංග හා දෘඩාංග භාවිතයෙන් නිර්මාණය කරනු ලබන අතර මේවා සැලසුම් කිරීම (Planning), පාලනය කිරීම (Controlling), සමායෝජනය කිරීම (Coordination) සහ තොරතුරු පද්ධතීන් මගින් වැදගත් තීරන ගැනීම (Decision making) සිදු කරනු ලබයි.

උදා :- ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය (Automated Teller Machine)

 

2. පරිඝනක තාක්ෂණය මත පදනම් නොවූ තොරතුරු පද්ධතීන්  (Information systems not based on computer technology)  
පරිඝනක මෘදුකාංග හෝ දෘඩාංග වැනි තාක්ෂණික මෙවලම් භාවිතයෙන් තොරව නිර්මාණය වූ පද්ධතීන් මෙම වර්ගයට අයත් වේ. බොහෝ විට මේවා ස්වභාවික ජීවී පද්ධතීන් හෝ භෞතික පද්ධතීන් වේ.

උදා  :-  මානව ස්නායු පද්ධතිය, පරිසර පද්ධති

 

තොරතුරු පද්ධති වර්ග (Information System Types)

පරිඝනක තාක්ෂණය උපයෝගී කර නොගන්නා තොරතුරු පද්ධති භාවිතයේදී ඇතිවන ගැටළු නිරාකරණය කරගැනීම සඳහා මිනිසා විසින් පරිගණක තාක්ෂණය යොදාගන්නා තොරතුරු පද්ධති නිර්මාණය කරනු ලබයි.මෙම තොරතුරු පද්ධති නිපදවීමේදී සෑම විටම එක්තරා අරමුණක් හෝ අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා අවදානය යොමු කර ඇත.ඒ අතරින්  පුද්ගල සම්බන්දතාවකින් තොරව ක්‍රියාත්මක වීම සඳහා ස්වයංක්‍රීය තොරතුරු පද්ධති නිපදවා තිබේ. පහත දැක්වෙනුයේ මිනිසා විසින් නිපදවා ඇති තොරතුරු පද්ධති වර්ග කිහිපයකි.

  • ස්වයංක්‍රීය කල පද්ධති (Automated Systems)
  • කළමනාකරණ සහය පද්ධති (Management Support Systems)
  • භූගෝලීය තොරතුරු පද්ධති (Geographical Information Systems)
  • දැනුම් කළමනාකරණ පද්ධති (Knowledge Management Systems)
  • අන්තර්ගත කළමනාකරණ පද්ධති (Content management Systems)
  • ව්‍යවසාය සම්පත් සැලසුම් පද්ධති (Enterprise Resource Planning Systems)
  • ප්‍රවීන පද්ධති (Expert Systems)
  • නිහිත පද්ධති (Embedded Systems)

11.2.2 පරිච්ඡේදය ඔස්සේ මෙම තොරතුරු පද්ධති වර්ග එකිනෙක ගෙන විමසා බලමු.

The following two tabs change content below.

Sahani Pinidiya

Latest posts by Sahani Pinidiya (see all)

Comments
  1. nipun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *