Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

3.2 පරිගනකයෙහි අක්ෂර, සංඛ්‍යාංක හා සංකේත නිරුපණය කරන ආකාරය විශ්ලේෂණය. (Numeric data representation in computers.)

යුනිකේත( Unicode)

යුනිකේත යනු ලෝකයේ ලේඛන පද්ධති පරිගණකයේ නිරූපණය  කිරීම සඳහා යොදා ගනු ලබන විශ්ව අක්ෂර  කේතීකරණ සම්මතයකි(universal character encoding standard).බොහෝ දෙනා දන්නා පරිදි ASCII අක්ෂර කට්ටලය බිට් 8  පූර්ණ සංඛ්‍යා යොදාගෙන අනන්‍ය අක්ෂර අගයන් 128 ක් කේතීකරණය( encoding) කරන අතර  ANSI අක්ෂර කට්ටලය සම්පූර්ණ බිට් 8 (8bits) ක් යොදාගෙන අක්ෂර අගයන් 256ක්(0-255) කේතීකරණයට යොදා ගනී. නමුත්  ලෝකයේ ඇති සියලුම ලේඛන පද්ධති කේතීකරණය සඳහා බිට් 8 ක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ප්‍රත්‍යක්ෂ කරුණකි .

මේ අනුව යුනිකේත සමුළුව (The Unicode consortium) විසින්  ISO-10646 ප්‍රමිතීන්ට අනුකූලව යුනිකේත සම්මතය හදුන්වා  දෙන ලදී. යුනිකේත ක්‍රමයේදී  සෑම අක්ෂරයකට ම අවේණික කේතයක් යොදා ගනී. .එහිදී  සෑම  භාෂාවක ම අක්ෂර සදහා යම්කිසි කේත පරාසයක් ලැබී තිබේ .එම නිසා සියලුම ලේඛගත භාෂාවන් ආවරණය කරනු ලබයි .

Apple, HP, IBM, JustSystems, Microsoft, Oracle, SAP, Sun, Sybase, Unisys වැනි ක්ෂේත්‍රයේ දැවැන්තයින් බොහොමයක් මෙ කේත ක්‍රමය භාවිතා කරනු ලබයි.

image02

Leave a Reply

Your email address will not be published. Required fields are marked *