Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

11.9 පද්ධතියක වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ අවධි (Implementation Phases of the system development life cycle)

SSADM Implementation

පද්ධතියක වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ අවධි (Implementation Phases of the system development life cycle)

පද්ධතියක් වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ අවධි (Phases of the system development life cycle) පියවරෙන් පියවරට සිදුවන ක්‍රියාවලියකි. මෙහි මුලික පියවර පිලිබඳ ඔබ මේ වන විටත් දැනුම්වත් වී අවසානයි. 

පද්ධතියක වැඩිදියුණු කිරීමේ ජීවන චක්‍රයේ, පද්ධතිය වැඩිදියුණු කිරීමෙන් පසු අවදියේදී සිදුවන්නේ පද්ධතිය, එය භාවිතා කරන පරිසරයේදී (real environment)ක්‍රියාත්මක කිරීමයි.මෙය තරමක අවදානම් සහිත ක්‍රියාවලියකි.මන්ද යත් මෙහිදී සිදුවන්නේ පද්ධතිය පරික්ෂා කිරීමෙන් පසුව එහි ගණුදෙනුකරුවා සමග සෘජුවම ගණුදෙනු කිරීමයි. මෙහිදී පද්ධතිය පරික්ෂා කිරීමෙන් අනතුරුව පද්ධතිය විසින් දක්වන ප්‍රතික්‍රියා(responses) ඇගයීම (assessment) කල හැකි වීමයි.

මෙම පාඩම තුලින් අප බලාපොරොත්තු වන්නේ වැඩිදියුණු කරන ලද පද්ධති ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්න පිළිබදව සාකච්ජා කිරීමටයි. මේ සඳහා මුලික වශයෙන් යොදා ගන්නා ක්‍රියාත්මක කිරීමේ ක්‍රම 04 ක් පවතී.ඒවා නම්

  • සෘජු (Direct)
  • සමාන්තර (Parallel)
  • නියාමක (Pilot)
  • අවධිය (Phase)

වැඩිදියුණු කරන ලද පද්ධති ඒවා  ක්‍රියාත්මක කරන පරිසරය අනුව ඉහත යොදාගන්නා ක්‍රම එකිනෙකට වෙනස් වේ.

අපි එකිනෙක පිළිබදව සොයා බලමු.

සෘජු ක්‍රමය (Direct)

මෙහිදී සිදුවන්නේ පැරණි පද්ධතිය, නව පද්ධතිය මගින් ප්‍රතිස්ථාපනය කිරීමයි. සරල ක්‍රියාවලියක් සහිත කුඩා සංවිධාන සදහා මෙය වඩා සුදුසුය. පද්ධතිය ප්‍රතිස්ථාපනය කල විගසම ක්‍රියාත්මක කිරීමට  සංක්‍රමණ කාලයක් (transition time)නොමැත. තවද පැරණි හා නව පද්ධති යන දෙකම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍ය තාවයක් ද නොමැත.මෙම ක්‍රමය අනිකුත් ක්‍රම වලට වඩා ලාබදායක වේ.තවද නව පද්ධතිය මගින් ඉක්මන් වාසි අත්කර ගැනීමේ හැකියාව පවතී.නමුත් පැරණි පද්ධතිය, නව පද්ධතිය මගින් ප්‍රතිස්ථාපනය කිරීමට පෙර, පළමුව නව පද්ධතිය හොදින් පරික්ෂාවට ලක් කිරීම හා අදාළ සංවිධානය මගින්  හොදින් පුහුණු කාර්ය මණ්ඩලයක් ඒ වෙනුවෙන් පත් කිරීමද කල යුතුය.

සමාන්තර ක්‍රමය (Parallel)

සමාන්තර ක්‍රමයේදී සිදුවන්නේ පැරණි පද්ධතිය හා නව පද්ධතිය යන පද්ධති දෙකම සමාන්තරව ක්‍රියාත්මක කිරීමයි.මෙහිදී පැරණි පද්ධතිය සම්පුර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමක් සිදු නොකරයි.මෙම ක්‍රමය වඩාත් සුදුසු වන්නේ පද්ධතිය ක්‍රියාත්මක වන අතරම  අදාළ කාර්ය මණ්ඩලයද  පුහුණු වෙමින් සිටින විටය.සෘජු ක්‍රමයේදී මෙන් නොව මෙහිදී නව පද්ධතිය අසමත් වුවහොත් සංවිධානයේ ක්‍රියාවලිය නොනවතී.මන්ද යත් පැරණි පද්ධතිය තවදුරටත් ක්‍රියාත්මක වන බැවිනි.මෙහිදී පද්ධති දෙකක් ක්‍රියාත්මක වන බැවින් එකම ක්‍රියාවලිය දෙවරක් සිදු වේ. එ බැවින් අධික වියදමක් සහ අනවශ්‍ය කාලය වැයවීමක් සිදුවේ.

නියාමන ක්‍රමය (Pilot)

නියාමක ක්‍රමයේදී,සංවිධානය දෙපාර්තමේන්තු රැසක එකතුවක් ලෙස සැලකේ.එවිට නව පද්ධතිය එක් දෙපාර්තමේන්තුවකට හදුන්වා දෙන අතර එම කාලය අතරතුර දීම තවත් දෙපාර්තමේන්තුවක පැරණි පද්ධතිය ක්‍රියාත්මක කෙරේ.මෙහිදී නව පද්ධතියේ යම් ගැටළුවක් ඇතිවුව හොත් පැරණි  පද්ධතිය පහසුවෙන් නැවතත් හදුන්වා දිය හැකිය.නව පද්ධතිය එක් දෙපාර්තමේන්තුවකට හදුන්වා දීමෙන් පසුව, එය වෙනත් දෙපාර්තමේන්තුවක් සදහා හදුන්වා දීමට පෙර එහි සම්පුර්ණ ක්‍රියාකාරිත්වය තහවුරු කර ගත යුතුය. දෙපාර්තමේන්තු රැසක් ඇති විශාල සංවිධාන සදහා මෙම ක්‍රමය වඩාත් සුදුසු වේ.

අවධි ක්රමය (Phase)

අවධි ක්‍රමයේදී නව පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ කොටස් වශයෙන්ය.උදාහරණයක් ලෙස ගතහොත් පද්ධතියෙහි දත්ත ගබඩාව(database) එක් කොටසක් ලෙස සලකා නව පද්ධතිය ක්‍රියාත්මක කළ හැකිය. සෑම කොටසක්ම මුලික වශයෙන් හදුන්වා දෙනු ලබන්නේ අත්හදා බැලීම් ලෙසය.එම කොටස සාර්ථක ලෙස ක්‍රියා කළහොත්, පද්ධතියේ අනිකුත් කොටස් ක්‍රියාත්මක කරන්නේ අනුක්‍රමයෙනි. මෙම ක්‍රමය අනුමත කරනු ලබන්නේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සදහා සහ පද්ධතියේ විශ්වාස වන්ත භාවය සමගින් ප්‍රයෝජනයක් ලබා ගැනීම සදහාය.මෙම ක්‍රමය incremental development  වැනිය. පද්ධතිය ක්‍රියාත්මක කිරීමේදී ඉහල අවිනිශ්චිතතාවක් ඇතිනම් මෙම ක්‍රමය වඩාත් සුදුසු වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *