Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

11.1 පද්ධති ගති ලක්‍ෂණ ගවේෂණය කිරීම. ( Explores Characteristics of Systems )

systems

Systems in day to day life

11  පාඩම් මාලාවෙන් තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමෙහි ලා පද්ධති සංකල්පය ගවේෂණය කර ආකෘති පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ ක්‍රමවේදය ( characteristics of systems ) භාවිත කිරීම පිළිබඳව අවධානය යොමුකල යුතු වේ. එහිදී පළමුව පද්ධති සංකල්පය (System Concept) හඳුනාගැනීමටයි මේ පිවිසුම…

 

පද්ධති සංකල්පය (System Concept)

අප එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමේදී නිරන්තරයෙන්ම ගැටළු විසඳීමට උත්සාහා කරයි. සාමාන්‍ය කටයුතුවලදී පවා අප සිදුකරනුයේ ගැටළු විසඳීමකි.

උදා :- අපට එදිනෙදා සිදුවන සිදුවීම්, පුවත් දැනගැනීමට අවශ්‍යතාවය පවතී. ගැටළුව එයයි.

1

එයට විසඳුම ලෙස රූපවාහිනී, පරිගණක, ගුවන්විදුලි යන්ත්‍රය ඇත. එම ගැටළුවට ලබාගන්නා විසඳුම් ලබාදෙනුයේ පද්ධතීන් විසිනි. රූපවාහිනිය, පරිගණක, ගුවන් විදුලි යන්ත්‍රය යනු සන්නිවේදන කටයුතු සඳහා භාවිත වන පද්ධතීන් වේ. ඒවා මගින් සන්නිවේදන කටයුතු සිදුකිරීමේ දී ඇතිවන ගැටළුවලට විසඳුම් සපයයි.

අපට පද්ධති මෙසේ අර්ථ දැක්විය හැක.

පද්ධතියක් යනු ඒකායන අරමුණක් ඉටුකරගැනීම සඳහා එකිනෙකා අතර සාමූහිකව ක්‍රියාකරන සම්පත් සමූහයක එකතුවකි.

එම සම්පත් සමූහය එකතුවන්නේ යම් ගැටළුවක් නිසාවෙනි. එම ගැටළුවට විසඳුමක් ලබාදීමට හැකිවන පරිදි එක්විය හැකි හොඳම අවයව (elements) , උප පද්ධතීන් (subsystems) එක්වීමෙන් අදාල පද්ධතිය නිර්මාණය වේ.

ඕනෑම පද්ධතියක සඳහා ඊට අදාල සීමාවක් (boundary) ඇත. එම සීමාවෙන් ඇතුල් කොටස පද්ධතිය වන අතර, සීමාවෙන් පිටත කොටස පද්ධතියෙහි බාහිර පරිසරය (environment) වේ.

 

1

 

 

රූපවාහිනී පද්ධතියෙහි සීමාව එහි බාහිර ආවරණය (casing) වන අතර, ඉන් ඇතුළත ඇති පරිපථ කොටස් ආදිය පද්ධතියෙහි අවයවයන් වේ. එම රූපවාහිනිය නරඹන ඔබ, රූපවාහිනී පද්ධතියෙහි බාහිර පරිසරයට අයත් වේ.

පද්ධතියක ප්‍රධාන කාර්යය පොදුවේ ගතහොත් එය දත්ත සැකසීමේ ක්‍රියාවලිය ලෙස නම් කළ හැක. එනම් ඕනෑම පද්ධතියකින් සිදු කරනුයේ දත්ත රැස් කරගෙන, එම දත්ත පද්ධතියට ආදානය කර, ඒවා සැකසුමකට ලක්කර, සකසන ලද දත්ත එනම්, තොරතුරු පිටතට ලබා දීමයි.

1.jpg

 

 

 

පද්ධති වර්ගීකරණය

පද්ධති වර්ග කිරීමේදී ප්‍රධාන ලෙස ස්වභාවිකව ඇති පද්ධති මෙන්ම මිනිසා විසින් සාදන ලද පද්ධති සැලකිය හැක.

 

ස්වභාවික පද්ධති

ස්වභාවික පද්ධතියක් යනු අවට පරිසරයේ පවතින ස්වභාවිකව වස්තූන් එකට එකතු වී සැදී ඇති තනි පද්ධතියකි.එයට ස්වභාවිකව පවතින සියලුම ජීවී සහ අජීවී වස්තුන්ගෙන් සමන්විත වන අතර ඒවා අතර අන්තර් සම්බන්ධතා මගින් එකිනෙකට සම්බන්ධව පවතී. මෙලොව පවතින සියලුම සජීවී මෙන්ම අජීවී පද්ධති මෙයට අයත් වන අතර මිනිසා වන අපද එහි කොටස්කරුවන් වන්නේය. ස්වභාවික පද්ධති වලට උදාහරණ ලෙස පරිසර පද්ධතිය, සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය,රුධිර සංසරණ පද්ධතිය,ස්නායු පද්ධතිය වැනි පද්ධතිත් ආහාර දාම, ජල චක්ක්‍රය ද වැනි බොහෝ පද්ධති මෙම ගණයට වැටේ.

උදාහරණයක් ලෙස පරිසර පද්ධතියක් ගතහොත් එහි බොහෝ වස්තූන් සමන්විත වන අතර ඒවා අතර නොබිදිය හැකි සම්බන්ධතාවක් පවතියි.එයින් එකක් හෝ බිදී ගියහොත් එහි සමතුලිත භාවයට බාධා පැමිණ පද්ධතිය බිද වැටේ.පහත පින්තුරය මගින් දක්වා ඇති ආහාර දාමය සලකා බලමු.

1.jpg

මෙම පද්ධතිය සැලකුවහොත් මෙහි එකදු ජීවී වස්තුවක් හෝ පරිසර පද්ධතියෙන් ඉවත් වුවහොත් හෝ ඒවායේ ගහණය වෙනස් වුවහොත් මෙහි සමතුලිතතාවට බාධා පැමිණෙන අතර එය අනෙකුත් පරිසර පද්ධතින්ටද බලපෑම් කරයි.

ඉහත සදහන් කරනු ලැබුයේ ජීවී පද්ධති ගැන පමණි.නමුත් එයට භෞතික ලෙස පවතින පද්ධතින්ද අදාල වේ. උදාහරණයක් ලෙස සුර්ය ග්‍රහ මණ්ඩලය ගත හැක. එමනිසා ස්වභාවික පද්ධති සජීවී සහ භෞතික ලෙස කොටස් කල හැක.

සජීවී පද්ධති

මෙය ස්වභාවික පද්ධති යටතේම පවතින පද්ධති විශ්ශෙයක් ලෙස ගත හැක.ස්වභාවික පද්ධති යටතේ ඇති ජීවී වස්තූන්,පරිසර පද්ධති සහ ඒවා අතර සම්බන්දතාවය මෙයින් පිලිබිබු කරයි.මෙවැනි පද්ධතියක් තුල ප්‍රධාන ලෙසම ශක්තිය බෙදී යමක් සිදුවේ.එය පද්ධතියේ සහ පරිසරයේ සමතුලිතතාවට මනා සේ පිටිවහලක් වේ.බොහෝවිට මෙම සජීවී පද්ධතියක මුලික ශක්තිය ලබා ගැනීමේ මුලාශ්‍රය වන්නේ සුර්යයා ය.

සජීවී පද්ධති වලට උදාහරණ ලෙස මිනිසා,සතුන්,ශාක මෙන්ම ඒවා හා බැදුන පරිසර පද්ධති සැලකිය හැක. මිනිසා තනි පද්ධතියක් ලෙස සැලකුවහොත් එය රුධිර සංසරණ පද්ධතිය,ආහාර ජීර්ණ පද්ධතිය, ස්නායු පද්ධතිය වැනි බොහෝ පද්ධති වලින් සමන්විත වේ.ශාක සැලකු කල ප්‍රභාසංශ්ලේෂණය,ආහාර ලබා ගැනීම වැනි ජීවී පද්ධති වලින් සමන්විත වේ.එම නිසා මෙම සැම ජීවී පද්ධතියක්ම එකිනෙක හා බැදී පවතින අතර ඒ සියල්ල එකට එකතු වී තවත් විශාල පද්ධතියක් නිර්මාණය කරගනී.

භෞතික පද්ධති

භෞතික පද්ධතියක් යනු පරිසරයේ ස්පර්ශ කල හැකි තාත්වික පද්ධතීන් වේ. මෙම පද්ධති ගණයට ස්වභාවිකව පවතින භෞතික පද්ධති මෙන්ම මිනිසා විසින් සාදන ලද පද්ධතීන් ද  අයත් වේ.එමෙන්ම මෙම පද්ධති වෙනස් කල හැකි පද්ධති සහ වෙනස් කල නොහැකි පද්ධති ලෙස ද වෙන් කල හැක.

ස්වභාවික භෞතික පද්ධති වලට උදාහරණ ලෙස සෞරග්‍රහ මණ්ඩලය, සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය වැනි දේ ගත හැක. සුර්ය ග්‍රහ මණ්ඩලය ගත් කල සුර්යයා මුලික කරගෙන භ්‍රමණය වන්නා වූ ග්‍රහයින් ප්‍රධාන ලෙස 9 දෙනකගෙන් සමන්විත පද්ධතියකි.එමෙන්ම ලොකු කුඩා ග්‍රාහක වලින්ද සමන්විතයි.ඒවා අතර ඇති දුර ප්‍රමාණ අනුව වෙනස් භ්‍රමණ වේග සහ භ්‍රමණ කාලයන් සහිත වන අතර සුර්යයා හා අන්තර් සම්බන්දකම් පවතී(ගුරුත්වාකර්ෂණය වැනි). මේ සියල්ල අපගේ ඇසට දැකිය හැකි භෞතික වස්තූන් වන අතර ම ස්වභාවිකව පවතින වස්තූන්ද වේ. එමෙන්ම මෙම පද්ධතිය අවකාශය නැමැති වටපිටාව තුල යම් සීමාවකට අයත් වන්නේය.එමෙන්ම සත්ව ශරීරය ගත් කල විවිධ වූ පද්ධති වලින් සැදී ඇත.ඒවා අපිට ස්වභාවිකව දැකිය හැකි භෞතික පද්ධතීන් වේ.

මිනිසා විසින් සාදන ලද භෞතික පද්ධතීන් ලෙස යාන්ත්‍රික පද්ධති(මෝටර් රථ,යන්ත්‍ර සුත්‍ර වැනි දෑ), විද්‍යුත් පද්ධති(පරිගණක) සහ ප්‍රකාශ පද්ධති (කැමරා) ගත හැක.මෙයට අමතරව තව බොහෝ පද්ධති මෙම ගණයට වැටේ.මේවයේ සියලුම කොටස් මිනිසා විසින් සාදන ලද භෞතික,ස්පර්ශ කල හැකි කොටස් වේ.

භෞතික පද්ධති වර්ග කරන විට වෙනස් වන සහ වෙනස් නොවන පද්ධති ලෙසද වර්ග කල හැක.පරිගණක මධ්‍යස්ථානයක් සැලකු විට එහි පරිගණක වලට අමතරව පුටු මේස ද පවතී. මෙහිදී පුටුවක් හෝ මේසයක්  සැලකු විට ඒවා තනි තනි පද්ධති ලෙස ගත හැක.මේවා වෙනස් කල නොහැකි පද්ධති වලට උදාහරණ වේ. නමුත් පරිගණක පද්ධතියක් සැලකු විට එය නිරන්තරයෙන් භාවිත කරන්නාගේ අවශ්‍යතාවය අනුව වෙනස් වන දත්ත(Data) සහ යෙදුම් ක්‍රමලේඛන (Application program) වැනි දෙයින් සමන්විත වේ.

1.jpg

සෞරග්‍රහ මණ්ඩලය

 

මිනිසා විසින් සාදන ලද පද්ධති

අප භාවිතා කරන බොහෝදේ මිනිසා විසින් නිපදවන ලද පද්ධතින්ය. ඒවා නිර්මාණය කරනු ලබන්නේත්, පාලනය කරනු ලබන්නේත් සහ වෙනස් කරනු ලබන්නේත් මිනිසා විසින්මය. මෙය කොටස් කිහිපයකට බෙදා සැලකුහොත් පහත පරිදි වේ.

 

  • සමාජීය පද්ධති – නීති පද්ධති,පාසල් පද්ධති,සංස්කෘතික පද්ධති,වෙළෙද නීති පද්ධති
  • සන්නිවේදන පද්ධති – දුරකථන පද්ධති,අන්තර්ජාල පද්ධති,චන්ද්‍රිකා පද්ධතිය
  • නිමැවුම් පද්ධති – යන්ත්‍ර සුත්‍ර පද්ධති,මෝටර් රථ,විද්‍යුත් පද්ධති, පරිගණක පද්ධති

 

මේවා ස්වභාවික පරිසරයේ නොමැති මිනිසාගේ සහ පරිසරයේ පැවැත්ම උදෙසා සාදාගන්නා ලද පද්ධති වේ. මෙම පද්ධති මිනිසාට බලපාන කුමනහෝ ප්‍රශ්නයකට විසදුමක් ලෙස ගොඩනැගී ඇත.උදාහරණයක් ලෙස ගතහොත් මිනිසාගේ ආහාර අවශ්‍යතාව උදෙසා කෘෂිකාර්මික පද්ධති නිර්මාණය කර ඇති අතර එය ස්වභාවික පරිසරය සමග බද්ධ වී ක්‍රියාත්මක වේ.මේ අතරම එසේ නොවන භෞතික පද්ධති ද වේ.ඉහතින් දක්වා ඇත්තේ ඒවා වේ.මෙමගින් බොහෝ වාසි මිනිසා වෙත ලගා කරගැනීමට හැකි වී පවතියි.

 

චන්ද්‍රිකා පද්ධති

1.jpg

 

දුරකථන පද්ධති

1.jpg

 

 

පරිගණක පද්ධති

1.jpg

 

 

මෙම පාඩම් මාලාවේදී අප සාකච්ඡා කළේ එදිනෙදා හමුවන පද්ධති සහ ඒවායේ ගති ලක්ෂණ ( characteristics of systems ) පිළිබඳවයි. ඉදිරි ඒකක වලදී මිනිසා විසින් සාදන ලද පද්ධති පිළිබඳව ගැඹුරින් කරුණු ගෙන ඒමට අප බලාපොරොත්තු වන්නෙමු.

 

රචනය: ප්‍රසාද් ශ්‍රීමාල් , සුධර්ශිකා සෙනෙවිරත්න , තරිඳු මධුසංක 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.