Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

11.4 ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය (Structured System Analysis Design Method)

රූපසටහන 1 - ජීවන චක්‍ර නිදසුන්

රූපසටහන 1 – ජීවන චක්‍ර නිදසුන්

 
මෙම රූපසටහන දුටු සැනින් ඔබේ මතකයට කුඩා අවධියෙදි සමනළයාගේ ජීවන චක්‍ර සිහි වනු ඇත. බිත්තර, කීටයා, පිලවා සහ සුහුඹුල් අවදි පසු කරමින්ද, එක් අදියරකින්  තවත් අදියරක් වෙත පිවිසෙමින්ද චක්‍රිය ලෙස සමනළයෙකු බිහිවිමේ ක්‍රියාවලිය ගෙනහැර පෑ හැකිය. මෙලෙස අප අවට පරිසරයේ ඇති ස්වභාවික සංසිද්ධින්ගෙන් අභාසය උකහා ගෙන මෘදුකාංග ඉංජීනේරු ශිල්පිය ක්‍රමයක් ලෙසට වර්ධනය මෙම ජීවන චක්‍ර සංකල්පය අවබෝධ කරගත හැකිය.
 
මෙම ජීවන චක්‍රය ආකෘතියක් ලෙස ඉදිරිපත් කරන්නා සේම තොරතුරු පද්ධතියක් ප්‍රවර්ධනය කිරිමේදිද භාවිතා කරන ක්‍රමවේද චක්‍රිය ලෙස ආකෘතිගතව හැසිරවිමටද තාක්ෂණික ඉංජීනේරුවන් හා ශිල්පීහු සමත් වෙති. පුළුල් අර්ථයෙන් ගත්විට පද්ධති ක්‍රමවේදයක් යනු ක්‍රියාපටිපටින්ශිල්පිය ක්‍රම,මෙවලම්ලේඛන කටයුතු සියල්ලේම එකතුවකි.ආයතන තුල තොරතුරු පද්ධති ගොඩනැගිමේදි භාවිත කළ හැකි සාම්ප්‍රදා‍යික සහ නූතන ක්‍රමවේද අතරින් බහුලව භාවිත කරන ක්‍රමවේදය ලෙස ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය (structured systems analysis design methodology SSADM) හැදින්විය හැකිය.පද්ධතියක දක්නට ලැබෙන සංකිර්ණ බව අවම කරනු වස් අදියරෙන් අදියර ගොඩනැගෙන ක්‍රමවේදයක් ලෙස කැපිපෙනෙයි.
 
එක්සත් රාජධානියේ රාජ්‍ය අංශයේ තොරතුරු පද්ධතිය නිර්මාණය කිරිමේදි මෙම ක්‍රමවේදය මධ්‍යම පරිගණක සහ විදුලි සංදේශ එජන්සිය මගින් ක්‍රි.ව.1981 මුලින්ම හදුන්වා දෙනු ලැබීය. එදා සිට අද වෙනතෙක් විවිධ වෙනස්වීම් වලට භාජනය වෙමින් නවීකරණයට ලක් වෙයි.දැනට භාවිත වන්නේ 1996 දී දියත් කරන ලද 4.3 වන අනුවාදයි.මෙම ක්‍රමවේදයේ අරමුණ වන්නේ
  1. ව්‍යාපෘතියක කළමනාකරණය සහ පාලනය වැඩි දියුණු කිරිම.
  2. පුහුණු නුපුහුණු කාර්ය්‍ය මණ්ඩලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනිම.
  3. තත්වයෙන් උසස් තොරතුරු පද්ධති ප්‍රවර්ධනය කිරිම.
  4. කාර්ය්‍ය මණ්ඩලයේ අඩුවීමක් සිදු වුවත් ව්‍යාපෘතිය අඛණ්ඩව කරගෙන යාමට හැකි විම.
 මෙම ක්‍රමවේදය මගින් තොරතුරු පද්ධතියේ නිරූපිතය මනාව නිර්වචනය කර අධීක්ෂණය කරනු ලබයි. පද්ධති අවශ්‍යතාවයන්  ලබා ගැනිම,  විශ්ලේෂණය කිරිම සහ පද්ධතියේ  සැලසුම් නිර්මාණය  කිරිමේදී     සම්පුර්ණ රාමුව මෙමගින් සපයා දෙයි.
 
SSADM ක්‍රමවේදය අනුව පද්ධති ප්‍රවර්ධන ව්‍යාපෘතියක් කොටස් කිහිපයකට බෙදා වෙන්කර දැක්වේ.
  1.  මොඩියුල(Module)
  2.  අදියර(Stage)
  3.  පියවර(Steps)
  4.  කාර්යයන්(Tasks)

     

    මෙම ක්‍රමවේදය මොඩියුල 5ක් සහ අදියර 7කින් සමන්විත වේ.

    මොඩියුල (Modules)                                                                                                                          

    1.  ශක්‍යතා අධය්‍යන මොඩියුලය                                                
    2.  අවශ්‍යතා විශ්ලේෂණය කිරිමේ මොඩියුලය
    3.  අවශ්‍යතා විශේෂණය කිරිමේ මොඩියුලය
    4.  තාර්කික පද්ධති විශේෂණය කිරිමේ මොඩියුලය
    5.  භෞතික නිර්මාණ මොඩියුලය 

    රූපසටහන 2 – SSADM ක්‍රමවේදයේ අදියර

    අදියර  (Steps)
    රූපසටහන-2-–-SSADM-ක්‍රමවේදයේ-අදියර

    රූපසටහන-2-–-SSADM-ක්‍රමවේදයේ-අදියර

    1. ශක්‍යතාව පරික්ෂා කිරිම (Feasibility)
    2. පවතින පරිසර තත්වයන් ගවේෂණය කිරිම (Investigate current system )
    3. විකල්ප ව්‍යාපාර පද්ධති ගොඩනැගීම  (Business system options)
    4. අවශ්‍යතා නිර්වචනය කිරිම (Requirement definition)
    5. විකල්ප තාක්ෂණික පද්ධති ගොඩනැගීම (Technical system options)
    6. තාර්කීක සැලසුම් නිර්මාණය කිරිම (Logical design)
    7. භෞතික සැලසුම් නිර්මාණය කිරිම (Physical design)

       

The following two tabs change content below.

Minoshini Fonseka

Latest posts by Minoshini Fonseka (see all)

Comments
  1. Chanuka

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.