Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

10.1. අන්තර්ජාලයේ පවතින විවිධාකාර වූ වෙබ් පිටුවල අන්තර්ගතය හා සැකසුම හඳුනා ගැනීම. (Explores different types of web pages available in the web to get acquainted with their content and structure)

 

වෙබ් පිටුවල අන්තර්ගතය හා සැකසුම හඳුනා ගැනීමට පෙර ඒවායේ විවිධ වර්ග හදුනා ගත යුතුවෙයි. මෙම 10.1 පාඩම් මාලාවෙන් අපි අන්තර්ජාලයේ පවතින විවිධාකාර වූ වෙබ් පිටුවල අන්තර්ගතය හා සැකසුම පිලිබඳ විමසා බලමු.

අන්තර්ජාලය හරහා ලොව සිටින ඕනෑම පුද්ගලයෙක් සමඟ එසැණින් සම්බන්ධවීමට විශ්ව විසිරි වියමන (World Wide Web) මඟින් අවස්ථාවන් ලබා දී තිබෙනවා. නමුත් විශ්ව විසිරි වියමන (World Wide Web) ලෙස හදුන්වනුයේ පරිගණකයෙහි අන්තර්ගත වන වෙබ් පිටු රාශියක එකතුවකි. ස්විට්සර්ලන්තයේ (Switzerland) Sir Tim Berners Lee, විශ්ව විසිරි වියමනෙහි (World Wide Web) ප්‍රාරම්භකයා ලෙස සලකනු ලබනවා.

වෙබ් සේවාදායකයෙකුහට (web client) Internet Explorer, Chrome, Firefox වැනි browser එකක් භාවිතයෙන් වෙබ් පිටු පරිශීලනය කළ හැකියව ලැබෙනවා. ඒ වගේම අධී සන්ධානයක් (Hyperlink) භාවිතා කරමින් වෙබ් අඩවියක් තුල වෙබ් පිටු කිහිප ප්‍රමාණයක් සම්භන්ධ කිරීමට හැකිවන අතර  වෙබ් පිටුවක අන්තර්ගතයෙහි පින්තුර, වගන්ති, වීඩියෝවන් ඇතුළු අනෙකුත් බහුමාධ්‍යයන් ද අඩංගු වෙනවා.

නමුත් අන්තර්ගතය, සැකසුම හා ඒවායේ කාර්යන් අනුව වෙබ් පිටු වර්ගීකරණයකර දැක්විය හැකියි.දැන් අපි එම වර්ගීකරණයන් එකින් එක විමසා බලමු.

  • තොරතුරු මුලික වෙබ් අඩවි (Informational sites)

මෙම කාණ්ඩයේ වෙබ් අඩවි බොහෝ විට සුවිශේෂී වූ විෂයක් හෝ ආයතනයක් හා බැඳී පවතිනවා. බොහෝ අවස්ථාවන්හිදී www දකින්නට ලැබෙනුයේ මෙම අඩවි තුලිනි. මෙම වෙබ් අඩවි භාණ්ඩ අළෙවි කිරීම සඳහා නොවුනද, ඒවා තුල විවිධ වෙළඳ දැන්වීම් දකින්නට පුළුවන්. ඒ වගේම බොහෝ අවස්ථාවන්හිදී මෙම අඩවි තුල එම ආයතන සම්බන්ධ කරගැනීමට අවශ්‍ය තොරතුරු දක්වා තිබෙනවා. රජය සම්බන්ධ හා අධ්‍යාපනය සම්බන්ධ වෙබ් අඩවි මෙම වර්ගයට ඇතුලත් වෙනවා.

පහත දැක්වෙන එම වෙබ් අඩවි සඳහා උදාහරණ හා රූප සටහන් බලන්න.

උදාහරණ: www.nie.lk , www.moe.gov.lk ,BBC world news, Wikipedia

BBC web site

BBC WebSite

 මෙය BBC පුවත් සේවයේ වෙබ් අඩවියේ රූප සටහනකි.

අපි දැන් ඊළඟ වෙබ් අඩවි වර්ගය පිළිබඳව විමසා බලමු.

  • ගනු-දෙනු ආශ්‍රිත හා විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවි (Transaction sites or E-Commerce sites)

මුදල් හුවමාරුව හෝ මුදල් සම්බන්ධ කටයුතු සිදුවන වෙබ් අඩවි මෙම කාණ්ඩයට ඇතුළුවන අතර ඒවා ගනු-දෙනු ආශ්‍රිත වෙබ් අඩවි (transaction sites) ලෙසත් හඳුන්වනවා. තවත් විද්‍යුත් වාණිජ්‍ය වෙබ් අඩවි(E-Commerce sites) යන වර්ගයද මෙම කාණ්ඩය යටතේම දක්වන්න පුළුවන්. මෙම කාණ්ඩයේ වෙබ් අඩවිවල ප්‍රධාන අරමුණ වන්නේ කුමන හෝ වර්ගයේ භාණ්ඩ විකිණීමයි. එම භාණ්ඩවලට උදාහරණ ලෙස රූපලාවන්‍ය භාණ්ඩ, විදුලි උපකරණ, පොත්පත් දක්වන්න පුළුවන්.

එම වර්ගයේ වෙබ් අඩවි වල උදාහරණ ලෙස www.amazon.com සහ www.yahoo.com www.paypal.com දක්වන්න පුළුවන්.

PayPal website

PayPal WebSite

Amazon WebSite

Amazon WebSite

ඉහත දැක්වෙන්නේ PayPal වෙබ් අඩවියේ සහ amazon වෙබ් අඩවියේ රූප සටහන්ය.

අපි දැන් තුන්වන වර්ගය පිළිබඳව විමසා බලමු.

  • සමාජ වෙබ් අඩවි (Community sites)

මෙම වර්ගයේ වෙබ් අඩවිවල ප්‍රධාන අරමුණ වනුයේ වෙබ් සේවාදායකයන් සමඟ අන්තර් සම්බන්දතාවයන් ඇතිකර ගැනීම හා ඒවා පවත්වාගෙන යාමයි. මෙම වෙබ් අඩවි හරහා තොරතුරු හුවමාරුව මෙන්ම මුදල් හුවමාරුව සඳහා ද පහසුකම් සපයනවා.

උදාහරණ: සුරතල් සතුන් සඳහා www.nextdaypets.com වැනි වෙබ් අඩවිද, සමාජ වෙබ් අඩවි ලෙස Facebook, twitter හා LinkedIn ද දක්වන්න පුළුවන්.

 

NextDayPets WebSite

NextDayPets WebSite

ඉහත දැක්වෙන්නේ nextdaypets  වෙබ් අඩවියේ රුප සටහනකි.

දැන් අපි තවත් වෙබ් අඩවි වර්ගයක් ගැන දැනගනිමු.

  • විනෝදාත්මක වෙබ් අඩවි (Entertainment sites)

මෙම වර්ගයේ වෙබ් අඩවි නිර්මාණය කර ඇත්තේ විනෝදාස්වාද අරමුණ සඳහා වෙයි. උදාහරණයක් ලෙස මාර්ගගත (online) ක්‍රීඩා සහ දෘශ්‍ය හා ශ්‍රව්‍ය මාධ්‍යයන් දක්වන්න පුළුවන්. ඒ වගේම මෙම වෙබ් අඩවි සමාජ වෙබ් අඩවි වර්ගයට ද අයත් වනවා.

උදාහරණයන් ලෙස www.disney.com, www.cartoonnetwork.com හා YouTube දක්වන්න පුලුවන්.

CartoonNetwork Website

CartoonNetwork WebSite

ඉහත දැක්වෙන්නේ Cartoon Network වෙබ් අඩවියක රූප සටහනකි.

දැන් අපි ප්‍රධාන වෙබ් අඩවි වර්ග අතර අවසාන වෙබ් අඩවි වර්ගය ගැන විමසා බලමු.

  • පර්යේෂණ වෙබ් අඩවි(Research sites)

පර්යේෂණ වෙබ් අඩවිවල මුලික අරමුණ වන්නේ පර්යේෂණ කටයුතු වන අතර ඊට අමතරව පෞද්ගලික වෙබ් අඩවි අයත් වනුයේද මෙම කාණ්ඩයටයි. නමුත් මෙම වෙබ් අඩවි මුදල් මුලික වූ වෙබ් අඩවි ලෙස සලකනු ලබන්නේ නැහැ.

ඉහත දක්වා තිබෙන වෙබ් අඩවි වර්ගයන්ට අමතරව බොහෝ වෙබ් අඩවි පවතිනවා. දැන් අපි ඒවා පිළිබඳව අවධානය යොමු කරමු.

එම වෙබ් අඩවි ඕනෑම තොරතුරක් ගත හැකි දොරටුවක් (Gateway) ලෙස හසුරවනු ලබනවා. තවද මෙම වෙබ් අඩවි වියමන් ද්වාර (portals) යන නමින්ද හදුන්වනු ලබනවා. මෙම වෙබ් අඩවි තුල සෙවුම් පහසුකම් හා සන්නිවේදන පහසුකම් අඩංගුවනවා. වර්තමානයේ බොහෝ අවස්ථාවන්හිදී මෙම වර්ගයේ වෙබ් අඩවි නිර්මාණය කරන්නේ සේවදයකයන්ගේ අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීමටයි. ඒ සඳහා උදාහරණයක් ලෙස, පුස්තකාල හා ඒ අදාළ සංවිධාන බොහොමයක් ඔවුන්ගේ වෙබ් අඩවි නිර්මාණය කර ඇත්තේ ශිෂ්‍යාවන්ට හා ගුරුවරුන්ට අවශ්‍ය ආකාරයටයි.

ඒ වගේම එම වෙබ් අඩවි භාවිතා කරන පුද්ගලයන්ට අනුවද මෙම වෙබ් අඩවි වර්ගීකරණය කර තිබෙනවා.

එම අඩවි සඳහා උදාහරණ පහත දක්වා තිබෙනවා.

උදාහරණයක් ලෙස භාණ්ඩ මිලදී ගැනීමට ඇති වියමන් ද්වාරය (portal) ලෙස www.Amazon.com, www.ebay.com දැක්විය හැකිය. ඊට අමතරව රජය සඳහා ද වියමන් ද්වාරය (portal) එකක් තිබෙන අතර එය  www.gov.lk ය.

තවත් පැහැදිලි කරගැනීම් සඳහා පහත දැක්වෙන වෙබ් අඩවිවල රුප සටහන් බලන්න.

ebay WebSite

ebay WebSite

ඉහත දැක්වෙන්නේ බඩු මිලදී ගැනීම සඳහා ඇති ebay වෙබ් අඩවි රූප සටහනකි

තොරතුරු තාක්ෂණයේ සීග්‍ර දියුණුවත් සමඟ බොහෝ වෙබ් අඩවි, සිය සේවදායකයන්ගේ අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා විශාල උනන්දුවක් දක්වනවා. මෙසේ කිරීමට හැකියාව ලැබෙනුයේ www ලොව පුරා පවතින වෙබ් අඩවි සමඟ විශාල ජාලයක් නිර්මාණය කරගෙන තිබීමයි. වෙබ් අඩවි පිලිබඳ තවත් තොරතුරු සමඟ ඊළඟ ලිපි පෙලින් හමුවෙමු.

 

රචනය: නවෝද්‍යා ජයසිංහ

සිංහල පරිවර්තනය: ප්‍රසාදි උත්පලා

විමර්ශනය: නමිල පෙරේරා, ලිහිණි සේනානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *