Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

3.3. ද්විමය, අෂ්ටක හා ෂඩ් දශමක සංඛ්‍යාවල මූලික අංක ගණිතමය සහ තාර්කික මෙහෙයුම් භාවිත කිරීම. (Basic arithmetic and logic operations on Binary Octal and Hexadecimal numbers.)

ද්විමය, අෂ්ටක හා ෂඩ් දශමක සංඛ්‍යා එකතුකිරීම, අඩුකිරීම, ගුණකිරීම, බෙදීම (Arithmetic operations on Binary Octal and Hexadecimal numbers.)

එකතුකිරීම, අඩුකිරීම, ගුණකිරීම, බෙදීම කියන්නෙ 3-4 වසර සමත් වුණ ඕනෑම කෙනෙකුට පුළුවන් දෙයක්. අපි ඉතා පහසුවෙන් කරන ඒ ගණිතකර්ම  එදිනෙදා ජීවිතයේ දී නිතරම භාවිතා වුණේ “දහයේ පාදයේ” සංඛ්‍යා උපයෝගි කරගනිමිනු යි. අපි මේ ලිපිය මගින්  ඔබව දැනුවත් කරන්න යන්නෙ ද්වීමය, අෂ්ටක හා ෂඩ් දශමක පාද වලින් මේ ගණිත කර්ම කර ගන්නා ආකාරය යි.

ඔබට  හිතෙන්න පුළුවන් මේක ඉතා අපහසු වැඩක් කියලා. ඒත් මේ පාද වලින් ගණිත කර්ම කරන  ආකාරය දහයේ පාදයෙන් ගණිත කර්ම කිරීම මෙන්ම හරිම පහසු යි.  සංඛ්‍යාවක් දිහා බලන විදිය වෙනස් කරගන්න පුළුවන් නම් ඔබට මේ ගැටලු පහසුවෙන් ම විසඳන්න පුළුවන් වෙයි.

මේ හැම ගණිත කර්මයක් ම කරන්න පුළුවන් පහසු ම විදිය තමයි අපි කලින් දන්න ආකාරයට ම මේ ගැටලු විසඳීම.

  • සියලු ම සංඛ්‍යා දහයේ පාදයට පරිවර්තනය කරගැනීම
  • දහයේ පාදයෙන් ගැටලු ව විසඳීම
  • නැවත කලින් තිබූ පාදයට පරිවර්තනය කිරීම

උදාහරණ : –  (11102 – 10002) x 1012 / 112  

                      =  (1410 – 810) x 510 / 310  

                      =  1010

                      =  10102
දැන් අපි බලමු මේ සංඛ්‍යා පරිවර්තනය කිරීමක් සිදු නොකර මේ ගැටලු විසඳන ආකාරය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *