Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

ලොවක් දිනන්න : Google Code In

Fit2School මගින් අද අප ඉදිරිපත් කරන්නේ,  පාසල් සිසු සිසුවියන් ලෙස ඔබේ දස්කම ලොවටම කියා පෑ හැකි වටිනා අවස්ථාවක් ගැනයි.

විවෘත්‍ර  හා නිදහස් මෘදුකාංග (Free and Open Source Software) පිළිබදව මීට පෙර ලිපියක කථා කළෙමු. ඔබට ඉතා හුරුපුරුදු Android, Mozilla Firefox, MySQL, Blender හා Ubuntu වැනි  මෘදුකාංග FOSS සදහා කදිම නිදසුන්ය. බොහෝ විවෘත්‍ර මෘදුකාංගවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ, ඒවා ප්‍රජා-විකසිත (community-developed) වීමයි. 

අගනා අවස්ථාවක් …

ප්‍රජා-විකසිත, විවෘත්‍ර මෘදුකාංග නිර්මාණයට පාසල් සිසු සිසුවියන් හවුල් කරගන්නා අගනා තරගාවලියක් Google සමාගම හදුන්වා දී තිබෙනවා. නොවැම්බර් 18 – ජනවාරි 6 කාල පරාසය තුල පැවැත්වෙන මෙම Google Code-In තරගාවලියට සහභාගි වෙමින් විශාල අත්දැකීම් සම්භාරයක් මෙන්ම වටිනා සහතික පත්‍ර හා ත්‍යාගය දිනා ගැනීමට ඔබට හැක! මේ යටතේ මහා පරිමාණ විවෘත්‍ර මෘදුකාංග සංවිධාන 10ක් සහභාගි වෙනවා. Apertium, BRL-CAD, Copyleft Games Group, Drupal, Haiku, KDE, RTEMS, Sahana Software Foundation, SugarLabs හා Wikimedia Foundation තමයි මේ සංවිධාන. 

 

මූලික සුදුසුකම් ..

Google Code-In සදහා සහභාගී විමට නම් ඔබ 18/11/2013 දිනට වයස අවුරුදු 13-17 අතර වීය යුතුය.
එසේ නම් ඔබත් දැන්මම Google Code-In සදහා ඇතුළත් වන්න: Register Now!
ලියාපදිංචි වීමෙන් පසු ඔබ පහත ලියකියවිලි වල digital version එකක් ඉදිරිපත් කළ යුතුය.    1. මාපිය/භාරකරු අවසර පත්‍රයක් – මෙම සබැදියෙන් ලබාගන්න Registration Documents   2. පාසලෙහි ID පත්‍රයෙහි පිටපතක් – මෙහි ඔබේ නම, ඡයාරුපය, පාසලේ නම/ලාංචනය හා වසර සදහන් වී තිබිය යුතුය.පාසලෙන් ඔබට ID පත්‍රයක් ලබාදී නොමැතිනම් ,දී ඇති ආකෘතියට අනුව  ID පත්‍රයක්  සකස් කර ,පාසලේ ඉගැනුම ලබන බවට  ලිපියක් හෝ අදාළ දත්ත සහිත වෙනත් ලේඛනයක් ඉදිරිපත් කළ හැක.

 

තරගාවලි විස්තර …

දැන් Google Code-In හි සැකැස්ම ගැන විස්තරාත්මකව බලමු. 
Google Code-In ට සහභාගි වන සෑම සමාගමක්ම නා නා විධ හැකියා හා දස්කම් මට්ටම් වලට සරිලන කාර්යයන් (Tasks) ලැයිස්තුගත කර ඇත. මෙම tasks පහත වර්ගීකරණයන්ට අයත් වේ.

 

1. කේතනය (Coding) – විවිධ ක්‍රමලේඛන භාෂාවන්ට (programming languages) අදාළ කේතක (coding) හා පවතින කේතන වැඩි දියුණු කිරීම.
උදා – BRL-CAD : 3D සැකැස්මක පරිමාව ගණනය කිරිම.

 

2. ලේඛනගතකරණය (Documentation/Training) – යම් මෘදුකාංගයක් භාවිතා කරන අයුරු / කේතනයක කාර්යභාරය (functionality of code) පිලිබදව විස්තරාත්මකව ලිවිම.  උදා – Drupal : රැස්වීම් සදහා ආකෘති පත්‍රයක් සැකසීම.

 

3. ව්‍යාප්තිය /පර්යේෂණය (Outreach/Research) – අලෙවිකරණ සම්බන්ධ කටයුතු (marketing) හා මෘදුකාංග වඩාත් වැඩි දියුණු කිරිමට පර්යේෂණ.
උදා – Sugar Labs: වීඩියෝ පටයක් සැකසීම.

 

4. ප්‍රමිතිකරණය (Quality Assurance) – කේතනයන්හි ක්‍රියාකාරිත්වය පරීක්ෂා  කිරිම (Testing).  උදා – Sahana Software Foundation : මෘදුකාංග භාවිතයේදී පැන නගින දෝෂ දෙකක් වාර්තා කිරීම.

 

5. පරිශීලක අතුරුමුහුණත් (User Interface) : පරිශීලක අතුරුමුහුණත් නිර්මාණය
උදා – Sugar Labs: ක්‍රියාකාරකම් වලට සමගාමී badges නිර්මාණ කිරීම.

 

Task පටන්ගනිමු …

 

ලියාපදිංචි වී අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරිමෙන් පසු ඔබට කැමති task එකක් තෝරා ගත හැක. මේ සදහා Tasks Listing බලන්න.  මෙහි සෑම task එකක් සදහා දී ඇති වර්ගීකරණය හා tags ඇසුරින් ඔබට ඔබේ දස්කම් හා රුචිතාවයට සරිලන task හදුනාගත හැක. යම් task පිලිබද වැඩි විසතර එහි නම හා සම්බන්ධ ලින්කුවෙන් ඔබට ලබා ගත හැක.
ඔබට සරිලන task සොයා ගත් පසු ඔබ එය හිමිකර (claim) කර ගත යුතුය. ඇතැම් විට එය දැනටමත් claim වී ඇත්නම් එය ඔබට කල නොහැක.
සෑම taskම සාර්ථකව කිරිමට සහය වීමට උපදේශකයකු (mentor) ඇති අතර ඔබට එම task ට අදාළ වැඩි විස්තර ඔහු/ඇයගෙන් ලබා ගත හැක.
යම් task එකක් claim කිරීමෙන් පසුව ඔබට එය නිම කිරිමට ඇත්තේ සීමිත කාලයකි. මෙම කාලය තුළ ඔබ එය mentorගේ අනුමැතියට සරිලන ලෙස සාර්ථකව නිම කලහොත් ඔබට එක් ලකුණක් හිමි වේ. යම් අවස්ථාවක දී කිසියම් කාර්යයක් සදහා වෙන් කර ඇති කාලය වැඩි කරගැනීමට ඔබට අනුමැතිය ලබාගත හැක.

ත්‍යාගය රැසක් …

Task එකක් සාර්ථකව නිම කිරිමෙන් ඔබට Google වෙතින් අගනා සහතික පතක් හිමි වන අතර task 3ක්  සාර්ථකව නිම කිරිමෙන් ඔබට Google වෙතින් T-Shirt ලබා ගත හැක. තරගාවලිය අවසානයේ සෑම සමාගමක්ම හොදම දායකයින් දෙදෙනා බැගින් නම් කරන අතර ඔවුන් සියල්ලටම කැලිෆෝනියාවේ  Google මූලස්ථානයට සංචාරක අවස්ථාව හිමි වේ.
ඉතින් ඔබත් අදම මේ අගනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.

 

මතක තබාගන්න …

Google Code-In සදහා සහභාගී විමේදී ඔබ  සෑම විටම මතක තබා ගත යුතු වැදගත් කරුණකි. එනම් යම් දුෂ්කරතාවයක් මතු වූ විට එහි විසදීමෙහි ලා ඔබේ mentor හෝ වඩාත් දැනුවත් යමෙකුගෙන් උදව් ඉල්ලිමට මැලි නොවන්න. ප්‍රජා-විකසිත විවෘත්‍ර  හා නිදහස් මෘදුකාංගයන්හි මූලික ලක්ෂණය එයයි. මෙවන් අවස්ථාවක දී ඔබගේ ගැටළු විසඳාගැනීමට අදාළ සංවිධානයේ IRC (Internet Relay Chat) හා ඊ-මේල් මාර්ග විවෘතව පවතී.
ඔබේ ගැටළු හා විමසීම් මෙම ලිපියෙහි comment ලෙස අනිවාර්යයෙන්ම අසන්න. ඒවාට පිළිතුරු සැපයීමට පමණක් නොව වඩාත්ම ප්‍රමුඛ ගැටළු සදහා ලිපි ඉදිරිපත් කිරිමට ද බලාපොරොත්තු වෙමු.

 

ඔබේ මිතුරු මිතුරියන්ටත් කියන්න ..

 

මෙම ලිපිය හැකි තරම් Facebook, G+ මාධ්‍ය ජාල ඔස්සේ share කර  ඔබේ සොයුරු සොයුරියන් දිරි ගන්වන්න අමතක කරන්න එපා! මෙය ඔබේ පාසලටත් රටටත් කිර්තිය ලබා දෙන්න මහගු අවස්ථාවක්! 
The following two tabs change content below.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *