Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

9.1.2 නොයෙක් වර්ගයේ දත්ත සමුදාය ආකෘතීන් පිළිබඳ අධ්‍යයනය (Compares and contrasts different types of database models)

පළමුවන පාඩම් මාලාවේදී අපි ඒක ගොණු පද්ධතීන් හා ධූරාවලි ආකෘතිය ගැන කතා කළෙමු.(පළමු කොටස- ඒක ගොණු පද්ධතීන්, ධූරාවලි ආකෘතිය)    මේවා බාවිතයේදී පැනනැගුනු ප්‍රයෝගික  ගැටළු මත පදනම්ව, වඩාත් ප්‍රයෝගික  දත්ත සමුදාය ආකෘතීන් පිළිබද බොහෝදෙනා  පර්යේෂණයේ නියලුනි.ජාල ආකෘතිය හා සම්බන්දක ආකෘතිය ඒම පර්යේෂණ වල ප්‍රතිපලයකි.

 

ජාල ආකෘතිය (Network Model)

ජාල ආකෘතිය, ධූරාවලි ආකෘතියෙන් තවත් ඉදිරියට ගෙන ආ ආකෘතියකි. ධූරාවලි ආකෘතියේ එක් දරුවෙකුට සිටින්නෙ එක් දෙමාපියෙක් පමණක් වුවත් ජාල ආකෘතියේ එක් දරුවෙකුට දෙමාපියෙකු හො වැඩි ගණනක් සිටිය හැක. මෙනිසා ධූරාවලි ආකෘතිය, ජාල ආකෘතියේ උප කුලකයක් ලෙස ද හැදින්විය හැකි අතර ජාල ආකෘති වල වැඩි ගණනකට වැඩි ගණනක (many to many) සම්බන්ධතා ඇතිවෙ.  ජාල ආකෘතියෙන් සම්බන්ධතා නැවත නැවත යෙදීමෙන් වන දත්ත නැවත නැවත යෙදීම වැලකෙන අතර වඩා සංකීර්ණ දත්ත ගොනු නිර්මාණය කිරීමට හැකියාව ලැබේ.

 
 

 

වාසි

  • පහසුවෙන් සිතා ගැනීමෙ හැකියාව.
  • දත්ත පරිශීලනයේ පහසුව.
  • විවිද සම්බන්ධතා පාවිච්චි කිරීමෙ හැකියාව.
  • නිරවැරදි බව / සම්පූර්ණ බව වැඩි වීම.

අවාසි

  • වෙනස් කිරීමට ඇති අපහසුව.
  • ඉතා සංකීර්ණ වීම.

සම්බන්ධක ආකෘතිය (Relational Model)

සම්බන්ධක ආකෘතියක් සම්බන්ධතා කිහිපයක එකතුවකින් සෑදී තිබේ. එක් එක් සම්බන්ධතාවය දත්ත සමුදායක නිරූපණය වන්නේ වගුවක් මාර්ගයෙනි. සම්බන්ධතාවයක ලක්ෂණ වගුවේ තීරු මගින් නිරූපණය වේ (වගුව: සේවකයා | ලක්ෂණ: නම, ක්‍රියාංශය, ලිපිනය, … ). වගුවෙහි පේලි මගින් සම්බන්ධතාවයේ දත්ත නිරූපණය වේ. මෙහිදී යතුරු වර්ග දෙකක් භාවිත වේ. එවා:

 
 
 
  • ප්‍රාථමික යතුර (Primary Key) – එක් එක් පේලි වල අනන්‍ය බව ඇති කිරීම. මේ මගින් පහසුවෙන් පේලියක ඇති දත්ත ලබාගැනීම කලහැක.
  • ආගන්තුක යතුර (Foreign Key)- මෙය වෙනත් වගුවක ප්‍රාථමික යතුරක් වේ. මෙමගින් වගු දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනැගීම සිදුකරයි.
 

ඉහත රූපයේ පරිදි අපට එක් වගුවකින් විෂයන් පිළිබඳවත් ( වගුව: විෂය | ලක්ෂණ: නම, කාල_පරිච්ඡෙද_ගණන ) තවත් වගුවකින් ගුරුවරයින් පිළිබඳවත් ( වගුව: ගුරුවරයා | නම, උගන්වන_විෂය, ලිපිනය ) නිරූපණය කල හැක. මෙහිදී විෂය වගුවේ ප්‍රාථමික යතුර, ගුරුවරයා වගුවේ උගන්වන_විෂය වෙනුවට ආගන්තුක යතුර ලෙස රැගෙනවිත් තිබේ. එමගින් වගු දෙක අතර සම්බන්ධය ගොඩනැගීම සිදුවේ ( සම්බන්ධය: උගන්වයි ). සම්බන්ධක රූප සටහන් ඇඳීමෙදී  සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් ඇති  අතර, ඒ පිළිබඳව ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

වාසි

  • වගු නිසා භාවිතය පහසු වීම.
  • දත්ත විවිධ  ගණිත සංකල්ප යොදා ගනිමින් හැසිරවීමේ හැකියාව. (Join, Intersect, Union, Difference, Product and Project)
  • දත්ත වලට වැඩි ආරක්ෂාවක් ලබා දිය හැකි වීම.

අවාසි

  • දෘඩාංග වල වැඩි ක්‍රියාකාරිත්වයක් අවැසි වීම.
  • දත්ත පිළිබද වැටහීමක් ධූරාවලි ආකෘතියකින් මෙන් බැලූ බැල්මට නොලැබීම.
The following two tabs change content below.

Darshana Ratalakotuwa

Latest posts by Darshana Ratalakotuwa (see all)

Comments
  1. sandya Fernando
  2. වජිරා සෙව්වන්දි
  3. Lakchan
  4. lakshitha
  5. Shadow
  6. Mudith rajapaksha
  7. Lachitha
  8. Tharushi
  9. Hirosha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.