Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

5.3. පරිගණකවල පරිසාධනය වැඩි දියුණු කිරීම සඳහා මතකය සංවිධානය කිරීම. (Memory in order to improve performance of computers.)

පරිගණක ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමට එහි මතකයේ බලපෑම (Memory in order to improve performance of computers.)

මිනිසාගේ ක්‍රියාකාරීත්වය සඳහා  එම පුද්ගලයා සතු මතකය බලපානු ලබන්නා සේම පරිගකයේ ක්‍රියාකාරීත්වය සඳහා ද එහි මතකය වැදගත් වේ.පරිගණක පද්ධති මතකයන්  කොටස් දෙකකි. එනම් භෞතික මතකය හා අතාත්ය මතකය  (Virtual Memory)  වශයෙනි. පරිගණකයක ඇති භෞතික මතකය(Physical Memory) වනුයේ සසම්භාවී ප්‍රවේශ මතකය (Random Access Memory) වේ . පද්ධති මතකය දෘඩ ඩිස්කය(Hard Disk) මෙන් නෂ්‍ය නොවන මතකයක්(Non Volatile Memory) නොවන අතර එයට පරිගණකය ක්‍රියා විරහිත කළ විට දත්ත ගබඩා කර ගැනීමේ හැකියාවක් නොමැත.

පරිගණකයක  ක්‍රමලේඛනයක්(Program) ආරම්භ කළ  විට  පරිගණකයේ සකසනය(Processor) මගින් එහි දෘඩ ඩිස්කය වෙත අදාළ ක්‍රමලේඛනය ග්‍රහනය කරගන්නා ලෙසට විධානයක් නිකුත් කරනු ලබයි. ක්‍රමලේඛනයෙහි අඩංගු ලිපි ගොනු ලැබුණු පසු අදාළ දත්ත මෙහෙයවීමට මෙන් ම පරිශීලකයාට එම දත්ත හා මුහුවීමට පරිගණකයට ඉඩ(Workspace) අවශ්‍ය වේ. මේ සදහා අවශ්‍ය  කරන ඉඩ ලබා දෙනුයේ පරිගණකයේ ඇති සසම්භාවී ප්‍රවේශ මතකය (Random Access Memory) මගින් . මෙහිදී පරිගණකය මගින් අදාල ක්‍රමලේඛනය තාවකාලිකව සසම්භාවී ප්‍රවේශ මතකයේ තැන්පත් කරනු ලබයි. එයට  හේතු  වනුයේ පරිශීලකයා එම ක්‍රමලේඛනයේ වැඩ කරන අතරතුර පරිගණකයේ සකසනයට ඉතා ඉක්මනින් සහ පහසුවෙන් අදාළ දත්ත හා ප්‍රවේශ වීමට හැකියාව ලැබීම යි. මේ නිසා සසම්භාවී ප්‍රවේශ මතකයක (Random Access Memory) ඇති  මතක ධාරිතාවය (memory capacity) පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් වීම සඳහා සෘජුව  බලපානු ලැබේ.

පරිගණකයක ක්‍රියාකාරීත්වය  සඳහා බලපාන සසම්භාවී ප්‍රවේශ මතකය (Random Access Memory) සතු ප්‍රධාන ලක්ෂණ 2ක්  ඇත. එනම්,      

  1. පරිගණකයේ සසම්භාවී මතකයේ ධාරිතාවය (Capacity of Random Access Memory)
  2. පරිගණකයේ සසම්භාවී මතකයේ වේගය (speed of Random Access Memory)

පරිගණකයක සසම්භාවී මතක ධාරිතාව සහ පරිගණකයේ ක්‍රියාකාරීත්වය,  අනුලෝම වශයෙන් සමානුපාතික වේ. එනම් පරිගණකයේ සසම්භාවී මතක ධාරිතාවය වැඩි වත්ම පරිගණකයේ  ක්‍රියාකාරී වේගය ද වැඩි වේ.

ඇතැම් විට ඔබේ පරිගණකයේ ක්‍රියාකාරිත්වය සෙමින් සිදු වේ නම් එයට මූලික හේතුව වනුයේ පරිගණකයේ සසම්භාවී මතකයේ ධාරිතාවය අඩු විමයි. එවැනි ගැටලුවක දී ගත හැකි  ප්‍රධාන ක්‍රියාමාර්ග 2ක් ඇත. එනම්,

  1. පරිගණකයේ අතාත් මතක (Virtual Memory) ධාරිතාවය වැඩි කිරීම.
  2. පරිගණකයේ සසම්භාවී මතක (Random Access Memory) ධාරිතාවය වැඩි වන ලෙස අතිරේක සසම්භාවී මතකයක් එකතු කිරීම.

පරිගණකයේ අතාත් මතක ධාරිතාව වැඩි කිරීම වඩා ලාභදායි ක්‍රමවේදයක් වුව ද මෙහි සාර්ථකත්වය සාපේක්ෂව අඩු වේ. එම නිසා මේ සඳහා ගත හැකි හොදම විසඳුම වනුයේ අතිරේක සසම්භාවී මතකයක්(additional Random Access Memory) පරිගණකයට එකතු කිරීමයි.එවිට පරිගණකයේ සකසනයට (processor) ඉතා වේගයෙන්  සසම්භාවී මතකය තුළින් දත්ත ලබා ගැනීමට හැකියාව ලැබේ.  එය දෘඩ ඩිස්කය (hard Disk) තුළින් දත්ත ලබා ගැනීමට වඩා වේගවත් වේ.  එමගින් පරිගණකයේ ක්‍රියාකාරිත්වය වඩා වේගවත් වේ.

පරිගණකයක සසම්භාවී මතක වේගය ( speed of Random access Memory) යනු සසම්භාවී මතකයට පරිගණකයේ සකසනය මගින් ඉල්ලීමක් (request) ලබාගෙන දත්ත කියවීමට (read) හෝ ලිවීමට (write) ගත වන කාලය යි. පරිගණකයක වේගවත් සසම්භාවී ප්‍රවේශ මතකයක් ඇති විට එමගින් වඩා වේගවත්ව පරිගණකයේ ඇති අනෙකුත් උපාංග හා තොරතුරු හුවමාරු කරගැනීමට හැකියාව ලැබේ.  පරිගණකයක ක්‍රියාකාරිත්වය වේගවත් කිරීමට නම් වේගවත් සසම්භාවී මතකයක් තිබීම ඉතා වැදගත් වේ.

සසම්භාවී මතකයක වේගය මනිනු ලබන්නේ මෙගා හර්ට්ස් (Mhz) නම් ඒකකය මගිනි.  එනම් තත්පරයකට සම්පුර්ණ කරන චක්‍ර මිලියන ප්‍රමාණය වේ . (Millions of cycles per second).

පරිගණකයක ක්‍රියාකාරිත්වය වේගවත් කිරීම සඳහා අතිරේක සසම්භාවී  ප්‍රවේශ මතකයක් එකතු කිරීමට ඔබ සිතන්නේ නම් පළමුව ඔබේ පරිගණකය සතු සසම්භාවී ප්‍රවේශ මතකයේ ධාරිතාවය (capacity of Random Access Memory) සොයා ගත යුතු ය. එමෙන් ම ඔබේ පරිගණකයේ සකසනය (processor) භාවිතා කරනු ලබන්නේ 32-bit රෙජිස්තරය(Register) ක් ද නැතහොත් 64-bit රෙජිස්තරයක් ද යන්න සොයා ගත යුතු වේ. එයට හේතුව වනුයේ මෙම රෙජිස්තර ඔබේ පරිගණකයේ පද්ධතිය ආධාර කරන මතක ප්‍රමාණය තීරණය කරනු ලැබීමයි.

උදාහරණයක් ලෙස වින්ඩෝස්(Windows) 32-bit මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන උපරිම සසම්භාවී ප්‍රවේශ මතක ධාරිතාව වනුයේ 4GB . එම නිසා එවැනි මෙහෙයුම් පද්ධතියකට අතිරේක සසම්භාවී ප්‍රවේශ මතකයක් එකතු කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවන අතර එමගින්  එහි ක්‍රියාවලිය වේගවත් කර ගත නොහැක. නමුත් වින්ඩෝස් 64-bit මෙහෙයුම් පද්ධතියක් වින්ඩෝස් 32-bit මෙහෙයුම් පද්ධතියකට වඩා වේගවත් හා කාර්යක්ෂම වන අතර එයට 8GB හෝ ඊට වැඩි සසම්භාවී මතක ධාරිතාවක් භාවිතා කළ හැක. එම නිසා එවැනි මෙහෙයුම් පද්ධතියකට අතිරේක සසම්භාවී මතකයක් එකතු කිරීමෙන් එහි ක්‍රියාවලිය සැලකිය යුතු මට්ටමකින් වේගවත් කර ගත හැක.

රචනය : සචිනි චතුරිකා ගනිඅච්චි.

සංස්කරණය : අසිකා සුමුදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *