Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

1.1.2 තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ (Basic Building Blocks of Information)

මිට ඉහත “1.1.1 තොරතුරු වල මුලික තෑනුම් ඒකක හා එහි ගති ලක්ෂණ ” පාඩම මදක් සිහියට නැගුවහොත් …

 
දත්ත “අවිධිමත් අර්ථ රහිත අසංවිධිත අංග සමුහයක් ” ලෙස නිර්වචනය කර හැකියි.සරල ලෙස මූලික අර්ථයෙන් ලබාදෙන (source format)  සකස්කිරිමකට භාජනය නොකළ කරුණු (facts) ,සංඛ්‍යා (numbers) , රූප   (images)  සහ මිනුම් (measures)සැලකිය හැක . දත්ත ප්‍රධාන වශයෙන් ,ලිඛිත (Text),ශ්‍රව්‍ය (Audio ), දෘශ‍ය(Video) මෙන්ම ,ප්‍රමාණාත්මක(qualitative) හා ගුණාත්මක ලෙසත් වර්ගකල දැක්විය හැක.
 
අප අවට පරිසරයේ සුවිශාල දත්ත සමභාරයෙන් පවතින අතරම නිර්මාණය ද වේ .(උදා: කාළගුණික වෙනස් වීම් වලට අදාල දත්ත).  නමුත්, නුතන මිනිසා එම දත්ත වලින් සාර්ථක ලෙස තොරතුරු උකහා ගනීද යන්න සැකසහිතය .එසේ වුවත් ,මේරු ,කුහුබුවන් ,කවුඩන් ආදී විවිධ සතුන්ගේ විවිධ හැසිරීම රටා නිරීක්ෂණය කරන ලද පැරැන්නෝ ,පාරිසරික වෙනස් වීම් ,කාලගුණික වෙනස් වීම් ගැන කල්තියා නිගමනය කර, සුදුසු ක්‍රියාමාර්ග වලට එලබිමටත් අතිශය සමර්තයෝ විය. 
වර්තමානයේ කලබලකාරී ජීවන රටාව තුල , අපි දත්ත ලෙස සැලකිය හැකි සතුන්ගේ විවිධ ක්‍රියාකාරකම් කොතෙකුත් දුටුවත් ,එමගින් වැදගත් තොරතුරක් උකහා ගැනීමට සැලකිලිමත් වන්නේ ,ඉතාමත් අවම වශයෙන්. 2004 වර්ෂයේදී ශ්‍රී ලංකාවට බලපෑ සුනාමි අවස්ථාවේදී සතුන්ගේ හැසිරීම මෙයට එක් උදාහරණයක් පමණි.
 

මුහුදු ළිහිණි – වායු පීඩනයේ වෙනස්කම් වලට සංවේදී වීම

වැඩිදුර විස්තර :http://science.howstuffworks.com/nature/climate-weather/storms/animals-predict-weather.htm

 
පරිගණකයේ සුවිශේෂී දියුණුවත් සමගම දත්ත උකහා ගැනීම හා තොරතුරැ බවට සැකසීම කාර්යක්ෂම වු අතරම , අන්තර්ජාලයේ(Internet) හා විශ්ව විසිරි වියමන(World Wide Web) අති විශාල දත්ත ප්‍රමානයක් දෛනිකව නිර්මාණය කරමින් පවතී . විශ්ව විසිරි වියමනේ  පවතින විවිධ වෙබ් අඩවි හා විවිධ සමාජ ජාල තුල භාවිතා කරන්නන් එහි සිදු කරන ක්‍රියාකාරකම් මෙයට මුලික වශයෙන් පාදක වේ .තොරතුරැ තාක්ෂණයේ දියුණුවත් සමගම ,වෙළඳ සමාගම් මෙලෙස එක්රැස් වන දත්ත, නව  අවශ්‍යතා හදුනා ගැනීමට , නව නිෂ්පාදන හදුන්වාදීමට ,අත්හදාබැලීමට  ,තරගකරුවන් සුවිශේෂිතා හා දුර්වලතා හදුනාගැනීමට යොදාගනී.මෙලෙස එකරැස් කල තොරතුරු  හෝ සංක්ෂිප්ත දත්ත  ,අලෙවිකරණ විශේෂඥයන්ටඉතාමත් වැදගත් වන අතර අර්ථකථනය (interpret ) මගින් වඩාත් වැදගත් තොරතුරු විවරණය කර  ගත හැක.
 
තොරතුරු තාක්ෂණයට අත්පොත් තබන්නෙක් ලෙස මෙහිදී අවධාරනය කරගත යුත් කාරණාවක් වන්නේ , තොරතුරක ස්වභාවය, ප්‍රොයෝජනවත් බව හා අර්ථ දක්වන ආකාරය, එය අවශ්‍ය කරන්නාගේ හෝ භාවිතා කරන්නා  මත රඳාපවතින බවයි .මේ අවබෝධයත් සමග අප තොරතුරක අර්ථ දැක්වීම වෙත යොමු වෙමු.
අදාල පුද්ගලයකුට අර්ථවත් වන සේ සකස් කරන ලද දත්ත තොරතුරු නම් වේ.

 

 

 

තොරතුරු වල ගති ලක්ෂණ (Characteristics of Information)

  • අර්ථවත් වේ – තොරතුරක් දත්තයකින් වෙනස් වන ප්‍රධාන සාධකය එය අදාල පාර්ශවය අර්ථ දක්වා වෙනත් තොරතුරක් හෝ දැනුම උකහා ගත හැකි වීමයි. උදාහරණයක් ලෙස  රෝගියකුට  රෝග ලක්ෂණ (facts ,data) මත පදනම්ව තමන් විසින්ම රෝග වින්ශ්වය කර නිගමනයකට එලබීමට  අනුමත නොකරයි. සුදුසු වෛද්‍යවරෙක් මෙම ලක්ෂණ මගින් වලදී ඇත රෝගය පිළිබද කිසියම් නිගමනයකට (information) එලබීමට හැකියාව ඇත.
  • පෙර දැනුම නවීකරනය කරයි. – කුඩා අවදියේ පටන්  විවිධ  දේ ප්‍රගුණ  කිරීමෙන් නිර්මාණය වන හැකියාව  හා විධිමත අධ්‍යාපනයකදී විවිධ න්‍යායත්මක කරුණු අර්ථ ගැන්වීමේදී  ලබන අවබෝධය  දැනුමට මුලික අඩිතාලම සපයයි.නමුත් අප දෛනිකව පරිසරයෙන් උකහාගන්නා තොරතුරු මගින්  ,යමක් පිළිබද අවබෝධය ,අරුත්ගන්විම වෙනස් කරන අතර එය අපගේ දැනුම නවීකරණය කරයි.
  • අන්තර් සන්නිවේදන මාධ්‍යකි.- අරුත්ගන්වා වඩාත් සුදුසු  තීරණ ගැනීමට දත්ත රාශියකට සාපේක්ෂව තොරතුරු  ස්ථිර වශයෙන් මග පාදයි.
  • කාලින වන අතර තීරණ ගැනීමට උපකාරී වේ.- කිසියම් වස්තුවකට අදාළ කරුණු (facts)බොහෝ  දුරට නොවෙස් වන නමුත් අප උකහා ගන්න හෝ   වෙනත් මර්ගයන් මගින් ලැබෙන තොරතුර කාලීනව වෙනස් වීමට බොහෝ දුරට අවස්ථාව ඇත. උදාහරණයක් ලෙස ඔබ දිගුකාලින  භාණ්ඩයක් මිලදී ගැනීමේදී එම භාණ්ඩය නිරීක්ෂණය කර ලබා ගන්න කරුණු වලට පමණක් සිමා  නොවේ.මිට ඉහතදී භාවිතා කල මිතුරන්ගෙන් ඇසීම ,ගුණදොස් විවේචනය (product review) පිරික්සිම ආදී විවිධ  තොරතුරු සෙවීම් වලට යොමු වන්නේ වඩාත් සුදුසු තීරණයකට එලබිමටයි.
 
The following two tabs change content below.

Yasas Karunarathna

Latest posts by Yasas Karunarathna (see all)

Comments
  1. sandya Fernando

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.