අ.පො.ස. (උසස් පෙළ)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂය මාලාව



1. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මූලික සංකල්ප, වර්තමාන දැනුම් මූලික සමාජය තුළ යොදා ගන්නා ආකාරය, එහි භූමිකාව හා උචිත උපයෝගීතාව.

1.1.1 තොරතුරු වල මූලික තැනුම් ඒකක හා ගති ලක්ෂණ.

1.1.2 තොරතුරු වල මූලික තැනුම් ඒකක හා ගති ලක්ෂණ.

1.2 දත්ත හා තොරතුරු නිර්මාණය, බෙදාහැරීම සහ කළමනාකරණය සඳහා තාක්ෂණයේ අවශ්‍යතාව.

1.3 තොරතුරුවල වියුක්ත ආකෘතියක් ගොඩනගා ගැනීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සමග එහි අනුකූලතාව.

1.4 පරිගණක පද්ධතියක මූලික සංරචක වර්ගීකරණය.

1.5 දත්ත සැකසුම් ජීවන චක්‍රයේ ක්‍රියාකාරකම් විශ්ලේෂණය.

1.6 ආයතනයන්හි විවිධ යෙදුම් ක්ෂේත්‍රවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය විමර්ශනය.

1.7 සමාජය කෙරෙහි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ බලපෑම.

2. නූතන පරිගණකවල කාර්යසාධනය විස්තර කොට සසඳා බලමින් පරිගණක පරිණාමය ගවේෂණය කිරීම.

2.1 සකසනයේ පරිණාමයට අදාළ ව පරිගණකයේ සිදු වූ සුවිශේෂී වෙනස්කම් පරම්පරා අනුව මතු කර දැක්වීම.

2.2 දෘඪාංග හා අතුරුමුහුණත් වල පරිණාමය ආශ්‍රිතව පරිගණකයේ ඵලදායී ක්‍රියාකාරිත්වය විමසා බැලීම.

2.3 පරිගණක ආකෘතියේ (නිර්මිතයේ) පරිණාමය ගවේෂණය කිරීම.

3. පරිගණකයෙහි දත්ත නිරූපනය කරන ආකාරය සහ ඒවා ගණිතමය සහ තාර්කික මෙහෙයුම් සඳහා යොදා ගන්නා ආකාරය විමර්ශනය කිරීම.

3.1. පරිගණකයක සංඛ්‍යාංක දත්ත (Numeric data) නිරූපනය කරන ආකාරය විශ්ලේෂණය කිරීම.

3.2. පරිගණකයෙහි අක්ෂර, සංඛ්‍යාංක සහ සංකේත නිරූපණය කරන ආකාරය විශ්ලේෂණය කිරීම.

3.3. ද්විමය, අෂ්ටක හා ෂඩ් දශමක සංඛ්‍යාවල මූලික අංක ගණිතමය සහ තාර්කික මෙහෙයුම් භාවිත කිරීම.

3.4. පරිගණකයෙහි ලකුණු වත් සංඛ්‍යා නිරූපණය කරන ආකාරය විශ්ලේෂණය කරල ඉපිලෙන ලක්ෂ්‍යය සහිත සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා සම්මත ක්‍රම භාවිත කිරීම.

4. මූලික අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය සඳහා තර්ක ද්වාර භාවිත කිරීම.

4.1. මූලික තර්ක ද්වාර වලට ම ආවේණික ක්‍රියාකාරීත්වයන් අනුව ඒවා විශ්ලේෂණය කිරීම.

4.2.බූලීය (Boolean) වීජ ගණිතමය නීති සහ කානෝ සිතියම් (Karnaugh Maps) ක්‍රමය යොදා ගනිමින් තාර්කික ප්‍රකාශන සුළු කිරීම.

4.3. තාර්කික ද්වාර භාවිතයෙන් සරල අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය කිරීම.

5. පරිගණකයක පරිසාධනය වැඩි දියුණු කිරීමට මතක කළමනාකරණය භාවිත කිරීම.

5.1. විවිධ වර්ගයේ මතකයන් සහ ඒවායේ ප්‍රධාන ලක්ෂණ හඳුනා ගැනීමට පරිගණක මතක පද්ධතිය පරීක්ෂා කිරීම.

5.2. විවිධ වර්ගවල මතකයන් ප්‍රභේදනය කිරීම.

5.3. පරිගණකවල පරිසාධනය වැඩි දියුණු කිරීම සඳහා මතකය සංවිධානය කිරීම.

6. පරිගණකවල සමස්ත ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මෙහෙයුම් පද්ධති භාවිත කිරීම.

6.1. පරිගණක මෙහෙයුම් පද්ධතිය (Operating System) අර්ථ දක්වා පරිගණක පද්ධතියක් තුල එහි අවශ්‍යතාව විමර්ශනය කිරීම.

6.2.මෙහෙයුම් පද්ධතියක් තුල ඇති ගොනු නාමාවලිය (Directory) හා ගොනු (Files) කළමනාකරණය කරන ආකාරය ගවේෂණය කිරීම.

6.3.මෙහෙයුම් පද්ධතිය පරිගණකයක් තුල ක්‍රියාත්මක වන වැඩසටහනක අනු ඛණ්ඩ (Processes) කළමනාකරණය කරන ආකාරය.

6.4. මෙහෙයුම් පද්ධතියක් මගින් පරිගණකයක මතකය සහ ආදාන /ප්‍රතිදාන මෙහෙයුම් කළමනාකරණය කරන අයුරු ගවේෂණය කිරීම.

7. ගැට‍ළු විසඳීමේ ක්‍රියාවලියේ දී පරිගණකයට උපදෙස් ලබා දීම සඳහා පරිගණක ක්‍රමලේඛ භාෂා (Programming Languages) යොදා ගැනීම.

7.1. ගැට‍ළු විසඳීමේ ක්‍රියාවලිය (Problem Solving Process) භාවිතා කිරීම.

7.2. ගැට‍ළු විසඳීම සඳහා මුදුන් – බිම් (Top-Down) පියවරාකාර පිරිපහදු ක්‍රමවේදය (Stepwise Refinement) යොදා ගැනීම.

7.3.1. ගැට‍ළු විසඳීම සඳහා ඇල්ගොරිතමික ප්‍රවේශය යොදා ගැනීම.

7.3.2. ගැලීම් සටහන් ඇඳීම – ආදර්ශ ප්‍රශ්න සහ පිළිතුරු.

7.4.ප්‍රභව කේත (Source Codes) යන්ත්‍ර කේත (Machine Codes) බවට හැරවීම සඳහා පරිවර්තක (Translators) යොදා ගැනීම.

7.5. සංගෘහිත සංවර්ධන පරිසරය (IDE) ගවේෂණය කර එහි මූලික ලක්ෂණ හඳුනා ගැනීම.

7.6. ක්‍රමලේඛ ලිවීමේ දී ක්‍රමලේඛ භාෂාවල ඇති මූලිකාංග යොදා ගැනීම.

7.7. ක්‍රමලේඛ ගොඩ නැගීමේ දී පාලන ව්‍යුහ (Control Structures) යොදා ගැනීම.

7.8. ක්‍රමලේඛනයේ දී ලේඛනාල (Libraries) සහ සේවා (Services) භාවිත කිරීම.

7.9. ක්‍රමලේඛනයේ දී කාර්ය බද්ධ ක්‍රියා පටිපාටි භාවිත කිරීම.

7.10.විවිධ යුගවල ක්‍රමලේඛ ක්‍රියාදාමයන් සසඳා වෙනස දක්වයි.

7.11. ක්‍රමලේඛනයේ දී මොඩියුල යොදා ගැනීම.

7.12. වස්තු නැඹුරු ක්‍රමලේඛනයේ මූලිකාංග ගවේශනය කිරීම.

7.13. ක්‍රමලේඛයන්හි දී දත්ත ව්‍යුහයන් යොදා ගැනීම.

7.14. ක්‍රමලේඛයන්හි දී ගොනු සහ දත්ත පාදක හසුර වීම.

7.15. ක්‍රමලේඛයන්හි හමු වන ව්‍යතිරේඛ අවස්ථා හසුර වීම.

7.16. දත්ත සෙවීම, තේරීම.

8. ඵලදායි ලෙස දත්ත හා හඬ සන්නිවේදනය සහ සම්පත් බෙදා ගැනීම සඳහා, දත්ත සන්නිවේදන හා පරිගණක ජාල තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතය ගවේශනය කිරීම.

8.1. තාර්කික උපාංග යොදා ගනිමින් දත්ත සන්නිවේදනය සඳහා වියුක්ත ආකෘතියක් ගොඩ නැගීම.

8.2. නූතන තාක්ෂණික ක්‍රමවේදයන්හි අවශ්‍යතාව තහවුරු කිරීම සඳහා සාම්ප්‍රදායික සහ නවීන සන්නිවේදන ක්‍රම සසඳා වෙනස දැක්වීම.

8.3. ඵලදායී සන්නිවේදනයක් සඳහා දත්ත සම්ප්‍රේෂණ ක්‍රමවේද විමර්ශනය කිරීම.

8.4. මාධ්‍ය බෙදා ගැනීම සඳහා බහු පථ තාක්‍ෂණයන් ගවේශනය කිරීම.

8.5. දත්ත සන්නිවේදනය සඳහා උචිත සම්ප්‍රේෂණ මාධ්‍ය තේරීම.

8.6. දත්ත සම්ප්‍රේෂණයෙහි කාර්යක්‍ෂම හා ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා සම්ප්‍රේෂණ බාධා පිළිබඳ ව විශ්ලේෂණය කිරීම.

8.7. පරිගණක ජාලවල ඇති වාසි අවාසි සැසඳීම.

8.8. විවිධ අවශ්‍යතාවයන් සහ පරිසර තත්වයන්ට උචිත පරිගණක ජාල වර්ග, ස්ථලක හා ආකෘති තේරීම.

8.9. පරිගණක ජාල සඳහා සැසඳුම් ආකෘතියක් ලෙස විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා (OSI) ස්තර නියමාවලි නිර්මිතය යොදා ගැනීම.

8.10. පරිගණක ජාල වල භාවිත වන මූලික උපාංග සහ නියමාවලි ගවේෂණය කිරීම.

8.11. සේවා දායක අනුග්‍රාහක ආගණනයන්හි මූලික නියමයන් ගවේෂණය කිරීම.

8.12. පරිගණක ජාලයන්හි භාවිත වන යොමු කිරීමේ පටිපාටි ගවේෂණය කිරීම.

8.13. අන්තර්ජාලයේ සහ විශ්ව විසිරි වියමනෙහි ද ඒවායේ සේවාවන්ගේ ද ව්‍යුහය හා තාක්‍ෂණය ගවේෂණය කිරීම.

8.14. පරිගණක ජාලවලට විය හැකි අනතුරු, තර්ජන සහ ආක්‍රමණ ගවේෂණය කිරීම.

8.15. සුරක්‍ෂිත සහ යහපත් ක්‍රියාකාරිත්වයක් තහවුරු කිරීම සඳහා ආක්‍රමණ වලින් ජාල සහ තොරතුරු ආරක්‍ෂා කර ගැනීම.

9. දත්ත කාර්යක්‍ෂම ලෙස හා ඵලදායි ලෙස කළමනාකරණය කිරීම සඳහා දත්ත පාදක පද්ධතිත් සැලසුම් කර ගොඩ නැගීම.

9.1.1. නොයෙකුත් වර්ගයේ දත්ත පාදක ආකෘතීන් ඒවායේ ලක්‍ෂණවලට අනුව සසඳා අසමානතා දැක්වීම.

9.1.2. නොයෙක් වර්ගයේ දත්ත සමුදාය ආකෘතීන් පිළිබඳ අධ්‍යයනය – 2 කොටස

9.2. සම්බන්ධක දත්ත පාදක ආකෘතිවල ප්‍රධාන උපාංග විදහා පෑම.

9.3. ඇමෙරිකානු ජාතික ප්‍රමිති ආයතනයේ පරිමාණක සැකසුම් නිර්මිතයේ (ANSI SPARC) මට්ටම් තුනේ නිර්මිතිය ගවේෂණය කර දත්ත පාදකයක අභ්‍යන්තර ක්‍රියාවලිය පරීක්ෂා කිරීම.

9.4. දත්ත පාදක පද්ධතියක ප්‍රධාන සංරචක විශ්ලේෂණය කිරීම.

9.5. දත්ත පාදක සැලසුම් කිරීම සහ ගොඩ නැගීම සඳහා දත්ත පාදක සැලසුම් ආකෘතිය විමර්ශනය කිරීම.

9.6. දත්ත පාදකයක සංකල්පීය පරිපාටික සටහන සැලසුම් කිරීම.

9.7. දත්ත පාදකයක තාර්කික පරිපාටික සටහන සැලසුම් කිරීම.

9.8. වස්තු සම්බන්ධතා අනුකෘතිය, තාර්කික පරිපාටික සටහන බවට පරිවර්තනය කිරීම.

9.9. කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සඳහා දත්ත පාදක පරිපාටික සටහන ප්‍රමතකරණය කිරීම.

9.10.1. දත්ත පාදකයක දත්ත නිර්මාණය කිරීම සහ කළමනාකරණය සඳහා ව්‍යුහගත විමසුම් භාෂාව (SQL) යොදා ගැනීම.

9.10.2. දත්ත පාලන භාෂාව (Data Control Language – DCL)

10. බහු මාධ්‍ය තාක්ෂණය උපයෝගී කර ගනිමින් වෙබ් අඩවි නිර්මාණය කිරීම.

10.1. වෙබ් අඩවි වල ඇති ව්‍යුහය හා අන්තර්ගතය හඳුනා ගැනීම සඳහා නොයෙකුත් වර්ග වල වෙබ් පිටු ගවේෂණය කිරීම.

10.2. වෙබ් පිටු සහ ඒවායේ අන්තර්ගතය සංවිධානය කිරීම සඳහා වෙබ් අඩවියක ව්‍යුහය හා සංයුතිය විශ්ලේෂණය කිරීම.

10.3. වෙබ් පිටු නිර්මාණය සඳහා HTML භාවිතා කිරීම.

10.4. වෙබ් පිටුවක් වැඩිදියුණු කිරීම සඳහා HTML භාෂාවේ ඇති දියුණු ලක්‍ෂණ භාවිතා කිරීම.

10.5. වෙබ් පිටු සංවර්ධනය සඳහා දෘශ්‍ය වෙබ් නිර්මාණ මෙවලම් භාවිතා කිරීම.

10.6. අන්තර් ක්‍රියාකාරී වෙබ් අඩවි සෑදීම සඳහා ක්‍රමලේඛ ලිවීම.

10.7. ගබඩා කර ඇති දත්ත හැසිරවීම සඳහා ක්‍රමලේඛයක දියුණු ලක්‍ෂණ භාවිතා කිරීම.

10.8. වෙබ් පිටු සංවර්ධනය සඳහා අර්ධ ව්‍යුහගත ක්‍රමලේඛ භාෂාවක (XML) මූලික ලක්ෂණ භාවිතා කිරීම.

10.9. වෙබ් අඩවියක් ප්‍රසිද්ධ කර නඩත්තු කිරීම.

11. තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමෙහි ලා පද්ධති සංකල්පය ගවේෂණය කර ආකෘති පද්ධති විශ්ලේෂණ සහ නිර්මාණ ක්‍රම වේදය භාවිත කිරීම.

11.1. පද්ධති ගති ලක්‍ෂණ ගවේෂණය කිරීම.

11.2. මිනිසා විසින් සාදන ලද විවිධ වර්ගවල පද්ධතීන්, ඒවායේ අරමුණු හා ක්‍රියාකාරිත්වය අනුව සංසන්දනය කර වෙන් කර දැක්වීම.

11.3. විවිධ තොරතුරු පද්ධති සංවර්ධන ආකෘති හා ක්‍රමවේද ගවේෂණය කිරීම.

11.4. ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ නිර්මාණ ක්‍රමවේදය (SSADM) පරීක්ෂා කිරීම

11.5. නව තොරතුරු පද්ධතියක අවශ්‍යතාව සහ එහි සාධ්‍යතාවය විමසා බැලීම.

11.6. පවත්නා පද්ධතිය විශ්ලේෂණය සඳහා පැහැදිලිව පෙනෙන ක්‍රම භාවිතා කිරීම.

11.7. යෝජිත පද්ධතිය නිර්මාණය කිරීම.

11.8. යෝජිත පද්ධතිය සංවර්ධනය කර පරීක්‍ෂා කිරීම.

11.9. සංවර්ධනය කළ පද්ධතිය ක්‍රියාවට නැංවීම.

12. තරඟකාරී වෙළඳ පොළ සහ ව්‍යාපාරික සංවිධානවලට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යෙදිය හැකි අයුරු ගවේෂණය කිරීම.

12.1. වෙළඳ ලෝකය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ භූමිකාව ගවේෂණය කිරීම.

12.2. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සහ ව්‍යාපාරික මෙහෙයුම් අතර ඇති සම්බන්ධතාව විශ්ලේෂණය කිරීම.

12.3. පාරිභෝගිකයාට වැඩිදියුණු කල නිෂ්පාදන සහ සේවාවන් නිපදවීම හා බෙදා හැරීම පිණිස තොරතුරු තාක්ෂණය යොදා ගැනීම විශ්ලේෂණය කිරීම.

13. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ නව නැඹුරුව සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම.

13.1. පරිගණනයේ නව නැඹුරුතා සහ අනාගත දිශානතිය ගවේෂණය කිරීම. – බුද්ධිමත් හා භාවාත්මක පරිගණනය

13.2. නියෝජිත තාක්ෂණයේ මූලධර්ම හා යෙදවුම් ගවේෂණය කිරීම.

13.3. පරිණාමවාදී පරිගණනයේ මූලධර්ම හා මහා පරිමාණයේ යෙදවුම් ගවේෂණය කිරීම.

13.4. සාර්වත්‍රික පරිගණන සංකල්පය ගවේෂණය කිරීම.

13.5. පවතින පරිගණන ආකෘති විශ්ලේෂණය කර නවලොවට ගැළපෙන ආකෘති යෝජනා කිරීම.

14. ව්‍යාපෘතියක් ලෙස සරල තොරතුරු පද්ධතියක් සැලසුම් කර ක්‍රියාවේ යෙදවීම.

14.1. තොරතුරු පද්ධතියක් සැලසුම් කිරීමේ ව්‍යාපෘති මෙහෙයවීම.

14.2. තොරතුරු පද්ධතිය ක්‍රියාත්මක කර ආදර්ශනය කිරීම.