Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

පසුගිය ප්‍රශ්න පත්‍ර විවරණය- 2013 උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (රචනා 1,2)

මෙම පිළිතුරු අපගේ අවබෝධයට අනුකුලව වඩාත් නිවැරදි පිළිතුරු බව කරුණාවෙන් සලකන්න
 

ප්‍රශ්ණ අංක 1

(a) (i) සත්‍යතා වගුව ගොඩනැගීම.

මේ ආකාරයේ ප්‍රශ්නයක දී පළමුව විචල්‍ය හදුනා ගැනීම හා අර්ථ දැක්වීම කළ යුතුය. හඳුනාගත් විචල්‍ය පහත දැක්වේ.

Smoke detector (S1) – A

Flame detector (S2) – B

Heat detector (S3) – C

Output – F

දැන් සත්‍යතා වගුව ගොඩනැගීම ආරම්භ කළ හැකිය. මෙහි විචල්‍ය 3ක් ඇති නිසා සත්‍යතා වගුවේ තීරු 4ක් තිබිය යුතුය.

පළමුව ආදාන තීරු 3 පිරවිය යුතු අතර එය මෙසේ කළ හැකිය. මෙහි ආදාන 3ක් ඇති නිසා තීරු පිරවිය හැකි මුළු ආකාර ගණන 8(=2^3)කි. ඒවා පහත පරිඳි වේ.

 

essay-1-1

ආදාන තීරු පිරවිය හැකි ආකාර නිශ්චය කිරීම.

  • වගුව පිරවීමෙදි ඉහත පෙන්වා ඇති පරිඳි 2හි බලයන් පිළිබඳ සැළකිලිමත් වන්න.
  • උදාහරණයක් ලෙස C ආදානය සලකන්න. 0න් පටන් ගෙන, පේළියක් හැර පේළියක් වශයෙන් 0 යොදන්න. හිස් පේළිවල 1 යොදන්න.
  • එම ආකාරයටම, B ආදානය පිරවීමේදී පේළි 2ක් හැර 2ක් වශයෙන් 0 යොදන්න. ඉතිරි පේළිවල 1 යොදන්න.
  • මෙම ක්‍රමයට අනුව A ආදානය විය යුත්තේ පිළිවෙලින් 0 හතරක් සහ 1 හතරකි.
  • ආදාන පිරවිය හැකි මුළු ආකාර ගණන 8(=2^3) ක් බව සැමවිටම මතක තබා ගන්න.

මීළඟට ප්‍රශ්නයේ සඳහන් වන තර්කය හඳුනාගත යුතුය. මෙහි සඳහන් ආකාරයට ගිනි නිවීමේ සීනුව නාද වන්නේ අවම වශයෙන් සංවේදක 2ක්වත් ක්‍රියාත්මක වන විටය. එනම්, සංවේදක 2ක් හෝ 3ක් පමණක් ක්‍රියාත්මක වන විටය. දැන් සත්‍යතා වගුවේ F තීරුව සම්පුරණ කිරීම සඳහා, 1 ඒවා 2ක් හෝ 3ක් පමණක් ඇති ආදාන පේළිවලට පමණක් 1 යොදන්න. ඉතිරි පේළිවලට 0 යොදන්න.

සම්පුරණ කරන ලද සත්‍යතා වගුව පහත දැක්වේ

essay-1-2

(ii) බුලියානු ප්‍රකාශණය ලබාගැනීම.

මෙහිදී ප්‍රතිදානය වශයෙන් 1 ඇති පේළි පිලිබඳ පමණක් සැළකිලිමත් වීම ප්‍රමාණවත් වේ. අදාළ පේලියේ එක් එක් ආදානයන්ගේ ගුණිතය මගින් ප්‍රකාශනයේ පද ලබා ගන්න.

උදාහරණයක් ලෙස A=0, B=1, C=1 වශයෙන් ඇති පේළිය සලකන්න.

A = 0 à A

B = 1 à B

C = 1 à C

ඒ අනුව මෙම පේළියට අදාල පදය A’.B.C වේ. අනෙකුත් පද සත්‍යතා වගුව ඉදිරියේ දක්වා ඇත. මේ ආකාරයට සියලුම පද නිර්ණය කිරීමෙන් අනතුරුව, එම පදවල එකතුවෙන් බුලියානු ප්‍රකාශනය ලබා ගන්න. ඒ අනුව ලබාගත් බුලියානු ප්‍රකාශනය පහත ආකාර වේ.

            F = A’.B.C + A.B’.C + A.B.C’ + A.B.C

 

(b) (i) තාර්කික පරිපථය ඇසුරින් බුලියානු ප්‍රකාශනය නිර්ණය කිරීම.

essay-1-3

 

essay-1-4

 Q = ABC + A’BC + ABC’

 

බුලියානු ප්‍රකාශනය හැකිතාක් සරලව දැක්වීම.

Q = ABC + A’BC + ABC’

= ABC + ABC’ + A’BC        * communicative law යෙදීමෙන්

= ABC + ABC’ + A’BC + ABC       * Identity law ට අනුව A + A = A නිසා, ප්‍රකාශනයට තවත් ABC පදයක් එක් කළ හැකිය.

= AB (C + C’) + BC (A’ + A)            * C + C’ = 1 & A’ + A = 1 නිසා,

= AB + BC

Q = B (A + C)

 

 (ii) බුලියානු ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථය ගොඩනැගීම

 

 

essay-1-5

 ප්‍රශ්ණ අංක 2

 

essay-2-1

ISDN එක් අන්තයක සිට තවත් අන්තයකට (end to end) සම්බන්ධකාතාවය ලබාදේ.

ADSL තබ දුරකථන රැහැන් හරහා වේගවත් දත්ත (data) හුවමාරුවක් ලබාදේ.

essay-2-2

 

b)

i) වෙබ් සේවා දායකයා (web server)

            වෙබ් සේවා දායකයන් යනු අනුග්‍රාහකයා (client) හට වෙබ් පිටු (web pages) ලබාදෙන පරිගණකය වේ. උදාහරණයක් ලෙස ඔබ www.fit2school.lk/index.html යන URL එක උඩමතුව (browser) තුල ඇතුල් කළහොත් එමගින් fit2school.com යන නම අදාළ වූ වෙබ් සේවා දායකයාට ඉල්ලීමක් (request) යවනු ලැබේ. එවිට වෙබ් සේවා දායකය විසින් index.html නම්වූ පිටුව සොයා එය ඔබේ උඩමතුවට (browser) එවනු ලබයි.

උදාහරණ: Apache server, IIS (Internet Information Server)

ii) තැපැල් සේවා දායකයන් (mail server)

            අනුග්‍රාහකයාහට විද්‍යුත් තැපැල් පණිවිඩ (email) පහසුකම ලබා දේ. සරලව එය තැපැල් කාර්යාලයේ අතත්‍ය(virtual) අනුවාදය වේ. අනුග්‍රාහකයා යවනු ලබන විද්‍යුත් තැපැල් පණිවිඩ (email) තැපැල් සේවා දායකයන් විසින් පණිවිඩ ගබඩාවෙහි (message store) ගබඩා කරගනු ලබන අතර, ඉන්පසු එය අදාල ලිපිනය වෙත යවනු ලබයි. විද්‍යුත් තැපැල් පණිවිඩ (email) යැවීමේදී SMIP හා EMSTP භාවිතා කරනු ලබන අතර විද්‍යුත් තැපැල් පණිවිඩ (email) එවීමේදී POP-3 හා IMP භාවිතා කරනු ලබයි.

උදාහරණ: Microsoft Exchange, Sendmail

iii) නියෝජන සේවා දායකයන් (proxy server)

            නියෝජන සේවා දායකයන් යනු වෙබ් සේවා දායකයා (Internet server වැනි) හා අන්තර්ජාලය හරහා අන්තර් ක්‍රියාවලි කරනු ලබන පරිගණකයකි. එය එක් පොදු ip එකක් භාවිතයෙන් LAN එකට අන්තර්ජාලය හා සම්බන්ද වීමට ඉඩ දෙන අතරඅන්තර්ජය සම්බන්දතාව බෙදා ගනී. මෙහිදී අන්තර්ජාලය හරහා හුවමාරු වන තොරතුරු (information) පාලනයකින් යුක්ත හා ආරක්ෂාව තහවුරුව ඇත. නියෝජන සේවා දායකයන් විසින් නිරන්තරයෙන් භාවිතා වන වෙබ් පිටුහි පිටපත් ගබඩා කරගනිමින් වෙබ්හි ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

iv) DHCP සේවා දායකයන් (DHCP server)

            මෙය මගින් අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකවල IP ලිපින ගතිකව (dynamically) වෙන් කරනු ලබයි.

 

essay-2-3

            තත් ප්‍රදේශ ජාලයට (local area network) පරිගණක සම්බන්ධවන ආකාරය ඉහත දැක්වේ. DHCP සේවා දායකයන් මගින් අන්තර්ජාලයට සම්බන්ධ පරිගණකවල IP ලිපින ගතිකව (dynamically) වෙන් කරනු ලබයි.

essay-2-4

තැපැල් සේවා දායකයන් හා වෙබ් සේවා දායකයන් සම්බන්ධක උපකරණයක් මගින් එකිනෙකට සම්බන්ධ විය යුතුය. ස්විචයක් භාවිතයෙන් එම සම්බන්ධක උපකරණය අන්තර්ජාලයට සම්බන්ධ කරයි.

essay-2-5

 

රචනය හා පරිවර්තනය:

ශලිනි මලීෂානි, චෙරනි ලියනගේ, නවෝද්‍යා ජයසිංහ, ප්‍රසාදි උත්පලා

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *