Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

7.3.2 ගැලීම් සටහන් ඇඳීම – ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු (Flowcharts – Model questions and answers)

ගැලීම් සටහන් ඇඳීම සම්බන්ධව අප මිට පෙර පාඩමකදී සවිස්තරාත්මකව කතා කළා ඔබට මතක ඇති. අද මෙම ලිපියෙන් තව දුරටත් ගැලීම් සටහන් අදින ආකාරය පෙන්වීමට ආදර්ශ ප්‍රශ්න කීපයක් අපි ඉදිරිපත් කරනවා. ඒවාට පිළිතුරු ද ඔබට බලාගන්නට පුළුවනි.
 

ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු 


1.) විෂයන් 4ක ලකුණු ලබාගෙන මුළු ලකුණු සහ සාමාන්‍ය ලකුණු ලබාගන්න. සාමාන්‍ය ලකුණු 50ට අඩු නම් “Fail” ලෙසත් එසේ නැතිනම් “Pass” ලෙසත් ප්‍රතිදානය කරන්න.
 
 
2.) වෙළඳ ආයතනයක් මිලදීගත් භාණ්ඩ වල මුළු වටිනාකම සඳහා පහත පරිදි වට්ටම් ලබා දෙනු ලැබේ. මුළු වටිනාකම රු. 5000ට වැඩි නම් 10%ක වට්ටමක්ද, එසේ නොමැතිනම් 5%ක වට්ටමක්ද ලබා දේ. මිලදීගත් භාණ්ඩ වල මුළු වටිනාකම ලබාගෙන ඒ සඳහා ලැබෙන වට්ටම ගණනය කර ප්‍රතිදානය කරන්න.
 


3.) ව්‍යාපාරික ආයතනයක් වෙළඳ සේවකයන් සඳහා රු. 8000/= ක ස්ථිර වැටුපක් සඳහා පහත පරිදි මාසික කොමිස් මුදල් ලබාදේ. සේවකයෙකු විසින් සිදු කරනු ලබන මුළු විකුණුම් ප්‍රමාණය රු. 50,000 ඉක්මවා ඇත්නම් ඒ සඳහා 25%ක කොමිස් මුදලක්ද, එසේ නැතිනම් 10%ක කොමිස් මුදලක්ද ලබාදේ. සේවකයෙකු විසින් සිදු කරන ලද මුළු විකිණුම් වල වටිනාකම ලබාගෙන ඔහුට ලැබෙන මාසික වැටුප ගණනය කරන්න.


ඉහත සාකච්ඡා කල කරුණු වලට අමතරව නැවත නැවත සිදුවන පියවර සහිත ක්‍රියාවලි  (loop) හි  while loops තව දුරටත්  කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්,  

    •  Pre – Test Loop

 

  •  Post – Test loop 

 

Pre – Test Loop හිදී iterate වීම සදහා සලකනු ලබන  condition එකේ සත්‍ය අසත්‍යතාව (true or false) නැවත නැවත සිදුකලයුතු statement එකට කලින් සලකා බලයි.condition එක අසත්‍ය උවහොත් statement එක කිසිදු අයුරකින්  execute නොවේ.සාමාන්‍ය while loop මේ ගණයට අයත් වේ.මෙහි ගැලීම් සටහන පහත දැක්වේ.

Post – Test loop හිදී iterate වීම සදහා සලකනු ලබන  condition එකේ සත්‍ය අසත්‍යතාව (true or false) නැවත නැවත සිදුකලයුතු Statement එක  execute කිරීමෙන් පසු සලකා බලයි. මෙහිදී condition එක අසත්‍ය උවත් statement එක අවම වශයෙන් එක් වතාවක් execute  වේ.මෙය Do while loop ලෙස හදුන්වයි.

 Statement sequence එක් වතාවක් execute කිරීම අනිවාර්ය හා එහි ප්‍රතිපල මත statement sequence එක නැවත iterate වීම තීරණය කලයුතු අවස්ථාවක මෙය බාවිතා වේ.
 
The following two tabs change content below.

Paba

Latest posts by Paba (see all)

Comments
  1. wasula
  2. ශේෂානි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.