Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

3.2 පරිගනකයෙහි අක්ෂර, සංඛ්‍යාංක හා සංකේත නිරුපණය කරන ආකාරය විශ්ලේෂණය. (Numeric data representation in computers.)

  • පළමුවැන්න unpacked BCD වන අතර මෙහි දී සෑම ඉලක්කමක් සහා ම බයිටයක් උපයෝගී වේ.

උදාහරණ : 91 යන දශමය සංඛ්‍යාව unpacked BCD ආකාරයට කේතීකරණය කල විටදී එය පහත පරිදි බයිටයන් 2කින් නිරූපණය කරයි.

image08

  • දෙවැන්න packed BCD වන අතර මෙහි දී තනි බයිටයක් තුළට දශමය සංඛ්‍යාවන් දෙකක් කේතාන්කනය කර ඇත. ඒ  0 සිට 9 දක්වා සංඛ්‍යාවන් බිටු හතරක් පමණක් යොදා ගනිමින් නිරූපණය කිරීමේ වාසිය උපයෝගී කර ගනිමිනි.

උදාහරණ : ඉහත 91 යන දශමය සංඛ්‍යාව ම මෙම ක්‍රමය යටතේ එක බයිටයකින් නිරූපණය කළ හැකි වේ.  

image01

ද්විමය ස්ථානීය පද්ධතිවලට සාපේක්ෂව, ද්වීමය වලින් කේත කරන ලද දශමය ක්‍රමයේ මූලික ලක්ෂණ වන්නේ ,  වඩා නිරවද්‍ය ලෙස නිරූපණය කිරීමට හැකි වීමත්, එමෙන්ම දශමය සංඛ්‍යා වැටයීමට හැකි වීමත් ඊට සමගාමීව එය මිනිසාට කියවීමට පහසු කරවීමත්ය. මෙහි ඇති ප්‍රධාන අවාසිය වන්නේ අංක ගණිතමය විද්‍යාවේ දී, පරිපථයේ සංකීර්ණත්වය සුළු ලෙස ඉහළ යාමයි.

එබ්ක්ඩික් (EBCDIC)

එබ්ක්ඩික් (EBCDIC) යනු  IBM (International Business Machines) ආයතනය මඟින්, ඔවුන්ගේ විශාල මෙහෙයුම් පද්ධති සංවර්ධනය සඳහා අවශ්‍ය අක්ෂර සහ සංඛ්‍යාත්මක චරිත භාවිතයට හඳුන්වා දුන් ද්වීමය කේතයකි. එබ්ක්ඩික් යනු Extended Binary Coded Decimal Interchange Code සඳහා කෙටි යෙදුමකි. IBM ආයතනය හුදෙක් එක් අනුවාදයක් පමණක් නොව එකිනෙකට වෙනස් පරස්පර විරෝධී අනුවාදයන් කීපයක් නිර්මාණය කර ඇත. එබ්ක්ඩික්  ඉතා යල්පැන ගිය කේතන පද්ධතියක් ලෙස සැලකේ. එබ්ක්ඩික් ගොනුව තුළ එක් එක් අක්ෂර හෝ සංඛ්‍යා,  බිට් 8 ද්විමය සංඛ්‍යා සමග නියෝජනය වේ.  මෙමගින් අක්ෂර 256 ක් අර්ථ නිරූපණය කර හැක. මේ සඳහා උදාහරණ පහත දැක්වේ.

 

දශමය අගය

16 පාදයට අගය

චරිතය

000

00

NUL

001

01

SOH

002

02

STX

003

03

ETX

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.