Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

5.1. විවිධ වර්ගයේ මතකයන් සහ ඒවායේ ප්‍රධාන ලක්ෂණ හඳුනා ගැනීමට පරිගණක මතක පද්ධතිය පරීක්ෂා කිරීම (PC memory system to identify different types of memories and their main characteristics)

නශ්‍ය-නොවන මතකය (Non-Volatile Memory)  

 

මෙම වර්ගයේ මතක නශ්‍ය මතකය මෙන් නොව මෙහි තැන්පත්ව ඇති දත්ත(Data) හෝ තොරතුරු (Information) විදුලි බලය විසන්ඳි වූ පසුව හෝ පරිගණකය ක්‍රියා විරහිත කල පසුව මැ‍කී නොයය. නශය නොවන මතකය සදහා උදාහරණ ලෙස,  

  1.   පඨන මාත්‍ර මතකය (Read Only Memory – ROM)
  2.   ද්විතියික ආචයණයන් (Secondary Storage)                           හදුන්වා දිය හැක.

දිගු කාලීන නොනැසී පවතින ආචයණ (long term persistent storage) සඳහා නශ්‍ය නොවන මතකය යොදාගනී ද්විතියික ආචයණ. (Secondary Storage) දැක්විය හැකිය. නශ්‍ය නොවන මතක ප්‍රාථමික මතක ලෙස භාවිතා කිරීමට අපහසුය. නශ්‍ය නොවන මතකයන් හී පවතින යම් යම් සීමා එයට හේතු වේ.නශ්‍ය මතකය හා සසඳන විට නශ්‍ය නොවන මතකය මිලෙන් ඉහල වන අතර ක්‍රියාකාරිත්වය දුර්වලවේ.එලෙසම් මෙම මතකයන් සඳහා ඉහල ධාරිත්වයකින් යුක්ත වේ . මෙම කරුණු ඔබට මතක ධුරාවලිය අධ්‍යනය කිරීමෙන් පහසුවෙන් හදුනාගත හැක. දැන් අපි මෙම නශ්‍ය නොවන මතකයන් වන පඨන මාත්‍ර මතකය හා ද්විතියික ආචයණයන් පිළිබඳව විස්තරාත්මකව විමසා බලමු.

පඨන මාත්‍ර මතකය – Read Only Memory

මෙම මතකය කියවීමට පමණක් හැකියාව ඇති මතකයක් වේ.මෙම වර්ගයේ මතක වල සථිරාංග නමින.් හඳුන්වන විශේෂ මෘදුකාංග වර්ගය ඇත.මෙම මෘදුකාංග නිරන්තරයෙන් යාවත් කාලීන කිරීමට අවශ්‍ය නොවන අතර විශේෂිත වූ දෘඩාංගයකට පමණක් බැදී පවතී.පුද්ගල පරිගණක වල මව් පුවරුවේ සවිකර ඇති අර්ධ සන්නායක චිපයක තැන්පත් කර ඇති ස්ථිරාංගයක් මගින් පරිගණකය ක්‍රියාත්මක කරවීමේ මූලික කාර්‍ය ඉටු කරනු ලබයි.පරිගණක වලට අමතරව වෙනත් නිහින පද්ධති වලද පඨන මාත්‍ර මතකයන් සවි කර ඇත.මූලික වශයෙන් ගත් කල මෙවන් පඨන මාත්‍ර මතක වලට පරිගණක සකසනයට යමක් ලිවීමට නොහැකි වුවද, නූතනයේ දියුණු තාක්‍ෂණික ක්‍රම භාවිතා කර විදුලිය හා වෙනත් උපකරණ මගින් මැකීමට හා නැවත ලිවීමට හැකියාවක් ඇත.මෙවැනි පඨන මාත්‍ර මතක වලට උදාහරණ ලෙස,

  1.   පඨන මාත්‍ර මතකය                                                              – ROM
  2.      ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය                                              – PROM (Programmable Read Only Memory)
  3.      මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය                           – EPROM (Erasable Programmable Read Only Memory)
  4.      විද්‍යුතයෙන් මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය        – EEPROM (Electrically Erasable Programmable Read Only Memory)
  5.      සැනෙලි මතකය                                                                – Flash Memory

හදුන්වා දිය හැක. අපි දැන් මේවා පිළිබඳව සවිස්තරාත්මකව විමසා බලමු.

ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (PROM)

මෙම මතක චිපය කිසිවක් අඩංගු නොකල හිස් චිපයක් ලෙස අඩු මිලට ලබා ගත හැකි වන අතර, විශේෂිත මෙවලමක් මගින් මෙහි කේත අඩංගු කල හැක.

 

මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය(EPROM)

පඨන මාත්‍ර මතකය (ROM )හා ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (PROM ) යන මතක යන්හී යම් යම් සීමාවන් පවතී. එනම් මේවා මිලෙන් අඩු වුවද නැවත නැවත කේතනය කල නොහැකි වීමයි.මේ වෙනුවට නැවත නැවත කේතනය කල හැකි චිපයක් වන EPROM (Erasable Programmable Read Only Memory) හදුන්වා දී අැත. මෙම මතකයේ අැති දත්ත පාරජබූල කිරණ භාවිතයෙන් විශේෂ මෙවලමකින් මැකිය හැකි අතර, ඉන්පසුව මතකය නැවත ලිවිය හැකි තත්වයට පත්වේ.මෙහීදී චිපයේ අැති සියලුම දත්ත මකා දැමීම සිදුවේ.

විද්‍යුතයෙන් මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය(EEPROM)

මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (EPROM) භාවිතයේදී ඒ සඳහා වෙන් වුනු උපකරණයක් භාවිතා කිරීමට සිදුවීමත්,පහසුවෙන් කර ගැනීමේ හැකියාවක් නොමැති වීමත් නිසා, විද්‍යුතයෙන් මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය – EEPROM නිපදවන ලදී.මෙමගින්, නැවත ලිවීමේදී චිපය සවිකර අැති තැනින් ඉවත් කිරීමට අවශ්‍ය නොවීම,සම්පූර්ණ චිපය මකා නොදමා අවශ්‍ය කොටස පමණක් මකා දැමීමට හැකි වීම හා මැකීම සඳහා විශේෂ මෙවලමක් අවශ්‍ය නොවීම වැනි වාසි අත්වේ.

සැනෙලි මතකය (Flash Memory)

මැකිය හැකි ප්‍රක්‍රමික පඨන මාත්‍ර මතකය (EPROM )හී අවාසි සහගත තත්වයක් වන්නේ, නැවත ලිවීමේදී ලිවිය හැක්කේ බයිටයක (1 Byte)  ප්‍රමාණයක් වීමයි.මෙය සිදු වන්නේ ඉතා සෙමිනි.මෙහිදී කුඩා ප්‍රමාණයේ දත්ත ප්‍රමාණයක් ලිවීමට වුවද කාලය විශාල වශයෙන් වැයවේ. මෙය අවාසි සහගත තත්වයකි.මීට විසදුමක් ලෙස සැනෙලි චිප නිපදවන ලදී.මෙම වර්ගයේ චිප වල දත්ත නැවත ලිවීමේදී එක වර විශාල කොටස් වශයෙන් ලිවිය හැක.ඉතා වේගවත්ව ලිවීමට හැකිවන අතර ඒ සඳහා විශේෂිත උපකරණයක් අවශ්‍ය නොවේ.

මීළඟට අපි පරිගණකයේ ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය වන හා ස්තිරාන්ගයක් වන මුලික ආදාන ප්‍රතිධාන පධතිය (Basic Input Output System- BIOS) පිළිබඳව විමසමු.

මුලික ආදාන ප්‍රතිධාන පධතිය(Basic Input Output System- BIOS )

Bios Chip and Battery

Bios Chip and Battery

මෙය පරිගනකය බලගැනන්වීමේ ස්තිරාන්ගය ලෙස හදුන්වා දෙනු ලබනවා.පරිගණකය ක්‍රියාත්මක කිරීම උදෙසා විදුලිය ලබා දුන් සැනින් කිසියම වැඩසටහනක් ක්‍රියාත්මක වන අයුරු ඔබ නිතර දකිනවා ඇති. මෙලෙස ක්‍රියාත්මක වන පළමු වැඩසටහන පරිගනකය බලගැන්වීමේ ස්තිරාන්ගය ලෙස හදුන්වා දෙනු ලබනවා. මෙය ගබඩා වී පවතිනුයේ CMOS ලෙස හදුන්වන චිපයක් තුල වේ. මෙම චිපය ප්‍රධාන පුවරුවට සම්බන්ධ කරහුයේ එය නිෂ්පාදනය කරන අවදියේම වේ. මෙම ස්තිරාන්ගය මගින් පහත මුලික කාර්යභාර්යන් ඉටුකරනු ලැබේ.

 

  1.   පරිගණක පද්ධතියේ දෘඩතැටිය(Hard Disk), යතුරු පුවරුව (Key board), මුසිකය (Mouse) හා අනෙකුත් ආදාන හා ප්‍රතිධාන උපංග හඳුනාගැනීම.
  2.   ඒවා පරික්ෂා කර බැලීම සහ මුලාරාම්භයක් ලබා දීම.
  3.   පද්ධතියේ දෘඩාංග පද්ධතියට අනුකුල වන සේ සැකසීම. මේ සඳහා දෘඩාංග වලට ධාවක මෘදුකාංග(drivers) ඇතුලත් කොට ඒවායේ පාලනය මෙහෙයුම් පද්ධතියට (Operating System)ලබාදී ඇත. මෙම කියාවලිය අපි බල ගැන්වීම (Booting) ලෙස සාමාන්‍ය ව්‍ය්වරයේදී හදුන්වනු ලැබේ.

එසේ නම් අපි මෙහි ස්ථිර මතකයක් ඇති CMOS චිපය පිළිබඳව සොයා බලමු.

අනුපූරක ලෝහ ඔක්සයිඩ අර්ධ සන්නායක චිපය (Complementary Metal Oxide Semi-conductor – CMOS Chip )

මෙය අපිට පරිගණකයේ මවු පුවරුවේ(mother board) සවිකර ඇති කුඩා චිපයක් ලෙස දැකගත හැක. මේ තුල පරිගණක පද්ධතියේ දිනය , වෙලාව සහ අනෙකුත් මුලික කට්ටල් උපාංග(System settings) ගබඩා වී පවතී. මෙම චිපය සදහා අවශ්‍ය වනුයේ කුඩා බලයකි. මෙම බලය කුඩා ලිතියම් බැටරියක් මගින් ලබා දේ. එය CMOS බැටරිය ලෙස හදුන්වා දේ. මෙහි ආයු කාලය ආසන්න වශයෙන් වසර 10 පමණ වන අතර එය පරිගනකයේ භාවිතය සහ වටපිටාව මත රඳා පවතී.

ද්විතියික ආචයණයන් (Secondary Storage)

නශය නොවන මතක වර්ගයට ගැනෙන අනෙක් මතක ලෙස ද්විතීක මතකය (secondary storage) හැදින්විය හැක.මේවා විවිධ ස්වරූප වලින් දක්නට ඇති අතර ඉන් සමහරක් පහත දැක්වේ.

  1.      චුම්බකිත පටි- Magnetic tapes
  2.      දෘඪ තැටි- Hard disks
  3.      ප්‍රකාශ තැටි- Opticla disks
චුම්බකිත පටි(Magnetic tapes)

චුම්බක පටිගත කිරීම සදහා මාධ්‍යය වන්නේ චුම්බකිත පටිය වේ.සිහින් ඝනකමකින් යුතු පටු එමෙන්ම දිගු ප්ලාස්ටික් පටියක් චුම්බකනය කිරීම මගින් මෙම චුම්බක පටි තනා ඇත. බොහෝ ශ්‍රව්‍ය දෘශ්‍ය දත්ත මෙන්ම පරිඝනක දත්ත ගබඩාකර තැබීම සදහා මේවා යොදා ගනු ලැබේ. මුලින්ම මෙම චුම්බකිත පටි නිපදවන ලද්දේ ජ්ර්මනියේය. මෙම පටි ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම් සහ පිලිවැයිම්(play back) කරනු ලබන විවිධ උපාංගවල භාවිත කෙරේ. උදාහරණ ලෙස ටේප් රෙකෝඩරය සහ වීඩියෝ රෙකෝඩරය යනාදිය දැක්විය හැක. පරිඝනක දත්ත ගබඩා කිරීම සදහා ද මෙම පටි යොදා ගැනෙන අතර මෙම පටි ධාවකය ටේප් ඩ්‍රයිව් ලෙස හදුන්වනු ලැබේ.මුල් යුගයේ පරිඝනකවල ද්විතීක ගබඩාව ලෙස බහුලව බාවිත කලේ මෙම පටි වන අතර විශාල ධාරිතාවකින් යුත් මෙම පටි උපස්ථ(backup) ලෙස බාවිත කිරීම සහ විශාල දත්ත ප්‍රමාණයන් ගබඩා කිරීමේදී ද දැනටත් බාවිතා කෙරේ.

දෘඪ තැටි(Hard disk)

පරිඝනකවල ප්‍රධාන ගබඩාව ලෙස බාවිතා කරනු ලබන්නේ මෙම දෘඪ තැටිය.සංඛ්‍යාංක දත්ත ගබඩා කර ඇති චුම්බකනය කළ හැකි මුහුණත් වලින් යුත් වේගයෙන් කරකැවෙන දෘඪ තැටි කිහිපයකින් සමන්විත දෘඪ තැටි ධාවකයක් නුතන පරිඝනකවල දක්නට ලැබේ.මේවා විවිධ ධාරිතා වලින් ලබා ගත හැකි අතර චුම්බක පටි වලට වඩා විශාල වේගයකින් දත්ත හුවමාරු කළ හැකි මෙම තැටි නවීන පරිඝනකවල දක්නට ඇති අත්‍යාවශ්‍ය අංගයකි.

 

ප්‍රකාශ තැටි(Optical disks)

මේවා පැතලි වෘත්තාකාර තැටි විශේෂයකි.මෙහි සංඛ්‍යාංක දත්ත තැන්පත් කිරීමේ දී එම තැටියේ ඇති කුඩා වලවල් (pits) සහ මතුපිටවල් පාදක කර ගනිමින් සංඛ්‍යාංක 0 සහ 1 කියවීමේ තාක්ෂණික ක්‍රමයක් යොදා ගෙන ඇත.මෙම දත්ත කියවනු ලබන්නේ ලේසර් කිරණ ආධාරයෙනි.එමෙන්ම මෙම තැටියේ දත්ත ගබඩා වන්නේ ලේසර් මගින් හෝ යාන්ත්‍රික මුද්‍රා මගිනි. සාමාන්‍යයෙන් මෙම තැටි සංගත තැටි (compact disk-CD-R) ලෙස හදුන්වන අතර මේවයේ එක්වරක් පමණක් දත්ත ලිවිය හැක.නැවත නැවතත් දත්ත ලිවිම සදහා CD-RW(rewritable) වර්ගයේ සංගත තැටි බවිත කරනු ලැබේ.මේවයේ බොහෝවිට පරිඝනක දත්ත ගබඩා කරනු ලබන අතර ශ්‍රව්‍ය දෘශ්‍ය දත්තයන්ද ගබඩා කළ හැකිය.

මේ අනුව පරිගනකයේ මතක උපංග පිලිබඳ ලිපිය අවසන් වෙන්ව. මෙය ඔබට ඔබගේ පාඩම් වදකටුතු වලට බෙහෙවින් උපකාරී වේ යයි අපි බලපොරොතු වෙමු. මෙම ලිපියේ සඳහන් පරිගණක මතකයට අදාළ වැදගත් කරුණු කිහිපයක් පහත වගුවේ සාරාංශ කොට දක්වා ඇත.

 

 

ගුණාංගය

මතක උපාංගය

නශ්‍ය  මතකය

නශ්‍ය නොවන මතකය

රෙජිස්තර මතකය (Register)

සංචිත මතකය (Cache memory)

සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)

පඨන මාත්‍ර මතකය (ROM)

ද්විතියික ආචයණයන්

(Secondary Storage)

දත්ත ඝනත්වය (Density)

අඩුම ඝනත්වය ඇත

රෙජිස්තර මතකයට වඩා වැඩි වේ.

සංචිත මතකයට වඩා වැඩිවේ

ඉහළ ඝනත්වයක් ඇත.

ඉහලම ඝනත්වය ඇත

ධාරිතාව (capacity)

අඩුම ධාරිතාව ඇත

රෙජිස්තර මතකයට වඩා වැඩි වේ

සංචිත මතකයට වඩා වැඩිවේ

ඉහළ ධාරිතාවක් ඇත

ඉහලම ධාරිතාවක් ඇත

ප්‍රවේශ ක්‍රමය (access method)

සංඝටක ප්‍රවේශ ක්‍රමය(associative access )

සංඝටක ප්‍රවේශ ක්‍රමය(associative access )

සසම්භාවී ප්‍රවේශ ක්‍රමය(random access)

සසම්භාවී ප්‍රවේශ ක්‍රමය(random access)

සුචිගත අනුක්‍රමික ප්‍රවේශය (sequential access) හෝ සෘජු ප්‍රවේශය (direct access)

ප්‍රවේශ කාලය (access time)

අඩුම කාලය හිමි වේ. එත වේගවත්

රෙජිස්තර මතකයට වඩා කාලය වැඩි වේ. RAM එකට වඩා වේගවත් වේ.

සංචිත මතකයට වඩා කාලය වැඩි වේ.

කාලය වැඩි වේ.

අඩු වේගයක් හිමි වේ.

සාපේක්ෂව අඩුම වේගයක් හිමි සහ ප්‍රවේශ කාලය වැඩි වේ.

මිල (cost)

මිල අදිකම මතකය

රෙජිස්තර මතකයට වඩා මිල අඩුවේ

සංචිත මතකයට වැඩ මිල අඩු වේ

නශ්‍ය මතකයට වඩා මිල අඩු වේ

මිල අඩුම මතක වර්ගයකි

රචනය :  නදී පූර්ණිමා – නශ්‍ය  මතකය

                සුවිනි ජයතිලක – නශ්‍ය නොවන මතකය/ පඨන මාත්‍ර මතකය

                Sharmila Iqbal – නශ්‍ය නොවන මතකය/ ද්විතියික ආචයණයන්

සංස්කරණය : අසිකා සුමුදුනි. ඉෂානි රණතුංග.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *