Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

12.3.තොරතුරු තාක්ෂණය භාවිතයෙන් පාරිභෝගිකයාට වැඩිදියුණු කල නිෂ්පාදන සහ සේවාවන් නිපදවීම හා බෙදා හැරීම(Analyses the IT means of generating and delivering an improved products and services to consumers)

වේගයෙන් දියුණු වන තොරතුරු තාක්ෂණය වර්තමානයේ  ලොව බොහො ක්ෂේත්‍ර වල භාවිතා වේ. ව්‍යාපාර ක්ෂේත්‍රයේ කාලින අවශ්‍යතා අනුව හැඩගැසුනු නවීන තොරතුරු තාක්ෂණ පද්ධති භාවිතය මගින් වැඩි දියුණු වූ භාණ්ඩ හා සේවා ලබාදීමට අවස්ථාව ලැබී ඇත.

ඊ – වෙළදාම (E-Business)

වෙළදාමෙහි දාර්ශනික පසුබිම 

වෙළදාමෙහි දාර්ශනික පසුබිම ප්‍රධාන වශයෙන් වෙළදාමෙහි සංකල්ප මත පදනම්ව පවතී.කාර්මික විපලවයත් සමගින් කරලියට පැමිණි නිෂ්පාදන සංකල්පය(Production Concept) ,නිෂ්පාදිත සංකල්ප(Product Concept) හා විකුණුම් සංකල්පය(Selling Concept) අභිබවා  යමින්  අලවිකරණ සංකල්පය(Marketing Concept) කාලීනව වඩාත් සාර්ථක බව මෙම සංකල්පය අනුගමනය කල වෙළද සමාගම් අධ්‍යනය කිරීමේදී පැහදිලි වේ.එබැවින් වෙළදාමෙහි දාර්ශනික පසුබිම , පරිභෝගිකයාගේ අවශ්‍යතා හා උවමනා හදුනාගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය  මෙන්ම  ආයතනයේ අරමුණු ඉටුකර ගැනීමට නිෂ්පාදන පිරිවැය හා විකුණුම්කරනය පවත්වාගැනීම යන සියල්ලේම තුලනයකි.

නිෂ්පාදිත භාණ්ඩයක් හෝ යම් සේවාවක් පිළිබදව පාරිභෝගිකයා දැනුවත් කිරිම සදහා නිෂ්පාදිතයා මහාගු වෙහෙසක් දරයි. වෙලදපලෙහි කැපී පෙනෙන වාසි ලබාගැනීමටත් වෙළදාමෙහි දියුණුව සදහාත් නිසි ප්‍රචාරණය වැදගත් වේ .ප්‍රචාරණ කටයුතු විවිධ පාරිභෝගික කාණ්ඩ සදහා නොයෙක් මාධ්‍ය ඔස්සේ සිදුවේ. අන්තර්ජාලය මේ සදහා සපයනුයේ ඉතා වැදගත් පසුබිමකි.

අන්තර්ජාල ප්‍රචාරණය(ඉන්ටෙර්නෙට් Marketing)

 තොරතුරු තාක්ෂණය නිසා වර්තමානයේ ව්‍යාපාර ක්ෂේත්‍රය එක පද්ධතියක් (Global Marketplace) බවට පත් වී ඇත.

  • මිලදී ගැනීමේදී / විකිණීමේ භූගොලීය දුෂ්කරතා නැතිවීම
  •  ව්‍යාපාරයක් දවස පුරාම ලොව වටා පාරිභෝගිකයන්ට විවෘතව තැබීමට හැකිවීම
  • මූල්‍යමය සේවාවන් කාර්යක්ෂම වීම (e-Banking) වැනි වාසි රැසක් මෙමගින් සිදු වේ .

අන්තර්ජාලය, වෙළදපල ප්‍රචාරණය සදහා මහගු පිටිවහලක් සපයනු ලබයි. පුළුල් පාරිභෝගික ජනතාවක් සුළු කාලයකදී කාර්යක්ෂමව ඇමතීමට හැකිවේ. එසේම ප්‍රචාරණ කටයුතු අඩු වියදමකින් සාර්ථකව සිදුකිරීමටද හැකියාව ලැබේ.

වෙනත් රටක භාණ්ඩයක් හො සේවාවක් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීම වර්තමානයේ තත්පර කිහිපයකට සිමා වී තිබේ. මෙය තනි ව්‍යාපාරයකට මුලු ලොකයේම පාරිභෝගිකයන් අතරට යාමට මහගු පිටිවහලක් වේ . e-Business සංකල්පය ලොව පුළුල් ව භාවිත වීමට මෙවැනි සාධක හේතු වී ඇත. අන්තර්ජාලය භාවිතයෙන් Virtual Shopping, Virtual Stalls සීග්‍රයෙන් පැතිරී යමින් තිබේ (eBay, Amazon.com)

 

වර්තමානයේ වඩා ප්‍රචලිත අන්තර්ජාල ප්‍රචාරණ ක්‍රම ලෙස,

– ජංගම දුරකථන හා සබැදි ප්‍රචාරණ (Mobile Marketing)
– වෙබ් අඩවි වල දැන්වීම් (වෙබ් බැනර් )
– Google , Yahoo වැනි Search Engine හි දැන්වීම්
– සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරණය (Social Media Marketing)
– විද්‍යුත් ලිපි මගින් ප්‍රචාරණය (e-mail Marketing)
සැලකිය හැකියි.

මෙහිදී විශාල සේවාවක් සිදු වුවත්, ප්‍රචාරණ කටයුතු වල විදිමත් බව, සුරක්ෂිත බව සහ වලංගු භාවය පිලිබදව සැලකිලිමත් විය යුතුය.

 

සාර්ථක ලෙස අන්තර්ජාල ප්‍රචාරණ ක්‍රම යොදාගැනීම පිළිබද උදාහරණයක් ලෙස ලංකාවේ ikman.lk වෙබ් අඩවිය හැදින්විය හැකියි. භාණ්ඩ හා සේවා, නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයාට සැපයීමට මාධ්‍යක් ලෙස අන්තර්ජාලය භාවිතා කිරීම මෙහි මුලික අරමුනයි. භාණ්ඩ පිලිබදව තොරතුරු මෙම වෙබ් අඩවියේ පල කෙරෙන අතර පාරිභෝගිකයාට වෙබ් අඩවිය තුලින් අවශ්‍ය භාණ්ඩ පිලිබදව තොරතුරු ලබා ගත හැකි වේ. 

ර්තමානයේ, මිලියන 2.5 අධික පාරිභෝගික ජනතාවක් ikman.lk වෙබ් අඩවිය වටා රැස්වී ඇත. නව තාක්ෂණ ක්‍රමවේද ඒකාබද්ධ කිරීම සදහා ජංගම දුරකථන (Mobile Site )මගින් මෙම සේවාව ලබා ගැනීමටද ikman.lk අවස්ථාව ලබා දී ඇත.
ikman.lk මගින් ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිට අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගතහැකියි. මෙනිසා පාරිභෝගිකයාට මහගු සහනයක් සැලසේ. එසේම එක් දැන්වීමක් මගින්, තම භාණ්ඩ විශාල ජනතාවකට ඉදිරිපත් කිරීමට නිෂ්පාදකයන්ටද හැකිවී ඇත.

 

තොරතුරු තාක්ෂණයේ භාවිතය 

ව්‍යාපාරයක ප්‍රධාන වත්කමක් ලෙස තොරතුරු(data) හැදින්විය හැකියි. එම නිසා තොරතුරු කලමණාකරනය පද්ධති (Information Management Systems) බාවිතා කිරීම අද පුලුල්ව ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිදුවේ. මෙවැනි පද්ධති සහ පාරිභෝගික සම්බන්ධතා කලමණාකරන පද්ධති (Customer Relationship Management Systems) මගින්,

  •  ව්‍යාපාරය හා පාරිභෝගිකයා අතර සන්නිවේදනය ක්‍රමවත් හා සුරක්ෂිත කිරීම
  • පාරිභෝගික අදහස් හා යොජනා (Consumer Feedback) එක් රැස් කිරීම හා ඒවා භාවිතයෙන් භාණ්ඩ වල යොග්‍යතාවය සොයා බැලීම

වැනි ක්‍රියාවන් බොහොමයක් සිදුවේ.

වෙළදාම හා සබැදි දත්ත පාලක  (Database Marketing)

ව්‍යාපාරයහි දත්ත එක්රැස් කිරිම, ගැලපෙන දත්ත එකට සම්පිණ්ඩනය කිරීම සහ පාරිභෝගික දත්ත සැකසීම වැනි කරුණු වෙළදාම හා සබැදි දත්ත පාලක මගින් සිදුවේ. පරිගණකය ආශ්‍රිතව දත්ත ගබඩාකිරිම මෑත කාලීනව බොහො සිදුවේ.ඉන් නොනැවතී, පාරිභෝගිකයා පිළිබද අධ්‍යනයට, නව පාරිභෝගිකයන් හදුනා ගැනීමට (potential consumers), භාණ්ඩ වල ප්‍රචාරණ කටයුතු සදහා සුදුසු පාරිභෝගික කණ්ඩායම් හදුනා ගැනීම (Customer Segmentation) ආදී පාරිභෝගික මුලික කටයුතු සදහා දත්ත පාලක යොදාගැනීම වෙළදපලට නව මුහුණුවරක් ලබා දී ඇත. මේසදහා වර්තමානයේ විවිධ තාක්ෂණ ක්‍රමවේද භාවිත වේ. 

තොරතුරු තාක්ෂනය තුලින් තරගකාරී වැසි දින ගැනීම 

  •  පුළුල් ප්‍රචාරණ වැඩසටහන් අන්තර්ජාලය හරහා සිදුකිරීමට හැකිවීම, නව භාණ්ඩ හා සේවාවන් විශාල  පිරිසකට එකවර හදුන්වා දීමට හැකිවීම 
  •  භාණ්ඩ වල වට්ටම්, දීමනා පිලිබදව ක්ෂණිකව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට හැකිවීම 
  • තොරතුරු පද්ධති මගින් පාරිභෝගිකයා සමග සුහද සම්බන්ධතාවයන් ගොඩ නගා ගැනීම හා සන්නිවේදනය ක්‍රමවත් වීම 
  • භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ කටයුතු සදහා සුරක්ෂිත ක්‍රියාපිලිවෙලවල් භාවිතය (e-Banking, Money Transfer)
  • කාර්යක්ෂම බෙදාහැරීමේ සේවාවන් (Delivery) භාවිතය 
  • පාරිභෝගික දත්ත විශ්ලේෂණය ක්‍රමවත් වීම 
  • පාරිභෝගිකයා හා ව්‍යාපාරය අතර මෙන්ම ව්‍යාපාරයේ අන්තර් සන්නිවේදන ක්‍රියාවලි දියුණු කිරීම.

 

 

The following two tabs change content below.

Latest posts by (see all)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.