Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

PHP මූලික හැඳින්වීම (Introduction to PHP)

 
PHP එහෙමත් නැත්නම් PHP: Hypertext Preprocessor කියන්නේ දැනට ලෝකයේ බහුලවම භාවිතා වන scripting language  එකක්. PHP විවෘත කේත (Open Source) පරිගණක භාෂාවක්. වෙබ් අඩවි නිර්මාණයට යොදා ගන්න පුලුවන් වේගවත් ඒ වගේම පහසු භාෂාවක් තමයි PHP. 

 වෙබ් අඩවි නිර්මාණයේ දි ප්‍රධාන කොටස් දෙකක් සලකන්න පුලුවන්. 

  1. Client 

   2. Server

භාවිතා කරන්නාගේ ක්‍රියකාරකම් වලට හොද අන්තර් ක්‍රියාකාරිත්ව(Interactive) දක්වන වෙබ් අඩවි නිර්මාණයට , හොද Client side මෙන්ම Server side ක්‍රමලේකනයක් අවශ්‍යයි. කෙසේ උවත් ,අවසානයේදී   HTML  කේතයන්(උදා: ) අනුව, Browser එක මගින් අදාල වෙබ් පිටුව පෙන්වීම සිදු වෙනවා. 

අන්තර්ජාලය හා විශ්ව විසිරි වියමන( World Wide Web) ක්‍රියාත්මක වන්නේ එකක් කියන්නේ නීති පද්ධතියක්. ඒකට අනුකූලව client and server දෙකම වැඩ කරනවා. 
 
උදාහරණයක් විදියට facebook එකට ලොග් වෙද්දි අපි www.facebook.com කියන request එක browser එක හරහා server එකට යවනවා. server එකෙන් අපිට response එකක් විදියට වෙබ් පිටුවක් ලැබෙනවා. මෙතනදි browser එක client හැටියටත්, අපිට response එක එවන කෙනා server හැටියටත් සලකන්න පුලුවන්.
බොහෝ දෙනෙක් දන්න HTML, තමයි වෙබ් පිටුවක මූලිකවම තියෙන්නෙ. PHP වලින් හදපු වෙබ් පිටුවක් , වෙබ් browser එක මගින් HTML වලට හරවනවා.()


PHP බොහෝවිට යොදාගන්නේ ගතික අන්තර්ගතයක් (Dynamic Content) සහිත වෙබ් අඩවි නිර්මාණය සඳහා. ඒ කියන්නේ එහි අන්තර්ගතය නිරන්තරයෙන් වෙනස් වන වෙබ් අඩවි.

උදාහරණයක් ලෙස අප වෙබ් අඩවියකට ඇතුල්වීමේදී පරිශීලකයාගේ නම (Username) සහ මුරපදය (Password) විමසා සිටිනවා.ඒවා නිවැරදිව ඇතුලත් කිරීමෙන් පසු අපට දිස්වන්නේ ආමන්ත්‍රණයක් සහිත අන්තර්ගතයක්.
 

  Ex:Welcome Lakshitha
       Welcome Rukshan

මෙහිදී මෙම පරිශීලක නම් ගතික අන්තර්ගතයක් ලෙස සලකන්න පුලුවන්.

වෙනත් ක්‍රමලේඛ භාෂා වලදී වගේම දත්ත (Data)  පෙන්වීම සඳහා විචල්‍යයන් (variables) භාවිතා කරනවා.

එමගින් කිසියම් දත්ත මූලිකයක් (DataBase) හා සම්බන්ධ වී අදාල දත්ත ලබගන්නවා. ඉන්පසු එම දත්ත විචල්‍යයන් යොදාගෙන වෙබ් පිටුවලට අන්තර්ගත කරනවා.

පහතින් දැක්වෙන්නේ PHP කේතයක් හා එය Browser එක මගින් කියවීමෙන් ජනනය (generate) වන HTMLකෙතයක්.
PHP Input 

Output

PHP Test

Hello World

PHP ස්තාපනය කිරිම (installation) හ විචල්‍යයන් (variables) සම්බන්ධව ඉදිරියේදී කතා කරමු. 🙂

The following two tabs change content below.

Supun Dharmarathne

Latest posts by Supun Dharmarathne (see all)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.