Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

13.2. නියෝජිත තාක්ෂණයේ මූලධර්ම හා යෙදවුම් ගවේෂණය කිරීම. Explores the fundamentals and applications of Agent Technology.

පරිගණක තාක්ෂණයේ විවිධ වූ ක්‍රමවේද අතරින් කෘතීම බුද්ධිය (Artificial Intelligence) සම්බන්ධ සංකල්ප සීග්‍රයෙන් දියුණු වීමේ නැබුරු තාවයක් ඇත.

විශාල හා සංකීර්ණ වුත්, ස්වයං කීර්ණ පද්ධති සදහා පරිශීලකයෙකුගේ සහය නොමැතිව, ස්වාධීනව පාලනය වන මෘදුකාංග, පද්ධති යොදා ගත යුතු අවස්ථා වර්තමානයේ බහුලව දක්නට ලැබේ. පරිගණක විද්‍යවේ නව මුහුණුවරක් වන කාරක තාක්ෂනය / නියෝජිත තාක්ෂනය (Agent Technology) බිහිවීමට පසුබිම වන්නේ මෙයයි. දැනට පවතින තාක්ෂණ වලම දිගහැරුමක් වන මෙම කාරක පද්ධති සංකල්පය සංකීර්ණ පද්ධති මෙහෙයවීම මෙන්ම, එදිනෙද කටයුතු සදහා ද සහනයක් ලබා දෙන අයුරින් නිර්මාණය කල හැකිය.

 

කාරකයක් (Agent) යනු ගතික පරිසරයක් තුල පරිශීලකයෙකු වෙනුවෙන් ස්වාධීනව ක්‍රියා කරන බුද්ධිමත් පරිගණක ඒකකයකි.

කාරකයක් සතු විය යුතු ලක්ෂණ කීපයකි.

  • නම්‍යශීලි බව (Flexible) – ගතික පරිසරයක් තුල පද්ධතියේ විවිධ අවස්ථා සදහා නිවැරදිව හැඩ ගැසිය යුතුය.
  • ප්‍රතික්‍රියාශීලි බව (Reactive) – පද්ධතිය තුල ඇතිවෙන විවිධ වෙනස්වීම් හමුවේ නිවැරදි ප්‍රතිචාර දැක්විය යුතුය.
  • අර්ථවත් සුදුසු හැසිරීම (Proactive )කාරකයක් යනු පරිශීලකයෙකු වෙනුවෙන් පද්ධතිය මෙහෙයවන ඒකකයකි. එය සැමවිටකම අරමුණු සාක්ෂාත් කරගැනීම (Goal directed behaviour) සදහා ක්‍රියා කලයුතුය. අවස්තානුකුලව ක්‍රියාකිරිම ඉතා වැදගත්ය. උදාහරණයක් වශයෙන්, පෞද්ගලික  උපකාරක හා පිහිටීම් ආශ්‍රිත සේවාවන (location based services) හිදී අවශ්‍ය ස්ථානවලදී අවශ්‍ය තොරතුරු ලබාදීම අත්‍යවශ්‍ය වේ. 
  • සන්නිවේදනය (Social ability) – අනෙකුත් කාරක හා පද්ධති සමග අන්තර් ක්‍රියාකරමින්  සන්නිවේදනය කිරීමට හැකි වීම.
  • ස්වයං පාලන හැකියාව (Autonomous)- පරිශීලකයෙකුගේ සහාය නොමැතිව ක්‍රියාවන් තේරීම, පෙළගැස්වීම හා අරමුණු කේන්ද්‍ර වූ හැසිරීම හා තීරණ ගැනීම වැනි කටයුතු කිරීමට හැකිවීම. 

 

බහු-කාරක පද්ධති (Multi Agent Systems)

බහු-කාරක යනු කාරක ගණනාවකින් සමන්විත වූත්, එකිනෙක හා අන්තර් ක්‍රියා කරන්නාවූත් පද්ධතියකි. මෙහි සාර්ථක ක්‍රියාකිරීම සදහා කාරක අතර සහයෝගිතාවය, නිවැරදි සන්නිවේදනය හා තර්කානුකුල කතිකාව වැදගත් වේ. මෙය මිනිසාගේ ශරීරය ආශ්‍රයෙන් පැහැදිලි කල හැකියි. අප කවුරුත් දන්නා ලෙස ජිවය පවත්වා  ගැනීම සදහා ශරීරය තුල සියලුම පද්ධති වල නිසි ක්‍රියාකාරිත්වය අවශ්‍යයි . මෙම පද්ධතිවල ස්වාධින ක්‍රියාකාරිත්වය පමණක් සැලකීම ප්‍රමාණවත් නොවේ. එලෙසම කාරක පද්ධතියක් තුල එක් එක් කාරකයෙහි ක්‍රියාකාරිත්වය මෙන්ම, ඒවා අතර ඇතිවන අන්තර්ක්‍රියා ද ඉතා වැදගත් වේ. බහු කාරක පද්ධතියක ඇති මුලික සිද්ධාන්තය එයයි. 

 

 

කාරක තාක්ෂණයේ භාවිතයන් :

  • තොරතුරු කාරක (Information Agents) – සංකීර්ණ හා විශාල වශයෙන් තොරතුරු හුවමාරු වන පද්ධති තුල තොරතුරු එක්රැස් කිරීම, ගවේෂණය, නිර්දේශ කිරීම හා සැසදීම වැනි ක්‍රියාවලින් සදහා කාරක යොදා ගැනේ. වර්තමානයේ සීග්‍රයෙන් දියුණු වන අන්තර්ජාල හා සන්නිවේදන පද්ධති වල සංකීර්ණත්වය ක්‍රමයෙන් වැඩි වේ. අන්තර්ජාලය භාවිතයෙන් ජංගම කාරකයෙකු භාවිතා කල හැකි නිසා  කාරක තාක්ෂනය වඩා වැදගත් වේ.
  • ජාල කළමනාකරණය – අන්තර්ජාලයේ දත්ත හුවමාරුව නිසි පරිදි පාලනය කිරීමට කාරක තාක්ෂණය භාවිතා කරනු ලබයි. කාරක අතර  මනා සන්නිවේදනය මේ සදහා ඉතා වැදගත් වේ. සහයෝගී කාරක මගින් ජාල වල දත්ත එකතුකිරිම හා හුවමාරු කිරීම තුලින් ජාල වල පරිපාලක තීරණ ගැනීම , මාර්ගගත කිරීම් (Routing) හා ප්‍රශස්තකරණය (Optimization) සිදු කල හැකිය.
  • පුරෝකත්‍ය කාරක (Predictive Agents) – මෙවැනි කාරක, තීරණ ගැනීම සදහා අවශ්‍ය වන සාධක පිලිබදව අනාවැකි පල කරනු ලබයි. යන්ත්‍ර, පරිගණක පද්ධති වල මෙහෙයුම් නිරීක්ෂණය, තොග පාලනය ආශ්‍රිත ක්‍රියාවලි පරීක්ෂණය මගින් අනාවැකි පල කිරීම  සිදුකල හැක. උදාහරනයක් වශයෙන්, NASA ආයතනයේ ඇතැම් පද්ධති වල ක්‍රියාකාරිත්වය නිරීක්ෂණය කරනු ලබනුයේ මෙවැනි පුරෝකත්‍ය කාරක මගිනි. එමගින් අනාවැකි පළකිරීමත්, තීරණ ගැනීමට සහාය වීමත් සිදුවේ.
  • යුධ මෙහෙයුම් කටයුතු සදහා මිනිස් පාලනයෙන් තොර යන්ත්‍ර (un-manned vehicles) නිපදවීම සදහා ද කාරක තාක්ෂණ මුලධර්ම භාවිත කරනු ලබයි. 
  • මහා මාර්ග පද්ධති කළමනාකරණය, මාර්ග තදබදයන් පාලනය කිරීම (Route navigation and traffic control) වැනි අවස්ථාවන් සදහා ද කාරක තාක්ෂණයේ සංකල්ප යොදා ගත හැකිවනු ඇත
  • පෞද්ගලික සහායක සේවා (Personal Assistant)- මේවා මගින් විද්‍යුත් ලිපි සංවිධානය, රැස්වීම් කළමනාකරණය සිදුකෙරේ.
  • පරිගණක ක්‍රීඩා හා විවිධ සජීවන පරිසර නිර්මාණය කිරීමට ද බහු-කාරක පද්ධති භාවිත කෙරේ. Microsoft’s Persona Project (3D, conversational parrot)
  • අන්තර්ජාලය හා සබැදි වෙලදාම් කටයුතු වලදී ඇතැම් වෙබ් අඩවි වල Online Shopping Assistants ලෙස කාරක භාවිතා වේ. පාරිභෝගික අවශ්‍යතා වලට අනුව සුදුසු භාණ්ඩ හා සේවා නිර්දේශ කිරීම, තේරීම , වැඩිදුර තොරතුරු සැපයීම මෙමගින් සිදුවේ.

 පහත දැක්වෙන රූපයේ පරිදි කාරක වල ක්‍රියාකාරිත්වය එකිනෙක හා සම්බන්ධ වූත් මනා සන්නිවේදනයකින් යුක්ත වුත් පද්ධතියක් විය යුතුය. තනි කාරකයකින් පමණක් මෙවැනි පද්ධතියක් ගොඩනැගිම කල නොහැක.

 

 

මෙසේ විවිධ වූ ක්ෂේත්‍ර ගණනාවක වැදගත් යෙදවුම් දැකිය හැකි බහු කාරක සංකල්පය අනාගතයේ බහුලව භාවිත වීමේ (Agent-oriented Systems) නබුරුතාවක් අපට දැක ගත හැකි වනු ඇත.

 

The following two tabs change content below.

Kanchana Gunathilaka

Latest posts by Kanchana Gunathilaka (see all)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.