Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

3.2 පරිගනකයෙහි අක්ෂර, සංඛ්‍යාංක හා සංකේත නිරුපණය කරන ආකාරය විශ්ලේෂණය. (Numeric data representation in computers.)

පරිගනකයෙහි අක්ෂර, සංඛ්‍යාංක හා සංකේත නිරුපණය. (Numeric data representation in computers.)

පරිගණකය නැමති යන්ත්‍රය මගින් විවි  ශබ්ද,පින්තුර,සංඛ්‍යා සහ අක්ෂර නිරූපණය කරන්නේ කෙසේද යන්න පිළිබ ව ඔබ පුදුම වනවා ඇත.සරලව කිවහොත් අපි දකින සැබෑ ලෝකයේ සියලුම දේ මෙම යන්ත්‍රය තුළ ගොඩ නංවා ඉදිරිපත් කරන්නේ කෙසේ ද යන්න පිළිබ ව ඔබ මවිත වනවා ඇති.එසේම එම ක්‍රියාවලිය බෙහෙවින් සංකීර්ණ බව ඔබ සිතනවා ඇති. නමුත් එය එසේ නොවේ. ඔබ පරිගණකය තුළින් දකින සියලු ම වර්ගයේ බහු මාධ්‍ය අංගයන් සරල සංවෘත හා විවෘත ස්විචයන් රාශියක් සංකලනය වීමෙන් නිර්මාණය වූවකි.එම ස්විචයන් ප්‍රමාණයෙන් මිලියන ගණනක් වුව ද කරනු ලබන කාර්යය සාමාන්‍ය ස්විචයක ක්‍රියාව ම වේ.මෙහිදී යොදා ගනු ලබන ක්‍රමෝපාය වන්නේ අප දකින සත්‍ය ලෝකයේ ඇති සියලුම ශබ්ද,පින්තුර හා සංඛ්‍යා දත්තයන් ලෙස ගෙන ඒවා ස්විචයන් මගින් නිරූපණය කල හැකි ආකාරයේ දත්තයන් බවට පරිවර්තනය කර ගැනීමයි.පහත සටහනින් එය මැනවින් නිරූපණය වේ.

image05

 

පරිගණකයේ දත්ත සැකසීම හා ගබඩා කිරීමට යොදා ගනු ලබන්නේ විදුලියයි. විදුලිය  ඉතා වේගයෙන් කම්බි තුලින් ගමන් කිරීම සිදු වේ.එසේම යාන්ත්‍රික කොටස් වලට වඩා විද්‍යුත් කොටස් වැඩි නිසා පරිගණකයේ සිදුවන දෝෂ ප්‍රමාණය සම්පුර්ණයෙන්ම යාන්ත්‍රික කොටස් වලින් පමණක් සමන්විත යන්ත්‍රයක සිදුවන දෝෂ ප්‍රමාණයට වඩා අවම වේ.

විද්‍යුතයට ස්විචයන් හරහා ගමන් කළ හැකිය.ස්විචය වසා ඇති විට දී විද්‍යුතය ගමන් කරන අතරimage07(මෙය 1 යන සංඛ්‍යාවෙන් නිරූපණය කරයි), විවෘත කර ඇති විට දී  විද්‍යුතය එය හරහා ගමන්නොකරයි(මෙය 0 යන සංඛ්‍යාවෙන් නිරූපණය කරයි).සත්‍යලෝකයේ තොරතුරු පරිගණකය  තුළ සැකසීමට නම් ස්විචයන් උපයෝගී කරගනිමින් එම දත්ත නිරූපණයට ක්‍රමයක් අවශ්‍ය වේ. මේ සහා විවි කේත ක්‍රමයන්  යොදා ගනු ලබයි.මේ සහා යොදා ගනු ලබන ප්‍රධාන කේතමය ක්‍රමයන් පහත විස්තර කර ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *