Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

3.2 පරිගනකයෙහි අක්ෂර, සංඛ්‍යාංක හා සංකේත නිරුපණය කරන ආකාරය විශ්ලේෂණය. (Numeric data representation in computers.)

EBCDIC වලට ප්‍රථම ව IBM ආයතනය සතුව BCDIC (Binary Coded Decimal Interchange Code) නම් බිට් 6 කේත පද්ධතියක් පැවතිණ. කෙසේනමුත් IBM  ආයතනය විසින් ඔවුන්ට ම අයිති EBCDIC කේත පද්ධතියකට අත්පොත් තැබිණි.

EBCDIC කේත පද්ධතිය මුලින් ම භාවිත වන්නේ IBM 360 පරිගණකය තුළ යි. වර්ෂ 1964 දී . EBCDIC අක්ෂර කේත වගුව පහළින් බලන්න.

image00

ඉහත වගුව බැලූ පමණින් ම EBCDIC භාවිතයට ඇති අපහසු ව ඔබට වැටහෙනවා ඇති. ඉංග්‍රීසි අක්ෂර අනුයාතව පිහිටා නොමැති බැවින් භාවිතයේ විවිධ අපහසුකම් මතු විය. එම නිසා ක්‍රමලේඛණයේ දී කෙටි ක්‍රම භාවිතය අපහසු විය. උදා: (‘A’ + 15) වැනි යෙදුම්.

EBCDIC භාවිතා කරන්නන් මුහුණ පෑ තවත් ගැටළුවක් නම් ASCII කේත සියල්ල මෙහි අඩංගු නොවීම වේ. එම නිසා මෙම කේත පද්ධති දෙක අතර පරිවර්තන සිදු කිරීමේ දී ගැටලුවලට මුහුණ පෑමට සිදුවිය.

EBCDIC හි අකාරමෙරික (alphanumeric) අක්ෂර, විරාම ලක්ෂණ (punctuation marks) සහ විශේෂ අක්ෂර (‘#’,’%’ ….) මෙන්ම ස්මෘති කාරක (mnemonics) ද භාවිතා විය. (ACK, NAK, BEL ………) මේවා යොදාගැනෙන්නේ සන්නිවේදන කටයුතු  සඳහා වේ . මෙයින්  ඇතැම් ඒවා වර්තමානයේ ද යොදාගනු ලබයි.

IBM පරිගණක ලොව පුරා විකිණූ බැවින් එක එක රටට අදාළ ව කේත ක්‍රම වෙනස් කිරීමට ඔවුන් අවසානයේ පෙළඹිණි. මෙවන් කේත ක්‍රම 52 ක් පමණ පැවතිණි. EBCDIC කේත ක්‍රමය අසාර්ථක වීමට මෙයත් හේතුවිය. එක රටක ඇති ගොනුවක් වෙනත් රටක භාවිතයට ගැනීමට තවත් EBCDIC සංස්කරණයක් අවශ්‍ය විය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *